(සුජිත් හේවාජුලිගේ)
ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන්ගේ ආහාර වේලේ මිල පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේදී රැස්වී තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම නිසා ගෘහ කාරක සභාව මේවනවිට පවතින්නේ අක්‍රිය තත්වයේය.
පාර්ලිමේන්තුවේ ආහාරවල මිල ගණන් මෙසේ වැඩි කෙරෙන්නේ වසර හතරකට පමණ පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නව මිල සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරියකුගේ කෑම වේල සඳහා(විධායක ශ්‍රේණි ආපනශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් හාරසියයේ ගාස්තුව රුපියල් 700 දක්වා වැඩි කෙරෙනු ඇත.
සාමාන්‍ය සේවකයකු සඳහා (සාමාන්‍ය ආපන ශාලාව) මාසිකව අය කෙරුණු රුපියල් දෙසීයේ ගාස්තුව නව මිල සංශෝධනය යටතේ රුපියල් හාර සියයක් දක්වා වැඩි කෙරෙන අතර පොලිස් නිලධාරියකුගෙන් කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 25ක මුදල රුපියල් පනහක් 50 ක් දක්වා වැඩි කෙරේ.
පාර්ලිමේන්තු ආවරණය සඳහා පැමිණෙන මාධ්‍යවේදියකුගේ කෑම වේලක් සඳහා අය කෙරුණු රුපියල් 70ක මුදල රුපියල් සියයක් දක්වා වැඩි කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු සහල් සහ ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පැරණි මිල ගණන් වලට ආහාර ලබාදීම කිසිසේත්ම කළ නොහැකි හෙයින් මිල ගණන් මෙසේ සංශෝධනය කළ බව පාර්ලිමේන්තු ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කරගන්න අමාරු එකේ අඩුගානේ... එක රටක්, එක මිලක් කරලා දෙනවාද? මොකද මේවා ඇහෙනකොට මිනිස්සුන්ට එලෝ, මෙලෝ පේන්නේ නැතිව යනවා..
ඇයි රුපියල් 50ට 100ට කැම දෙන්නේ? මෙතැනින් පාඩුවක් නොවෙන විදියට අය කරන්න. 700ට වඩා කෑම එක වටිනවා නම් ඒ වටිනාකම ගෙවන්න ඕනෑ. රටේ කිසිම කෙනෙකුට මහජන මුදලින් නොමිලේ කෑම දෙන්න ඕනෑ නෑ..
කෑම තම බඩට නම් ඇයි කවුරුත් වන්දි ගෙවන්නේ...?
බන්දුල ගුණවර්ධන මාසික ජීවන වියදම 2500කට හැදුවේ මේක බලලා වෙන්න ඇති මගෙ හිතේ...
කැකිල්ලේ තීන්දුම තමයි. එතකොට පින්ගුත්තරයින්ට විතරක් පරණ මිලට කෑම...?
එයාලා අපෙන් කාලානේ ජීවත් වෙන්නේ. කොච්චර ගණන් ගියත් අපි කන්න දෙමු.. අපිට ලොකු පිනක් සිද්ද වෙනවනේ...
මැති ඇමැතිගේ බත්පතේ ගානේ වෙනසක් ගැන තීරණයක් අරන් නැහැනේ...
අහෝ මෙහෙම පාපයක්... මහජනතාවගේ මුදල් නේද මේ කන්නේ? මෙතනට එන අයගේ පඩි අඩුද?. ඇයි රටේ එක එක තැන එකඑක සැලකිලි...? වහාම මෙය නැවැත්විය යුතුයි. මේ නිසා තමයි පාර්ලිමේන්තුවට එන පුද්ගලයන් මෙතරම් දූෂිත වෙලා තියෙන්නේ. සැප ඕනෑනම් තරු හෝටලයකට ගිහිල්ලා කන්න කියන්න. ඇයි මහජනතාව මත මේ බර පටවන්නේ...?
මෙය නම් පුදුම හෙනගහන අපරාදයක්...මන්දදුද්ධිකයන් 226 වන අපගේ "මුලික මෙන්ම අන්තිම" අයිතිවාසිකම්ද අපේ,මේ ඉනියා පාලකයන් උල්ලංගනය කර ඇත. හෙටම අප "මන්ද බුද්ධිකයෝ 226 දෙනාම" ලිප්ටන් වටරවුමට උද්ගෝෂණ සදහා එනවා එනවාමයි..වහාම ඉනියා තීරණය හකුලාගනිව් ....වැඩක්පලක් කරගන්න බැරි මන්දබුද්ධික බුරුවන් 226 වන අපට නිකං කන්න දියව් නැත්නම් හැමදාම පාරට එනවා....මීට එක්සත් "මන්ද බුද්ධිකයන් 226දෙනාගේ" සංසදය........
225ට ෆ්‍රී ද?
එහෙනම් අපිත් හෙට ඉඳන් පාලිමන්ට් එන්නම්,වැඩි මිලට කෑම කන්න
මහජන සේවයට කියා ඇවිත් දැන් ලෝන් ගෙවන අර බංගලොත් මන්ත්‍රීලාට මොනවාද කරන්නේ?
විධායක නිළධාරියෙකුට මාසෙටම රු. 700යි. ආරක්ෂාව සදහා ඉන්න දුප්පත් පොලිස් නිළධාරියෙකුට වේලකට රු. 50යි.
රුපියල් 50ක් කරල.. අම්බෝ සහ ගහනවනේ.. කොහොමද ඇමති කෙනෙක් රුපියල් 50ක් හොයාගන්නෙ.
අර පිස්සට මේවා පෙන්නේ නැද්ද?මාසෙකට රුපියල් 700 කට කන්න පුළුවන් කොහෙද?අපේ සල්ලි නේද මේ මුන් කාබාසිනියා කරන්නේ.
උන්ට තණකොළ තමයි හොඳම ආහාරය .එය මොලේ වඩවයි