රංජන් කස්තුරි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු යන විෂයන් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පවරා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (12) නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම පවරාදීම කර තිබේ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ අතර ඉකුත් දෙසැම්බර් 28 වැනි දා ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිත් ජනාධිපති සහ ආණ්ඩුව අතර සංහිඳියාව පලවන ලකුණු.
හරියට නිකම් අභිසාරිකාවෝ වගේ?
හා !! තවත් පුවතක් තිබුණා රාජ්‍ය මුද්‍රණාලයේ මොකක්දෝ වෘත්තිය ක්‍රියාමාර්ගයක් යනවයි කියලත්... "එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින්" කීවා වගේ හෙමින් ශේප් වෙන එක ඇඟට හොඳයි නේද?
මේක අර විද්‍යාත්මක ක්‍රමයට කරන වැඩක් වෙන්න ඇති.
සෑහෙන දුරට කල්පනා කොට ගත තීරණයක් වගෙයි පේන්නේ. ඒත්, මුද්‍රණ කටයුතු ඇතුලත් වෙන්නේ ජනමාධ්‍යය අංශයට බව උපදේශකවරුන් නොදන්නවා වගෙයි පේන්නේ. මේක අර විද්‍යාත්මක ක්‍රමයට ගත් පියවක් වෙන්න ඇති. ඔහොමම දිගටම යං
මේ වගේ මෝඩ විද්‍යාත්මක ක්‍රමයක් මේ තුන් ලෝකෙම නැතිව ඇති. 'රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ හා ප්‍රකාශන කටයුතු' ඉඩම් අමාත්‍යංශයට වැනි කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අමාත්‍යංශ විෂයකට ඇතුලත් කිරීමෙන්ම මේ රටේ තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක වීමේ අවුල කෙතරම්දැයි කිව හැක.
මස්කට් සහ බොල්ට් ඇණ වගෙ. කිසිම ගැලපීමක් නෑ. විද්‍යාත්මක පදනමක් නැතිව රට කරන එකෙ පල වීපාක අපි කවදා වෙනකම් ගෙවන්නද...
අමාත්‍යංශ ක්‍රියාත්මක වන ආකාරය ගැන අවබෝධ නැති කෙනෙක් වගේ. මෙය ඇමතිතුමා යටතට පත්වෙනවා මිස දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමක් නොව
හොර ඔප්පු ගහන්නද ?