(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර තිබේ.ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පැවැසීය.
මැතිවරණ කොමිසම ඩිජිටල්කරණය කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් අද (31) පැවැත්වුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාවරයා කීය.
COMMENTS
අනේ ඒ සල්ලි වලින් ඈත ගම්බද පළාතක ඉස්කෝලෙක ළමයින්ට පුටු මේස හදලා ටිකක් දෙනවා නම්?
මිනිස්සුන්ට කන්න නෑ ළමයින්ට ඉස්කෝල නෑ, ආණ්ඩුවට තියෙන ලොකුම ප්‍රශ්නය ඩිජිටල්, ටැබ් සහ වයිෆයි. මේ මහා පොළොවේ පය ගහලා ජිවත් වෙන්න අපිට කවදා හම්බ වෙයිද?
මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව තිබෙන්නට පුළුවන.
මැතිවරන නොතියන කොමිසමට මොන ඩිජිටල්ද.අපරාදේ මහජන මුදල්.
මොන මගුල කරත් වැඩක් නැහැ... ඡන්දෙ තියාගන්න බැරිනම්...
මෙතෙක් කල් ජුනි මාසයේ නව ඡන්ද හිමියන් ගනන්ගැනීමේ කටයුතු කල අතර එම ආකෘති පත්‍රයේ ගෘහ මූළිකයාගේ අත්සන කලයුතුවුනා නමුත් අලුතින් එයට නමක් එකතු වුනාම එය ගෘහමූලිකයාගේ නමට මුලින් යොදනවා.එවිට ගෘහ මූලිකයා පසුපසට යනවා අඩුතරමින් මේ වරදවත් ඩිජිටල් කරණයේදී නිවැරදි වේවා.