IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


'මැතිවරණ සමයේ ඇමෙරිකාව සමඟ ගිවිසුම් අත්සන් කිරිම සුදුසු නෑ'

(මුදිතා දයානන්ද)

           

රටේ බලය මාරුවන ජනාධිපති මැතිවරණයක් අභියස සිට කඩිමුඩියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් ඇමරිකන් සමාගමක් සමඟ අත්සන් තැබීම සුදුසු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (3) පැවසීය.

ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කර නිසි සංවාදයකින් පසුව රටට අහිතකර නොවන්නේ නම් මැතිවරණ වලින් පසුව එය සිදුකළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ටිල්වින් මහතා මේ බව සඳහන් කළේ පැල්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.

අපේ රටේ ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් කර එම තොරතුරු සියල්ල පරිගණක ගත කිරිම, ප‍්‍රවාහන පද්ධතිය හා මාර්ග පද්ධතිය නිරවුල් කිරිම මෙහි ප‍්‍රධාන අරමුණු ලෙස දක්වා තිබෙනවා.  ඉඩම් පිළිබඳ තොරතුරු සියල්ල පරිගණක ගත කර විදේශීය සමාගමක් අතට පත් කිරිම බරපතල අනතුරකට මුලක් විය හැකියි. ඒක රටේ ස්වෛරීභාවයටත්, අර්ථිකයටත් විශාල බලපෑමක් සිදුවිය හැකි තත්ත්වයක් ඇති කරනවා.

මෙහි ඇති බරපතලම ගැටලූව වන්නේ රටේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත්කර  ඕනම විදේශීය සමාගමකට ලංකාවේ ඉඩම් මිලදි ගැනීමට ඉඩ සැලැස්වීමෙන් රටේ ස්වෙරීභාවයට සිදුවන හානියයි. අපේ රට දුප්පත් රටක්. ගොවියා දුප්පත්. ඒ නිසා ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් වුණාම තමන්ගේ දුප්පත්කමට උත්තර ලෙස ඉඩම විකීමට පෙළඹීම වැඩියි.  අනතුර තිබෙන්නේ ඒ නිසයි. මේක බහුජාතික සමාගම්වලට අපේ ඉඩම් පහසුවෙන් මිලදී ගන්න හදපු ගිවිසුමක් ලෙසයි අපිට පේන්නේ.

මෙතෙක් කලක් පැවති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩි නිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් වසන් කිරිමේ අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා.

ගිවිසුම අත්සන් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියලා තිබෙනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක‍්‍රියාමාර්ගය නම් ජනතාව දැනුවත් කර පාර්ලිමේන්තුවත් දැනුවත් කර ඇති කරගන්නා සංවාදයකින් පසු රට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරිමයි.

හිටපු පළාත් සභා මන්ත‍්‍රි නිතිඥ සුනිල් වටගල මහතාද මෙම අවස්ථාවට එක්විය.

  



අදහස් (13)

'මැතිවරණ සමයේ ඇමෙරිකාව සමඟ ගිවිසුම් අත්සන් කිරිම සුදුසු නෑ'

anura Sunday, 03 November 2019 09:37 AM

රනිල්ගේ ආණ්ඩුව 2018 බේරගන්න උසාවියට යන්න තිබ්බ හදිස්සිය, ඕකට උසවියන්න නැත්තේ මොකද? අලි නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නද? රතු අලි පැටව් ටික...

:       1625       1317

NissankaSunday, 03 November 2019 11:06 AM

රටේ තිබුණු කොයි ආණ්ඩුවත් මේ වගේ ගිවිසුම් අත්සන් කරනකොට එ්කේ අහිතකර ප්‍රතිඵල රටට හෙළි කලේ ජවිපෙ... උසාවි යන්න නෙවෙයි. ඕනෑ වුනොත් ජනතාව එක්ක පාරට බහින්නත් ජවිපෙ මැලිවෙන්නේ නැහැ. අනුර අපි බලමු ඔයාලගේ ගෝඨාට කටක් ඇරලා මේකට විරුද්ධයි කියන්න පුලුවන්ද කියලා. එයා තවම ඇමෙරිකාවට නීතියෙන් බැඳිලා ඉන්නේ...

:       452       589

anuraSunday, 03 November 2019 11:41 AM

3% අරන් පෙන්නමු මේ පාර....

:       832       322

sunilSunday, 03 November 2019 11:12 AM

ඇති යාන්තම් කට ඇරුණා. මම හිතුවේ ඩොලර් කටේ හිරවෙලා කියලයි..

:       565       416

විකල්ප Sunday, 03 November 2019 11:45 AM

ජවිපෙ කියන්න තියෙන දේ කටඇරලා කියනවා. අනිත් අය වගේ බග් බග් ගාන්නේ නැහැ. 87 ජවිපෙ සටන් කළේ නැතිනම් මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක්....

:       234       653

Vajira Sunday, 03 November 2019 11:13 AM

1987 ඉන්දු, ලංකා ගිවිසුම ඇතුළු රට අනතුරට ගෙනියන ගිවිසුම්වලට විරුද්ධව සටන් කළේ ජවිපෙ විතරයි. ජවිපෙ අගය මේ රටේ මිනිස්සු කවද්ද තේරුම් ගන්නේ...?

:       338       614

DevindaSunday, 03 November 2019 12:39 PM

බස් ගිනිතැබීමෙන්, දේපළ විනාශ කිරීමෙන්, මිනිසුන් ඝාතනය කිරීමෙන් දේශප්‍රේමි ව්‍යාපාරයේ යෙදුණු ඇත්තන්ගේ අගය ජනතාව හොඳින් තේරුම්ගෙනයි තිබෙන්නේ...

:       412       72

Sanath Kandy Sunday, 03 November 2019 11:19 AM

මේ ගිවිසුමට සජිත්, ගෝඨා දෙන්නටම විරුද්ධ වෙන්න බැහැ. ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට විතරයි ඒ ධෛර්යය තියෙන්නේ. මාලිමාව මේ රට අනතුරෙන් ගලවාගෙන සෞභාග්‍ය කරා ගෙනයනවා ස්ථිරයි.

:       314       556

ranasngheMonday, 04 November 2019 02:26 AM

ගිවිසුමට විරද්ධ වෙනවා කියන්නේ සද්ද නැතිව ඉන්නවා වගේ නොවෙයි.. කෝ විරෝධතා හීලෑකරගත් (නව ලිබරල්වාදය) රතු හමුදාව යටතේ ඔවැනි ප්‍රකාශ කරන එක අරුමයක් නොවේ..

:       44       2

vindika Sunday, 03 November 2019 12:26 PM

ජාතික ජනතා බලවේගය අනුර මේ පාර 34%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා.

:       226       787

Sena Sunday, 03 November 2019 04:03 PM

ගෝඨාභය ලේකම් කාලේ 'රොබට් බ්ලේක්' එක්ක ගිවිසුම් අත්සන් කරනකොට කිසි කෙනෙක් දැනගෙන හිටියෙවත් නැහැ.. මාධ්‍ය කතා කලේවත් නැහැ මරණ බයට.. අද අඩුතරමින් මේ ගැන සංවාදයක්වත් තියෙනවා..

:       24       140

Rasika Monday, 04 November 2019 04:13 AM

ගෝඨා ලේකම් කළේ බ්ලේක් එපා කියද්දී ප්‍රභාකරන්ව නැතිකරලා දාපු එක ගැනද ඔය කියන්නේ...?

:       5       5

SenaMonday, 04 November 2019 07:21 AM

ඒක බ්ලේක්ගෙන් අහගන්න. ආරක්ෂක ලේකම් විදියට කටයුතු කරපු කාලේ" ගෝඨා කැබිනට් එකෙන් පවා නොවිමසා ඇමෙරිකාව එක්ක යුද ගිවිසුම් ගැහුවා" කියලා කිව්වේ ඒ ආණ්ඩුවේම හිටපු වාසුදේව..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30595 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12594 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10910 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site