IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ නීති හදන මැති සබා කමිටුවෙන් තීරණයක්

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.

මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා සහ අදහස් 94ක් දැනට ලැබී ඇතැයි එම කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය පැවසුවාය .

මැතිවරණ හා ඡන්ද විමසීම නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පෙරවරුවේ රැස් විය.

අදාළ යෝජනා ලබන ජුලි මස 15 වැනිදාට පෙර ලිඛිතව දන්වා එවන ලෙස සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

සියලු යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට හෝ යොමු කළ හැකි වෙයි.

මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ඡන්ද ක්‍රමයට අනුව කිරීමටද කාරක සභාව මෙහිදී එකඟ විය.එසේම එම මූල ධර්මය පදනම් කරගනිමින් පළාත් පාලන පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ඉදිරි සාකච්ඡා පැවැත්වීමට ද තීරණය කෙරිණ.

කාරක සභාව හමුවේ සාක්ෂි සහ අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය ඉදිරියේ දී කැඳවන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය .

මෙම කාරක සභා රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා මහාචාර්ය ජී එල් පීරිස් ,පවිත්‍රා දේවී පවිත්‍රාදේවි ,සහඅලි සබ්රි ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක කබීර් හෂීම් රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන් එම් ඒ සුමන්තිරන් මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති වලට අදාල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැවරී ඇති වගකීම වෙයි.

 



අදහස් (0)

මැතිවරණ නීති හදන මැති සබා කමිටුවෙන් තීරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site