IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේ මාධ්‍යවේදීන් 10 ට ජනමාධ්‍ය ඇමති අතින් සම්මාන

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාධ්‍යවේදීන් තම රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙනවා, සමහර මාධ්‍යවේදීන් තම රාජකාරිය ඉටු කිරීමට ගොස් ජිවිත පවා නැති කරගෙන තිබෙනවා.අපේ රටේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට නිසි ඇගයීමක් නොලැබෙන බව මම හොඳටම දන්නවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් අද (06) මාතලේ ගාන්ධි සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමින්ය.

මාතලේ සමාජ සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයට දායක වූ මාධ්‍යවේදීන් 10 දෙනෙක් අගයා මාධ්‍යාභිමානී සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    ‘‘විෂයභාර අමාත්‍යවරයා ලෙස ඒ සඳහා යම් මැදිහත්වීමක් සිදු කිරීමට මම  බලාපොරොත්තුවෙනවා.බලපෑමකින් තොරව ජනමාධ්‍ය පවත්වාගෙන යෑම සඳහා අපි රජයක් ලෙස කටයුතු කරනවා.

කවුරු මොන විවේචයන කළත් කලින් තිබූණ ආණ්ඩුවට වඩා නිදහස ලබා දී තිබෙනවා. පසුගිය රජය සමයේ පැහැරගෙන යාම් පහරදීම් සුදුවෑවන් මාධ්‍ය ආයතන වලට පහරදීම් පසුගිය සිව් වසර තුළ සිදුවුණේ නෑ.අපි රජයක් ලෙස ඒ ගැන සතුටු වෙනවා‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය  අමාත්‍යවරුන්වන වසන්ත අලුවිහාරේ මහතා ,රංජිත් අලුවිහාරේ මහතා හා පාර්ලිමෙන්තු මන්ත්‍රීනි රෝහිනි විජේරත්න මහත්මිය මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.


(ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස)



අදහස් (0)

මාතලේ මාධ්‍යවේදීන් 10 ට ජනමාධ්‍ය ඇමති අතින් සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site