(අජන්ත කුමාර අගලකඩ)
මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(06) ප්‍රකාශ කළේය.
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බවත් අගමැතිවරයා පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(06) පැවැති මාධ්‍ය වේදීන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.
මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයාද මෙවර මහමැතිවරණයට පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව අගමැතිවරයා කීවේය.
අගමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද එම සාකච්ඡාවට සහභාගී වූහ.
COMMENTS
ඇයි ගෝඨාභයට තියෙන ඉතුරු බලතල ටිකත් ඔයා යටතට අරන් ඔයාගෙන පස්සේ නාමල් බේබිට රජකම බාර දෙන්නද?
අපි තව කී පාරක් මේ සීනිබෝල වලට රැවටෙන්නද?
රටට සුදසුද? තමන්ගේ පවුලට සුදුසු එකක්ද?
හොරු ටිකයි, දරුවනුයි පැත්තකට කරලා අාවොත් නම් තුනෙන් දෙකක් අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් වෙයි. නැත්නම් මේ කපේදී බැහැ...
අගමැතිට අායෙත් ජනපති වෙන්න පුලුවන්... එතකොට ගෝඨාභයට මොකද වෙන්නේ...?
රටට, ජාතියට සේවය කරන්න තුනෙන් දෙකේ බලයක් මක්කටැයි ආයුබෝවන්... තුනෙන් දෙකේ බලය නොලැබී ආණ්ඩු බලය විතරක් ලැබුණොතින් රටට, ජාතියට කිසිම සේවයක් නොකර කල් මරන්නද ලැහැස්තිය ආයුබෝවන්...!!!
හරි හරි... අපි එ්ක ගෙනෙන්නම්.. ඔය ගොල්ලෝ ආයේ නොඑන්නම යන්නකෝ... ගම කන්නේ නැතිව.
සදහටම බලයේ ඉන්න අලුත් ගේමක් ගහන්න හිතාගෙන ඇති...
නටන්න බැහැ. පොළව ඇදයි.
කරන දෙයක්... තව කල්පයක් ඉන්න පුළුවන් විදිහට...
මැරිලත් බලයේ ඉන්න පුළුවන් විදියටද? ඇයි මහත්තයෝ ඔච්චර තණ්හාව, මන්ත්‍රී වෙලා, ඇමැතිවෙලා, විපක්ෂනායක වෙලා, අගමැති වෙලා, දෙවරක් ජනාධිපතිවෙලා රට හදන්න බැරිවුණානම් තව මොකටද ඉන්නේ?
පරණ සින්දුවලට අලුත් මියුසික්...
එහෙනම් ඉතින් ඕනෑම ජරා ජිල්මාර්ට් එකක් දමා 2/3 ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට ටොප් ප්ලෑන් එකක් රාජපක්ෂ සහෝදර සංස්ථාව සමග එයට මුක්කු ගහන ගෝලබාලයින් සූදානම් කරලා ඇති...! 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුණු මැදමූලන ලොක්කාගේ කටයුතු අපට තවම අමතක වී නැත.
මෙය අලුතින් ගෙනෙන ව්‍යවස්ථාවක් නම් ඉතින් මෙයාට වාසියක් මිස රටට වාසියක් වෙන්නේ නැහැ.
දැන් 75 කටත් ළඟයි නේද? තවත් පව් නොදී විශ්‍රාම ගියා නම් හොඳ නැද්ද? දැන් පවුලේ අයගේ අනාගතය හදලා දීලානේ තියන්නේ.. රට ණය කරලා හරි...
එපමණයි අපට අඩුවක් හැටියට තියෙන්නේ...
සුනාමි ආධාර වගේම කොරෝනා ආධාරත් අපිට ලැබෙයිද? ශෝක් නේද?
ඇයි මහින්ද, ඔයයි ඔයාගේ අයියා චමලුයි, පුතා නාමලුයි තුන්දෙනාම එක්ක 225 න් 223ක්ම 19වෙනි සංශෝධනයට අත ඉස්සුවා නේද? 19 වෙනි සංශෝධනයේ කිසි අවුලක් නෑ. ජනාධිපතිගේ ඒකාධිපති බලතල අඩු කළ එකේ වැරැද්ද මොකක්ද?
18 ගෙනාවේ පවුල් පාලනය සඳහා... 19 ගෙනාවේ කවදාවත් ජනාධිපති වෙන්න බැරි රනිල්ට ඒ විධායක බලතල හරි ගන්න. බලනකොට18 සහ 19 රට වෙනුවෙන් සම්මත කල ව්‍යවස්ථා සංශෝදන නොවේ. ඒ වගේම තමා මේ ගේන්න ඉන්න 20 වෙනි සංශෝදනයත්. 13 සම්මත කලේ ඉන්දියාව සතුටු කරන්න මිස රටේ යහපතට නොවේ...
මට දැනේන විදියට අවුරුදු ගණන් ගසා කන්නන්ට මැතිවරණයෙන් පසුව ගෙදර යන්න වෙයි. සජිත් අගමැතිවෙන ලකුණු පේනවා.. එහෙම වුණොත් හොඳයි.. කට්ටඩියන්ට දේවාලේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්...
ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් 2/3 ඕනේ එතනෝල් ජොනි, රත්රන්ලා, ඩිලාන්ලා වැනි පරණ ඔළුගෙඩි ඉදිරිපත් කළාට ඔවුන්ට පාවෙන ඡන්ද ලැබෙන්නේ නැහැ.. වියත්මගෙන් හරි මොන ක්‍රමයකින් හරි පැරෂුට් එකෙන් උගත්, වැදගත්, අවංක මිනිස්සු ලැයිස්තුවට දැම්මොත් පොඩි චාන්ස් එකක් හරි තිබෙනවා 2/3 ගන්න. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ... කෙනෙකුට කැමති වාර ගණනක් ජනපති වෙන්න පුළුවන් කියන වගතියා නීතිගත කරන්න ඔය කියන උගත්, වැදගත්, අවංක මිනිස්සු පාර්ලිමේන්තුවේදී අත උස්සාවිද? කොහොම හරි ව්‍යවස්ථාව වෙනස් කළා කියමුකෝ 2015 දී සැලකිය යුතු පෞර්ෂයක්.., උගත්කමක් නැති වැඩ බැරි සිරිසේනටත් පැරදිලා ගිහිල්ලා මැද මුකලානේ ජනේලේ එලිල්ලා හිටය ඔබට, නැවත ජනපතිවරණයක් ජයගන්න පුළුවන් නේද? 2010 තිබුණු ජනප්‍රිය බවෙන් 60% දැන් ඔබට නැත. බේබිලා සහ ඔබගේ සහචරයන් විසින් ඔබගේ ප්‍රතිරූපය විනාශ කොට ඇත. දැන් කරන්න තිබෙන නුවණක්කාරම වැඩේ... මල්ලිට ඕක කරන්න ඉඩදීලා... බේබිලා සහ අතවැසි පරපුරත් සමග නම්බු පිටින් ගෙදර යන එක...
හොඳම වැඩේ ව්‍යවස්ථාව අර 77ට කලින් තිබුණු විදිහට වෙනස් කරගෙන පළාත් සභා අහෝසි කරගන්න එක...
බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන් මොන ගේමක් ගහලා හරි බලයේ ඉන්නමයි හදන්නේ... ගේන්න හදන ව්‍යවස්ථාව රටේ යහපතට වඩා තමුන්ගේ පැවැත්මට, බල තණ්හාවට ගේන එකක් මිස වෙන මොනවද?
රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද, ඔයාලට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද?
හොද විග්‍රහයක්... එ්ත් ඡන්දයකදී අපේ බහුතර ජනතාව ඡන්දෙ දෙන්නේ එතනෝල් කසිප්පු කාරයින්ට, පස් හොරුන්ට, වැලි හොරුන්ට, උසාවි වල නඩුපිට නඩු තියෙන අයටමයි. මේ හේතුවෙන් අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය නැත්තට නැතිවෙලා දැන් ඉවරයි. ලෝකයේ නව ප්‍රවණතාවයන් දන්නා අපේ රටේ උගත් සමාජයත් අද මේ දේශපාලන නරා වලේ අනාථයන් බවට පත් වෙලා තියෙන්නේ. මේක අපි තේරුම් ගන්නකම් රටත් අනාථයි.. අපිත් අනාථයි.
ඔබතුමා පළාත් සභා එපා කියලා කිව්වේ එක්දහස් නමසිය අසූ ගණන්වල... අද පළාත්සභා කියන්නේ ජනතාවගේ බදුමුදල් විනාශ කරන සුදු අලියෙක් බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තිබෙද්දී, නැවත පළාත්සභා ඡන්ද තියන්න කතාකරන එකෙන් පෙනෙනවා ඔබතුමාට කිසිම ප්‍රතිපත්තියක් නැති බව.., විධායක ජනපතිකම ගැනත් කියන්න තිබෙන්නේ එකම දෙයයි. ඔබතුමා රජකර එතනෝල් ජෝනියන්ට, මහබැංකු නිවාඩ්ලාට සහ කුමාරවරුන්ට රටේ නීතිය අතට ගෙන සාරය උරාබොන්න ඉඩදෙන්න අපගේ කිසිම අදහසක් නොමැත. පළාත්සභා කොහෙත්ම වුවමනා නැත.
කොයිකලෙක ඉඳන් ඔහොම කියනවද? 1977න් පසුව 2/3 ක් ලබාගත් මහින්ද රාජපක්ෂවත් ඕක කළේ නැහැ..
වාසුදේව මහත්මයාගේ කතාව ඇත්ත... දැනට පවතින සමානුපාත ක්‍රමය අනුව ඕනේ කුඩුකාරයෙක්ට, කසිප්පු මුදලාලි කෙනෙකුට සල්ලි තිබෙනවා නම් දිස්ත්‍රික්කය පුරාම අංකය සහිත පෝස්ටර් ගහලා, අරක්කු, කෑම බෙදලා ඡන්දෙ ගන්න පුළුවන්. එකම පිළියම අර 77ට කලින් තිබුණු කොට්ඨාශ ක්‍රමයට යන එක... එතකොට පක්ෂයට සිදුවෙනවා අවංක, උගත්, වැදගත් මනුස්සයෙක් ඉදිරිපත් කරන්න. කොට්ඨාශයේ අපේක්ෂකයාට සිදුවෙනවා. කොට්ඨාශයේ ප්‍රශ්න විසඳන්න. එතකොට රට නිකන්ම දියුණු වෙනවා. එකම පක්ෂයක්වත් කැමති නැහැ. මේ ක්‍රමය වෙනස් කරන්න.
ලංකාවේ දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ මහජනයාගේ දේපොළ සුද්ද කරන්න බැරි නිසාද? මීට කළින් තිබුණු ආණ්ඩු ක්‍රමයෙන් වාසිය ලැබුණේ එක බලගතු පවුලකට නේද? ලංකාවේ ඉන්න ඡන්ද දායකයින් සිතනවා නම් ඒ ක්‍රමය හරි කියලා ඒක තමා ලංකාවට සුදුසු ආණ්ඩු ක්‍රමය... දැන් උසාවිය ඉදිරිපිට තිබෙන නඩුගැන බලනවිට වංචනික ක්‍රියා වැඩිපුර සිදුවී ඇත්තේ 2015ට කලින් රජය කළා නේද? ලංකාව පාලනය කළ සමහර බලගතු පවුල්වල සාමාජිකයින් ඩොලර් ලක්ෂ ගණන් ගෙවා නිවාස ගත්තේ කොහොමද කියලා සිතෙනවා...
හැමදාමත් අණ්ඩ දම දමා සංශෝධනය කරන මේ ව්‍යවස්ථාව කුමක්ද? මේ සංශෝධනයේ අවසානයක් නැද්ද? 77 න් පස්සේ එන සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාව සංශෝධනය ගැන කිය කියා කල් මරනවා.