IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැතිවරණය ගැන කොමිසමේ මත ගැටුම්

(රංජන් කස්තුරි)

මහ මැතිවරණය පැවැත්වීම හා ඒ සම්බන්ධ කටයුතු සිදුකිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මත ගැටුමක පැටලී ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ එක් මතයක් වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පැහැදිලි කර අධිකරණ තීන්දුවක් ලබා දෙනතුරු මහමැතිවරණය පැවැත්වීමේ කටයුතු නතර කළයුතු බවය.

මැතිවරණ කොමිසමේ අනෙක් මතය වී ඇත්තේ අධිකරණ තීන්දුව ලැබෙන තෙක් නොසිට ඉදිරියේදී ලැබෙන තීන්දුවකට ගරු කිරීමේ අභාලාෂයෙන් මහමැතිවරණයට අදාලව මූලික කටයුතු සිදුකළ යුතු බවය. එසේ නොකළහොත් යම් හෙයකින් මහමැතිවරණය පැවැත්වීම සිදුවුවහොත් අවශ්‍යකටයුතු සිදුකර ගැනීමට කොමිසමට කාලය ප්‍රමාණවත් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී තිබේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් නීතිමය තත්වයක් පැහැදිලිකර ගන්නා තෙක් මැතිවරණ කොමිසම මැතිවරණයට අදාල කටයුතු නොකර ඒ වෙනුවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවැරීමටද කොමිෂන් සභාව කටයුතු කර තිබිණි.

මැතිවරණ කොමිසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා මහතාට බලය පැවැරීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විරෝධය දක්වා තිබෙන අතර බලය පැවැරීමේ ලිපියට ඔහු අත්සන්කර නැතැයිද පැවැසේ.



අදහස් (4)

මැතිවරණය ගැන කොමිසමේ මත ගැටුම්

Chanak Los angeles Monday, 12 November 2018 06:25 PM

2+2 = 4 යි කියන එක විශ්ව සත්‍ය වුවත් ලංකාවේ මිනිසුන් එම උත්තරයත් අභියෝගයකට ලක් කරන්න මෙලෝ රහක් නැති තර්කයන් ගෙනෙනවා.. ඒක නිසයි ලංකාව නීතියට පිටින් කටයුතු කරන රටක් ලෙස ලෝක ප්‍රජාව පිලිඅරන් තිබෙන්නේ.. යහපාලන නායකයා පොරොන්දු එකින් එක කඩකරමින් ඉදිරියටම ඇදී යනවා. අමාරුවේ වැටී හිටපු හොරුන්, දූෂකයන් කල දුටුකල වල ඉහගන්න සංශෝධිත නීතියට පිටුපාමින් කටයුතු කරනවා.. මොවුන්ට අත්වෙන්නේ පරාජයයි... එය සත්‍යයයි...

:       0       0

rama Tuesday, 13 November 2018 03:45 AM

රත්නජීවන් කඩේ යන කෙනෙක් කොහොමද ස්වාධීන කොමිසම සැබෑවක ඉන්නේ

:       125       2

t.n.liyanapatabani Tuesday, 13 November 2018 04:12 AM

මැති වරණ කොමිසම තුනෙන් දෙකේ ඡන්දෙ විතරක් ප්‍රමාණවත් නොවන බවත් ජනමත විචාරණයක් අවශ්‍ය බවත් කියපු වෙලාවේ තුනෙන් දෙකෙන් විතරක් පළාත් සබා ඡන්දෙ කල් දානකොට උසාවි නොගිය පළාත් පාලන ඡන්දෙ අවරුදු දෙකක් කල් දාපු වෙලාවේ උසාවි නොගිය මැතිවරණයක් පවත්වන වෙලාවේ ලේකම්ලා , වචනක් නොකියපු හූල් මහතය තමන්ගේ ස්වාධීන කම ලෝකෙට පෙන්නන උසාවියට ගිහිල්ල, බැරි දෙමළෙට ගිහිල්ල වරිගේ නහගන්නේ නැතුව හිටු

:       192       40

sandy123Tuesday, 13 November 2018 07:25 AM

තමන්ගේ මතයට එකග නැත්නම් අණ? හිතා ගන්න පුළුවන් ඉස්සරහට වෙන දේ ගැන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site