(අනීෂා මානගේ)
අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසූවේය.
‘‘අද පාර්ලිමෙන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පල කලා මොකද මේ අවස්ථවේ එන්න ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ පිහි අරන් ආව අයට යම්කිසි පියවරක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රීවරු අනිවාර්යෙන් ඒකට විරුද්ධව නැගී හිටියා. පාර්ලිමේන්ත්වේ මේ ඇතිවුණ අර්බුදකාරි තත්වයට හා මේ රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයට වගකියන්න ඕනෑ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මේ ප්‍රශ්නය විසදන්න බැරිනම් මේ ඉන්න ජනතාවට බලය දෙන්න ඕනෑ. ඡන්ද දායකයාට බලය දුන්නම කාටවත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඡන්දයක් දීම තුලින් කාගෙදෝ මූලික අයිතිවාසිකම් නැතවෙයි කියල මම දැක්ක තියෙනවා. මේ තියෙන වැඩපිළිවෙළ ඉතාමත් කණගාටුයි. අපි ආණ්ඩුව ගෙනියනවා. මේව දාලා දුවන්නේ නැහැ.
නීත්‍යනූකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට අපි මේක දීල යන්න සූදානම්. නමුත් බලහත්කාරයෙන්, මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට කලොත් මේක ලේසිවෙන්නේ නැහැ.
ජනාධිපතිවරයාට විතරයි මේක එහාට මෙහාට කරන්න පුළුවන්. අපි මේව දාලා යනවා. එළවනකල් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල වෙන කෙනෙකුට ගන්න බැහැ. අධිකරණයට වුණත් ඒ බලය උදුරාගන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාට ගෞරව වෙන විදියට ඒ ආයතන තුන වැඩකරන්න ඕනෑ.‘‘
COMMENTS
මහින්දට කඩේ යන අයට මේවා පේන්නේ නැද්ද? අහිංසක පොලිස් කොල්ලෙක්ගේ කනට ගහනවා අර ප්‍රසන්න කියන කෙනා... මහින්දගේ රැළම යවන්න ඕනෑ. තව කල් හිටියොත් කවදා හරි ප්‍රභාකරන් හිටියා නම් මීට වඩා හොඳ බව කියන්න වෙන දවසක් එනවා. මේක තව උගන්ඩාවක් වෙනවා. බල ලෝභයෙන් පිරිලා... තව යනවාලු.
'ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට ' ඒ කාලේ මිනිස්සු අයිතීන් ඉල්ලනකොට මල්ලි දුන්නේ වෙඩි උණ්ඩ. 2015දී ජනතාව කාට වුනත් බලය දුන්නේ අවුරුදු 5කට, ඉතින් 2020 වෙනකම් ඉන්න ඡන්දය එනකම්, ඇයි කොට පාරවල් හොයන්නේ?
කොහෙන් හිනා වෙන්නද මන්දා මේ කිරි සප්පයාගේ කතා වලට?
කුජීතයිනේ වැඩේ...
දැන් රටේ අගමැති කියන ඔබතුමාමනේ කියන්නේ පිහිය ගෙනාවට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඕක කියන්නේ කාටද දැන්...? කවුද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඔබ අගමැති නේද?
ඔබතුමාට මෙතෙක් කල් ගරු කළා.. ඡන්දය දුන්නා, නමුත් ඒ මෝඩ වැඩේ ආයේ කරන්නේ නෑ. ඔබතුමාගේ ඔය බයිලා කතා අහන්න තරම් අපි නූගතුන් නොවෙයි. අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් කලේ ඔබතුමාගේ අයයි, ඔබට ඔබේ අය පාලනය කරන්න බැරිනම් ඔබට මේ රට තවදුරටත් පාලනය කල නොහැකියි....
ඇයි මෙච්චර බලතණ්හාව?
ඕක නෙවෙයිනෙ කතාව, අවංකවම ඔබට සරළ බහුතරය නැහැනෙ, ඉතින් අයිවෙලා 2020 වෙනකම් ඉන්නකො
ගරු හිටපු ජනාධිපති තුමා, කෝ ඔබගේ 113? නටන්න බැරි අයට පොලොව ඇද වගේ!!!
පොහොට්ටුව පිපෙන්නත් කලින් පරවුනා!
එන්න ඉස්සෙල්ල මෙහෙම නම් ආවම කොහොම ඉඳීද.
පාර්ලිමේන්තුව නාඩගම් මඩුවක් නොකර ගෞරවාන්විතව හැසිරෙන්න කියාලා ඔබගේ කට්ටියට කියන්න බැරිද?
නිත්‍යානුකුලව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය ඉදිරිපත් කරන්න, ඒ සම්බන්දයෙන් නීතියට අනුව කටයුතු කරන්න ඉඩ දෙන්න කියාලා ඔබ තුමාගේ කට්ටියට ඇයි කියන්න බැරි? මහජනතාවද මේ රවටන්න හදන්නේ?
ඔස්කාර් සම්මානයක් දෙන්න වටිනවා.
පාර්ලිමේන්තුවේ බලේ තියෙන අයට ජනතා බලය නැත. ජනතා බලය ඇති අයට පාර්ලිමේන්තුවේ බලය නැත. මේක තමයි සත්‍යය
ගොඩක් රටවල වැදගත් සම්ප්‍රදායක් තියෙනවා ඡන්දයකින් පසුබැවොත් අගමැති අස්වෙලා තමන්ගේ පක්ෂයේම වෙන කෙනෙකුට තනතුර දෙනවා. බ්‍රිතානයේ ළඟදීත් එහෙම වුණා. ගිය ඡන්දෙන් 32% ක් ගත්ත වෙලාවේ අගමැතිකම සජිත්ට දුන්නනම් අද එජාපය අලුත් ආණ්ඩුවක් විදියට ඉදිරියට යනවා
බල තණ්හාවෙන් මත්වෙලා. මම දීපු ඡන්දෙට මටම කණගාටුයි.
කවුද එහෙම කලේ?
ලංකාව අන්තර්ජාතික විහිලුව බවට පත් වෙලා. පිටරට ඉන්න ලාංකිකයන් කියනවා පාරේ බැහැලා යන්න බැරිලු. මීට හොඳයි ආපහු මේ රට සුද්දටම භාර දුන්නා නම් .
ලැජ්ජාවේ පණ යනවා අපේ රටේ දේශපාලනය ගැන! පොඩ්ඩක් සොයා බලන්න ලෝකයේ දියුණු රටවල් දේශපාලනය කරන්නේ කොහොමද කියලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරු තමයි රට කරවන්නේ.
අද අගමැති කෙනෙක් නැහැ රටේ ව්‍යවස්ථානුකූලව
කළු වලාකුලකින් මතු වුන රිදී රේඛාවක් මෙන් ඔබ තුමා යලිත් නායකයා ලෙස පහළවීම සිංහල ජාතියේත්, බුද්ධ සාසනයේත් පෙර වාසනා මහිමයකි.
කණගාටුයි. මෙවැනි ක්‍රියා වලින් ඔබතුමා හදාගෙන ආපු ජනප්‍රසාදය විනාස වෙන එකයි වෙන්නේ. නැවතත් ජයග්‍රහණය කරා යාමට තිබුණු ගමන විනාශ කරගැනීමක්. වහාම ඔය තනතුරෙන් ඉවත වියයුතුයි. මහා මැතිවරණයකට ඉකමනින් යායුතුයි දැන්නම්.
අපිත් දැක්කා නාඩගම් මඩුවක් කලේ කව්ද කියලා.
නාඩගම නටවන්නෙ කවුද කියලත් දන්නවා ඇතිනෙ.
කලින් හිටපු පාලකයෝ යහපාලනය හරියට කලානම් මේ වගේ දෙයක් ඇති වෙන්නේ නැ. තමන්ට බලය නැති උනාම තමයි ජනතාවට සේවය කරන්න ඕන කියලා මතක් වෙන්නේ...
අපි දන්නවා ඔය නූල් සූත්‍ර.
කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද ? 2011 ජුනි 21 වැනි අඟහරුවාදා හැන්සාඩ් එක බලන්න. කටහඬ අනුව එදා තොරතුරු දැනගැනීමේ පනත පරාද කලා. නිකම් තොත්ත බබා වගේ කතා කරනව දැන්.
මෙවන් තත්වයකට රට අදහා ගත නොහැකි අයුරෙන් අගාතයට ඇද දැමුවේ කවුද ?
හරියටම හරි. බොහොම හොඳට නාඩගම නටපු හින්ද වේදිකාව පිටිපස්සෙන් ඉඳගෙන හිනා වෙවී ඒ අයව මෙහෙයවපු අයට බොහොම සන්තෝස ඇති නේද?
ඉතාම කණගාටුදායක තත්වයක්. මේක මේ සුන්දර රට දේශපාලකයෝ විනාශ කරනවා.මේකෙන් වෙන්නේ ඉගෙන ගත්ත සහ සල්ලි තියන සියලුම දෙනා මේ රට දාලා යනවා. රටට තියෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්ත එහෙන් පිටින් විනාශ වෙනවා.
ඇත්තටම ඇයි නියම විදියට විශ්වාස භංගයක් ගෙනල්ලා මේ කට්ටියව ගෙදර යවන්න බැරි? මේක හරියට පාතාලයේ නාටකයක් වගේනේ. ඕකට වැඩිම වුනොත් සති දෙකක් යයි.
හාස්‍යජනකයි.
ඉතින් අනේ හොරෙන් දිවුරුම් දෙන්නේ නැතුව ඡන්දෙකට යන්න තිබුණනේ. බහුතරේ නැති නිසානෙ ඡන්දෙ මතක් වුණේ. එතුමාට තියන ගෞරවය එතුමා විසින්ම නැති කරගන්නවා. එතුමා කියන එතුමාගේ යුද වීරයන්ට ඊයෙ සලකපු විදිය, හරිම කණගාටුයි. දේශපාලනය නිසා මේ රට ගැන කලකිරීමක් තියෙන්නේ.
අනේ මැතිතුමනි, ඔබ ඉල්ලා අස්වෙන්න... ඔබට ඡන්දයෙන් පත්වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔබට මේ ලක්වාසීන්ගේ තිබෙන ගරුත්වය නැතිවන එක විතරයි.
ඒ අයම කමෙන්ට් දාගෙන ඒ අයම ලයික් දාගන්න රටක් මේක... බලල තියෙන්නේ දහදාහයි ලයික් ඩිස්ලයික් එකතුව ගත්තම විසිදාහ පනිනවා...
අපි කන්නෙත් තණකොළ කියලා හිතාගෙන වෙන්නැති මේ කයිවාරු ගහන්නේ... මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ ඔබම තමයි කියලා අපි දන්නවා. බැසිල්, ගෝඨා, නාමල්, යෝෂිත, ශිරන්ති සහ ඔබේ හොරකම් නඩුවලින් බේරෙන්න තමයි මේ අපේ රට අරාජික කරන්නේ... ලැජ්ජයි මහින්ද, ඔබ අපේ රටට පිළිලයක්...
නාඩගම් මඩුව ඇතුලේ ඉඳන් ඔබ බඩපිරෙන තරම් හිනා වුණු හැටි රටේ හැමෝම වගේම ලෝකය පුරාම රුපවාහිනී මහින් ජනතාව දුටුවා! මේ නාඩගමේ ගුරා ඔබ සමග ජනාධිපති බවත් හැමෝම දන්නවා. ඔබේ නාඩගම් කණ්ඩායමේ හෙන්චයියලා වශයෙන් ඔබේම හිටපු ගෝලයින් මහජන දේපල විනාශ කරමින් පොලිස් නිලධාරීන්ට පහරදෙමින් කළ මේ අපරාධයන්ට ඔබ ඇඟිල්ලක් උස්සා නැවත්වීමට උත්සාහ කළාද? උත්තරීතර පාර්ලිමේන්තුවේ සෙංකෝලය උදුරාගෙන එහි නීත්‍යානුකූල භාවය ශුන්‍ය කිරීමටත් කතානායක අසුන ඉවත්කිරීමටත් ඔබගේ අමනයින් "වීරයන්" වුනේ ඒ අය පාර්ලිමේන්තුවේ අගය නොදන්නා නිසා නොවේද? ඔබ වැනි කොන්දක් නැති නායකයෙක් අගමැති හැටියට පත්කරපු සිරිසේන හිනාවෙනවා ඇති! මේ නාඩගම් මඩුව නිසා රටේ තත්වය දිනෙන් දිනම නාය යනබව ඔබටවත්, ඔබේ ගුරා වන සිරිසේනටවත් නොපෙනීම ඇත්තෙන්ම රටේ අවාසනාවකි. ගරු කතානායකතුමාගේත්, නිහඬව ප්‍රේක්ෂකයන් ලෙස තුෂ්නිම්භූතව බලාසිටි.. එක්සත් ජාතික පෙරමුණේ සහ අනිකුත් මන්ත්‍රීන්ගේ ඉවසීමත් නොතිබෙන්නට අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අළු ගොඩක් වී හමාරයි. සිරිසේන රාජපක්ෂ හවුල මෙහි වගකීම 100%ක් බාරගත යුතුයි..
තව ටිකක් නටන්ඩ වැඩ තෙරයි . .....අසුචි නානවා.
අනේ මහත්තයෝ මිනිස්සු රවට්ටන්න එපා තව... මිනිස්සු බුද්ධිමත්. හැමෝම ඔය කියන හරක් කතා විශ්වාස කරන්නේ නෑ. ඔබව අදහන හරක් ටිකක් ඉන්නවා මේ රටේ. ඒ අයට ඇත්ත තේරුම් කරවන්න අමාරු වුණාට ඇස් පේන, කන් ඇහෙන උගත් මිනිස්සු ඕව පිළිගන්නේ නෑ. උත්තරීතර පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දාන රට විනාශ කරන්න හදන ඔබත් ඔබගේ සගයෝ ටිකත් කියන දේවල් කොහොම පිළිගන්නද ඕනෑ? පව් නොදී යන්න. තණ්හාවේ මැරෙනවා මෙච්චර දේවල් සූරගෙන කාලත්. සිරීපාදෙ ගන්න දෙයක් තියෙනවද? දැන් තාත්තයි පුතයි කාලා ඉවර කළා. රකින්න ඇවිල්ලා මෙතන ආදරේ මිනිස්සු. හිනාත් යනවා මේ අයගේ කතාවලට...
නාඩගම් මඩුවේ මහදැන මුත්තා ඔබ නේද?
හොරෙක් පනිනවා මාලයක් කඩාගන්න. අයිතිකාරයා මාලේ අල්ලාගෙන ඉන්නවා. හොරා නීති කතාකරනවා මේ මිනිහ මට මාලේ ගන්න දෙන්නේ නැහැ කියලා...
අගමැතිතුමනි, ඉල්ලා අස්වෙන්න..
මේ ඔක්කොම කියන්නේ රනිල්ට මේ රටේ ඉතුරු ටිකත් කාලා දාන්න දෙන්න කියලද? මහ බැංකුවෙන් පටන් අරන් ඔක්කොම ටික කීවා අපිට මතකයි.
ඒ නාඩගමේ හිමිකරුවා ඔබයි මහත්තයෝ. අපට බන කියන්න එපා අපි ඔබව හොඳට අඳුරනවා.
නටන්නේ නාඩගම්ද කියල දැනෙන්නේ නැ.
නාඩගම් අධ්‍යක්ෂක කව්ද දන්නේ නැහැනේ?
ඇයි එහෙනම් ඕවා නවත්වන්න බැරි?