IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැතිසබේ මැතිවරණ සභාවට උපදෙස් ගන්න විශේෂඥ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ ක්‍රමයේ සහ මැතිවරණ නීතියේ වෙනස්කම් සිදුකිරීමට උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

මේ අතර මැතිවරණ නීතියේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා සුළු පක්ෂ 10ක නියෝජිතයන් එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හෙට (28) කැඳවීමට නියමිතව ඇතැයි එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

පොදුවේ සුළු පක්ෂ 20ක පමණ නියෝජිතයන් එම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

වාචික විමසීම් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් කැදවෙන්නේ ඉන් අනතුරුව යැයි පැවසූ එම නිලධාරියා කාරක සභාව සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා පත් කෙරෙන නියෝජිතයන් පිළිබඳව දේශපාලන පක්ෂවලින් යෝජනා ලබා ගන්නා බවද ප්‍රකාශ කළේය.

විශේෂඥ කමිටුවට මැතිවරණ සම්බන්ධ විශේෂඥයන්ද පත්කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

මේ අතර මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ලිඛිතව ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය පසුගිය 15වැනිදායින් අවසන්විය.

මැතිවරණ සහ මැතිවරණ ව්‍යුහයේ නීති රීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.

මෙම කමිටුව පළමු වරට රැස්වූයේ ඉකුත් මැයි මස 17 වැනිදාය.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා මහාචාර්ය ජී එල් පීරිස්,ජනාධිපති නීතිඥ අලි සබ්රි,රාජ්‍ය ඇමැතිවරුන්වන ජීවන් තොන්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන්, එම් ඒ සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු කටයුතු කරති.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්,කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මියයි

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (3)

මැතිසබේ මැතිවරණ සභාවට උපදෙස් ගන්න විශේෂඥ කමිටුවක්

Perera Tuesday, 27 July 2021 01:00 AM

චොකා මල්ලි රත්තන් මිරිස් කුඩ්ඩා වගේ අය සාමාජිකයින් මේකට ගනන

:       0       0

මුණසිංහ Tuesday, 27 July 2021 07:34 AM

උපදෙස් දෙන්නේ ජනතාවගේ පැත්තෙන් බලලද? නැත්නම් මංකොල්ල කාරයින්ගේ පැත්තෙන් බලලාද?.

:       0       0

ලලිත් එම් Tuesday, 27 July 2021 08:58 AM

සියල්ලටම වඩා අන් අයට සවන්දීම පුරුදු කරන මෙහෙයුමක් ආරම්භ කර පවත්වාගෙන යන්න. ඒක ඔබතුමාගෙන් පටන් ගන්න. අන් අයට බාධා කිරීම අශිෂ්ට ක්‍රියාවක් කියලවත් නොදන්න අය ඉන්න පාර්ලිමේන්තුවක් තිබෙන රටක් ඉදිරියට ගෙනයාමට බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site