(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
මාතර විශ්ව විද්‍යාලයේ විද්‍යායතන භූමියේ පිහිටි රජයේ වී ගබඩාවට වී තොග රැගෙන ඒමට ඉඩ ලබානොදී පොලිස් රාජකාරියට බාධා කර අධිකරණ නියෝගය උල්ලංඝනය කළ බව කියන සිසුන් 13 දෙනෙකු අද (03) සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.
සිසුන්ගේ විරෝධය නොතකා වී ගෝනි පුරවන ලද ලොරි දෙකක් රජයේ වී ගබඩාවට රැගෙන ගොස් ගබඩා කළ බව පොලිසිය පැවැසීය.
එහිදී පොලිසිය හා විරෝධතාවයේ නිරත සිසුන් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
අදාල වී ගබඩාවට වී රැගෙන යාමට පොලිසිය අධිකරණ නියෝගයක් ද ලබා ගෙන තිබුණි.
ඉකුත් 27වැනිදා ද සිසුන් මේ ආකාරයට ප්‍රධාන දොරටුව වසා වී තොග රැගෙන යාමට ඉඩ ලබා නොදුන් අතර පසුව පොලිසිය එම උත්සාහය අත්හැර විසිර ගියේය.
පසුව යලිත් අද (03) වී තොග රැගෙන ආ අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇති විය.
මාතර රජයේ වී ගබඩා භූමියේ කොටසක් මෙම විශ්ව විද්‍යාලයේ විද්‍යායතනය ඉදි කිරීමට ලබා දී තිබූ අතර ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති නිසා එම කොටසද තම විද්‍යායථනයට ලබා දෙන්නැයි සිසුන්ගේ ඉල්ලීමවී තිබේ.
කෙසේ නමුදු අයුතු ජනරාශියක සාමාජිකයින් වීම,පොලිස් රාජකාරියට බාධා කිරීම,බලහත්කාරය පෑම හා අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම ආදී චෝදනා රැසක් යටතේ සැකකාර සිසුන් 13දෙනා පොලිසිය සැකපිට අත්අඩංගුවටගෙන ඇත.
ඔවුන් හෙට (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



2025 දෙසැම්බර් මස 18
261
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසුන් 13 ක් අත්අඩංගුවට