(අජන්ත අගලකඩ)
තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (27 දා) රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
තමාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ව කටයුතු කර ඇති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිටින්නේ තමා එදා සිටි පුටුවේ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
එබැවින් ජනාධිපතිවරයා සමග එක්ව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන බවද අගමැති රාජපක්ෂ මහතා පවසා තිබේ.

COMMENTS
Reply To:
-
මෛත්‍රී සමග බාධා නැතිවුණාට පාර්ලිමේන්තුව කැඳෙව්වම මොකද වෙන්නේ!
ලැජ්ජාවක් නැත්නම් බාධාවකුත් නෑ..........
ආපසු සැරයක් බිත්තර අප්ප කන්නා පුළුවන්
අනේ ඕව කියල වැඩක් නැහැ. ඉස්සර බොස් වෙලා හිටපු ඔහුට, තමන්ගේ සේවකයා ලඟට ඇවිදින් "සර්" කිවුවා! දැන් එහෙම කියපු පුද්ගලයා ඉදිරියට ගිහින් "සර් " කියන්න තරමට මෙයා පහළට වැටුණේ බල ලෝභය නිසා නොවේද? දැන් එකට ඉන්න කොට අරයා අඩි 6 ක් පොළොව යට යවන්න පහසුත් ඇති... දෙන්නටම ඔවුන්ගේ අතීත කතා, චෝදනා අමතක වෙලා වගෙයි..... ජනපති කියන සේ ඔහුගේ අලුත් විවාහය සාර්ථක වේවා කියන්න ඇරෙන්න වෙන මොනා කියන්නද?
එකට ආප්ප කාලා ගිහින් පහුවදා තමන්ට විරුද්ධව නැගී හිටපු ද්‍රෝහියෙක් 'හොඳයි' කියන්නේ බලයට ඇති කෑදර කමට මිස වෙන මොකටද ?
ඇත්තනේ 2015 රටෙන් 48 % මහින්ද මහත්තයට දෙනකොට 51 % සිරිසේන මහත්තයට දුන්න . දෙන්න එකතු උනාම අද රටෙන් 99 % කගේ කැමැත්ත .. ඉතින් මුළු රටම කැමති දෙන්නෙක්නේ රට කරන්න යන්නේ ..වැරද්දක් නම් පෙන්නේ නැත. තවත් එන ගන්නේ නැතිව රට ගොඩ දාල දෙනවනම් වැඩේ කොර............
එකට වැඩ කරළ ආයිත් රටම හොරකම් කාවි. මෛත්‍රීටත් ටිකක් කවාවී. ඔය කියන මෛත්‍රී, මහින්ද, රනිල් ඔය සේරම එකයි. ඒගොල්ලෝ හොරකම් කරළ මේගොල්ලන්ට දෙනවා. මේ ගොල්ලෝ හොරකම් කරල අරගොල්ලන්ට දෙනවා. අවසානයේ බලනකොට දෙගොල්ලම පට්ට හොරුන්. ජනතාව අමාරුවේ.
තිබෙන නඩු ටිකත් ඉක්මන් කරනවාද?
එජාපෙන් මෛත්‍රීට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාවොත් මෙයාලගේ කට්ටියත් එකතුවෙලා ඒක සම්මත කරගනීවි. එතකොට වර්තමාන ජනපති තනතුරෙන් විසිවෙනවා, එතකොට ව්‍යවස්ථානුකූලව අගමැති ජනපති වෙනවා එතකොට ඉතින් වැඩ කරන්න බාධා නැහැ තමයි!!!!!
ඔබතුමාට ඕනෙකෙනෙක් එක්ක වැඩකරන්න පුළුවන් බව අපි කව්රුත් දන්නවා. නමුත් මෛත්‍රී මහතා 2015දී ඔබතුමා අතහැර එළියට ආවා. දැන් රනිල් මහතා අයින් කළා. බොහෝදෙනා කියන්නේ එතුමාට කවුරුවත් එක්ක වැඩ කරන්න බැහැ කියා.
එකට වැඩකරට කමක් නැහැ නමුත් ආප්ප කනකොට ප්‍රවේශමෙන්
නව අගමැතිතුමා කියනවා සිරිසේන මහතා සිටින්නේ මම හිටි පුටුවේ කියල.ටික දවසකින් පුටු මාරුකරන්න බලයිද
අනේ! බෑනො, ඕං උඹේ කටෙත් පස්, මේං මගේ කටෙත් පස්.
රට ගොඩ ගැනීම කොහොම වෙතත් නඩු ටිකෙන් බේරෙන්න නම් පුළුවන් වෙයි.අපේ රටේ ඉන්නේ බත් කන හරක්.බව නැවත වරක් ඔප්පු කරලා පෙන්නුවා.
පක්ෂ ගැන නොසිතා අතිතය ගැන නොසිතා රට ගැන සිතා ඔබ දෙපලම එක්සත්ව එක්සිත්ව සියලුම අංශයන් කෙරෙහි ජාතික ප්‍රතිපත්තියන් මත කටයුතු කිරිම වර්තමාන ජාතියේ පැතුම බව දෙදෙනාම සිතා ගනිත්වා යන්න ප්‍රාර්ථනාවය.
ආයි මොන කතාද මේ පාර නම් සුපිරියටම දෙයි දෙන්න එක්ක...
බාප්පට ආප්පයක් කවල තාප්පයක් උඩින් තියන්න වගේ හදන්නේ!!!
බාධාවක් තියනවා. එකේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. කියවලම බලන්නකෝ.
මෛත්‍රීට තමා වැඩ කරන්න බාධාවක් වෙන්නේ. මෛත්‍රී රූකඩයක් වෙනෙවා ඉදිරියේදී ඉබේටම.
ඔබ තුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් මේ වගේ පස්සදොරෙන් බලයට එම ගැන ...අපගේ කණගාටුව .....
ඔබට රට පමණක් නොව ලොව ද ජය ගත හැකි ය .
ව්‍යවස්ථාව මොකටද මහත්තයෝ ඔය වගේ උත්තමයන්ට? උන්නාන්සේට ඕන දෙයක් කරන්න පුළුවනි. බුදුහාමුදුරුවන්ගේත් නෑදෑයෙක් කියලා අර මහා ඉතිහාසකරයා කියලත් තියනවනේ. අනේ සාධු!
ඔව් ඔව් ඔබතුමා සමග වැඩ කරන්න බයයිනේ..............
එහෙමයි.. එහෙමයි.. සම්විල්. ලොව පමණක් නොව එතුමාට මාර පරාජය කර සසරද ජය ගත හැකිය! මෛත්‍රී බුදුවේවා! මහින්ද රහත් වේවා! ඒ මහිමයෙන් තුන් හෙළය ඒකාලෝක වේවා!!!
අර ජැක්සන් කියන කෙනාගේ නෑදෑ කෙනෙක්වත්ද ඔයා?
දෙන්නටම බාදාවකුත් නෑ, ලෑජ්ජාවකුත් නෑ. ඉස්සර කියා ගත්තුව ඔක්කොම ඩිලීට් කරානෙ..
එදා ජනපති රජයේ තොරතුරු දැනගත්තේ පත්තරෙන් කිව්වනේ... දැන් ඇති එහෙමවත් දැනගන්න ලැබෙන එකක් නැහැ... මොකද ඔය ඔක්කොම පත්තරේ පලකරන්න ජනමාධ්‍යයට දෙන්න එපායැ?