
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව හා හානිය පිළිබඳව ගණනය කර වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දුන්නේය.
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් තොටුපළ ඉදිරි කටයුතු පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවැරදි තක්සේරුවක් මෙතෙක් කර නොමැති බවයි.
ඒ පිළිබදව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසු විට ඔහු ද එය පිළිගත්තේය. ඇමැතිවරයා මෙහිදි අවධාරණය කළේ මේ පිළිබද ව නිවැරදි තක්සේරුවක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 යල කන්නයේ දී හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේ කාර්ගෝ ගොඩනැගිල්ලක වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීමට කටයුතු කළේ යල කන්නයේ දී වි ගබඩා කිරීම සදහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති බව පවසමිනි.
වී ගබඩා කිරීම සදහා යොදා ගැණුනේ මත්තල ගුවන් තොටුපළේ කෝටි 200ක අධික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි. එක්ස් රේ ස්කෑන් යන්ත්‍ර, අධි තාක්ෂණික උපකරණ, වායු සමිකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත ගොඩනැගිල්ලක් වූ මෙහි සංවේදි උපකරණ ගලවා ඉවත් කර වී ගබඩා කිරීම සදහා යොදා ගත් බවට චෝදනා නඟා තිබේ.
වි ගබඩා කිරිමෙන් එම ගොඩනැගිල්ලේ වායු සමිකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, ගුවන් යානා ගොඩ බැස්සවීමේ දී ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ වලදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල් නෙවේ, අර විදේශ ශ්‍රමිකයන් ටික ලංකාවට ගෙන එන්න. නැතිනම් ඒ අය අරාබි රටේ කන්න බොන්න නැතිව මැරිලා යාවි...
පක්ෂ, පාට බේදයකින් තොරව මේකට අනුමැතිය දුන් කට්ටියට දඬුවම් දිය යුතුමයි. තවත් පක්ෂයකට පහර ගහන්න රටේ සම්පත් විනාශ කිරීම කෙසේත් අනුමත කළ නොහැකියි.
වරදකරුවන්ට දඬුවම් නොදෙයිනම් ඔය පරීක්ෂණ කරලා ගණන් හිලව් කිව්වා කියලා සාමාන්‍ය ජනතාවට සත පහක වැඩක් නෑ. මීටකලින් බැඳුම්කරේ පාඩුව හරියටම රුපියලට ගණන් බැලුවා.. ඒත් වරදකරුවෙක් තාම ඇල්ලුවේ නෑ... ප්‍රසන්න රණතුංග රටට වැඩක් කලේ නෑ කවදාවත්... බොරු මාධ්‍ය සංදර්ශන විතරයි. අනික සංචාරක ඇමතිට අදාල නෑනේ ඕවා... ගෝඨාභය ජනාධිපතිතුමාගේ නම කන්නේ නැතුව වැඩක් කරන්න බලන්න ඔය ගොං පාට් නවත්තලා...
ඒ කාලේ මත්තල ගබඩා කරන්න තරම් වී තිබුණු රටක්... මේ අය අවුරුදු 5කදී වී ඇටයක් නැති තැනට ගේනවා.
මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළබව සැබෑය. නමුත් ඔබ සඳහන් කර ඇති උපකරණ දෝෂ සහිත වී ඇත්තේ එම උපකරණ පාවිච්චියක් නොමැති නිසාවෙනි. මත්තල තිබෙන්නේ වසා තිබෙන ගුවන් තොටුපලකි. මත්තල ගුවන් තොටුපල විවෘත කළ දා සිට අද වනතුරු සුදු අලියකු බවට පත්ව ඇත. මෙම ගුවන් තොටුපල නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල සහ සමස්ත මුදල රටට හෙළිකරන්න. එම මුදලෙන් වී ගබඩා කිරීමට වැයවූ මුදල අඩුකර සිදුව ඇති සහ සිදුවෙමින් පවතින පාඩුව රටට කියන්න... වර්තමාන රජයේ කිසිම ඇමතිවරයකු (රාජපක්ෂලා හැරුණුකොට) ඔවුන්ට ලැබුණු ඇමති තනතුරු පිළිබඳ සෑහීමක් නොමැත. නමුත් ජනාධිපතිවරයා එම තනතුරු ඔවුන්ට ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමක් මතවේ. රටට වැඩකරන්නට තනතුරු අවශ්‍ය නොමැත. ජනාධිපතිවරයා විසින් දේශීයත්වය, දේශීය ආර්ථිකයට මුල්තැන දෙමින් පත්කොට ඇති ඇමති මණ්ඩලයට දැන් තිබෙන්නේ වැඩපෙන්වීමට වේ. අනෙක පොහොට්ටුව ආරම්භ කළදා සිටි පිරිසට තනතුරු ලැබී ඇත. ඇමති තනතුරු නොලැබුණු අනෙක් කණ්ඩායම වාසියට දිනන පැත්තට පනින තනතුරු ලබාගන්න මිස රටට වැඩකරන පිරිසක් නොවන බව ජනාධිපතිවරයා හොඳින්ම දනී.
ඕකේ වී ගබඩා කළේ රනිල්... රනිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජපක්ෂලා ඔවුන් ආරක්ෂා කරන නිසා... මැදපෙරදිග අසරණ වෙච්ච මිනිස්සු ජීවිතයත්, මරණයත් අතර සටනක් කරනවා. ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්නේ නැතුව ඇමැති දැනට අවුරුදු ගණනාවකට කළින් පවත්වාගෙන ගිය වී ගබඩාවක් ගැන හොයනවා. ඕක ඒසී කරලා තිබෙනවා නම් අසරණු වුණු විදේශ ශ්‍රමිකයෝ ටික ලංකාවට ගෙනත්, ඔය ගබඩාවෙම තියලා නිරෝධායනය කරන්න පුළුවන්...