(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ් )
මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි එකම පළාත් පාලන අයාතනය වන මාතලේ මහ නගර සභාවේ 2019 වසර සදහා වු අය වැය ලේඛනය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ සහය ඇතිව වැඩි ඡන්දයෙන් අද (18) සභා සම්මත විය.
නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් 2019 වසර සදහා වන අය වැය යෝජනාව ඉදිරිපත් කරමින් සමස්ත ආදායම රුපියල් මිලියන 432ක් වන අතර පුනරාවර්ථන වියදමින් රුපියල් 372ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් 213ක් ණය වාරික ආපසු ගෙවිම රුපියල් 12ක්වන අතර ආදායම වියදම අතර වෙනස රුපියල් මිලියන 167ක් වන අතර මෙම මුදල් ස්ථාවර තැන්පතුවලින් ආවරණය කිරිමට පියවර ගන්නා බව සඳහන් කළේය.
අය වැයට ඡන්ද 13ක් ලැබුණු අතර එයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන් ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් ද අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන්නාය.
මෙහිදි ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි යුසුෆ් නිලාෆ් ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් වන ජයරත්න ලියනගොඩ , අමිල නිරෝෂන් යන් මහත්වරුන් අය වැය ලේඛනයට විරුද්ධව ඡන්දය ලබා දුන්හ.
මෙහිදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන විපක්ෂ නායක පාලිත ජයසේකර,සරත් ජාතුංග,දිනේෂ් විරසිංහ යන මහත්වරුන් ඡන්දය දිමෙන් වැලකි සිටියේය.
මෙහිදි අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා සදහන් කළේ තමන්ට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලැබුවත් එයට හිමි දේවල් සහ සහයන් මේ වන තෙක් නොලැබුණු හෙයින් අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවය.
.

2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මාතලේ මහ නගර සභාවේ අය වැය සම්මතයි