
(ජයන්ත සමරකෝන්)
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට සිය යතුරු පැදිය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරයේ සැරයන්වරියකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ සඳහා ජේලර්වරයකු පත් කර ඇති අතර, අද(10) එම සැරයන්වරියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද පැවසේ.
ඊයේ(09) දහවල් මාතර අධිකරණ සංකීර්ණය අසළ දී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 57ක් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු සතුව තිබූ යතුරුපැදිය බන්ධනාගාර සැරයන්වරියකගේ බවට තොරතුරු හෙළිවීමෙන් පසු දෙපාර්තමේන්තුව මට්ටමින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඇය ලබාදුන් ප්‍රකාශයට අනුව, මෙම යතුරු පැදිය කොළඹ පොලිසියක සේවය කරන සිය සැමියාගේ නමින් ලියාපදිංචි කර ඇතැයිද, ඊයේ(09) එය සර්විස් කිරීම සඳහා පුද්ගලයකුට භාර දී ඇති බවද, සඳහන් වෙන බව මෙහි නිලධාරියෙක් පැවසීය.
මෙම මත්කුඩු සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.