(මනෝප්‍රිය ගුණසේකර)
මත් පෙති 05ක් ළඟ තබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 05ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
මීට වසර 05කට පෙර මරදාන ප්‍රදේශයේදී නීතීවිරෝධී මත් පෙති ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතීඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඔහුට එලෙස දඬුවම් නියම කෙරිණි.
චෝදනාවට වරදකරු වීම නිසා දඬුවම් නියම වුයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවරිදි තරුණයකු වු ස්මයිල් මොහොමඩ් ඩිල්ෂාන් නමැත්තකුටය.
වර්ෂ 2015 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මරදානේදී නීතීවිරෝධී මත් පෙති 05ක් ලඟ තබාගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු බව විනිසුරවරයා තීරණය කළේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අසිත විපුලනායක මහතා අධිකරණය අමතමින් මෙම චෝදනාවට වසර 10ක උපරීම දඬුවමක් නියම කළ හැකි වුවත් විත්තිකරුගේ තරුණ භාවය සැළකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ පද්මාල් සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ අසිත විපුලනායක මහතා පෙනී සිටියේය.
COMMENTS
කිලෝ ගණන් වලින් ගේන අය එළියේ...
කුඩු ජාවාරම් කාරයෝ, ඊට සම්බන්ධ සමහර දූෂිත දේශපාලකයෝ නිදහසේ.. සුවසේ ඉන්නවා. රටේ නීතිය කාටත් පොදුයිලු.
ගෙන්වන අයට?
මත්පෙති 05ට වසර 05ක් හිරේ. මිනීමැරුවොත් වසර 05කට දියවන්නාවේ...!!!
එක රටක්, එක නීතියක්...