
(අමදෝරු අමරජිව)
මුතුර් පොලිසියෙන් කොවිඩ්-19 ආසාදිතයන් 12දෙනෙකු සොයාගැනීමත් සමග පොලිසිය වසාදැමීමට කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පැවසුවේ මුතුර් පොලිසිය වසා දැමුවද අවට පොලිස් ස්ථානවලින් නිලධාරින් ගෙන්වා මුතුර් පොලිසිය ඉදිරිපිට ඇති ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ලේ තාවකාලිකව පොලිසිය ස්ථාපිත කළ බවයි.
එම පොලිසියේ සිටි නිලධාරින් 38 දෙනෙකු ත්‍රිකුණාමලයේ වෙනම ස්ථානයක රදවා නිරෝධායනයට යොමුකළ බවත් තවත් 23 දෙනෙකු අරනගංවිල පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායනයට යොමු කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මේ අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් මුතුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 14දෙනෙකු සොයාගත් බවත් ඉන් 12දෙනෙකු මුතුර් පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් වන බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා පැවසීය.
මේ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ හයකින් කොවිඩ් ආසාදිතයන් 67ක් මේ වන විට හමුවී ඇති බවද අද (23) ත්‍රිකුණාමලය පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අධ්‍යක්ෂවරයා කීය.
COMMENTS