(දිලීප් ජයසේකර)
ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මත්තල - මාතර දක්ෂීණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයෙන් දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණීම දක්නට ලැබේ.
අද (7) අලුයම වන අලි 20ක පමණ රංචුවක් මත්තල අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම අසලින් මාර්ගයට පැමිණ තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කම්කරුවන් පවසන්නේ දිනපතා වන අලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණෙන බවත් මේ හේතුවෙන් රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ විවිධ ඉදිකිරීම්වල නියැළෙන කම්කරුවන්ගේ ජීවිත ද දැඩි අනතුරුදායක තත්වයට පත්වී තිබෙන බවයි.



COMMENTS
අසාර්ථක සංවර්ධනය. අවුරුදු ගානක් මේ සත්තු එහා මෙහා ගිය මංකඩවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පාරවල් දදා වෙන් කරලා. මේ වගේ ව්‍යාපෘති කරන ඉංජිනේරුවන්ට හෝ ඒවාට අනුබල දෙන මැති ඇමතීන් හෝ මේ රටේ පාරිසරික හා වනජීවී සාධකය බරපතල ලෙස අපයෝජනය කරනවා. මේවයේ විපාක මේ අහිංසක සත්තුන්ට විතරක් නෙවෙයි කවදාහරි පාරිසරික අසමතුලිතභාවය නිසා මේ අවට ගම්මාන වල මිනිස්සුන්ටත් ගෙවන්න වෙනවා. බලධාරීන් මේ තරම් ආත්මාර්ථකාමී උනේ කොහොමද කියල හිතා ගන්න අපහසුයි.
ජනතාව නිදාගෙන ඉන්න අතර හොර රහසේම අලි මත්තල වෙනකන් ඇවිල්ලා...
ඒ සතුන්ට අයිති දේපළ අවහිර වෙද්දී මෙවැනි සිද්ධීන් වෙන එක අහන්න දෙයක්ද?
සතා සිව්පාවා හැමදාම ගමන් කරනුයේ ඔවුනොවුන්ට ආවේණික ක්‍රමවේදය කට... පරිසර වාර්තාවක් හරියට සැකසුවා නම් මේ සිද්ධවීම වෙන්නට කොහොමත් බැහැ. කැලේ නිතර අලි ගමන්මග ලෙහෙසියෙන් හඳුනාගන්න පුළුවන්... අධිවේගී ගමන් මග වගේ බොහොම ලස්සනට තියෙන්නේ...
මන්කඩවල් අඳුරගෙන පාරයටින් උමංහාරලාවත් මේ සත්තුන්ට නිදහසේ පාර මාරුවෙන්න හදලා දෙන්න...
අපි ආවේ අලුත් පාර බලන්න මිසක් ඒකේ කෙහෙල් හිටුවන්න නෙමේ.
ඉස්සර සුද්දන්ගේ කාලේ කළා වගේ උමං හාරන්න මේ සතුන්ට පාර මාරු වෙන්න.
රාජපක්ෂලාගේ වැඩ අපිට යන්න එන්න විදිහක් නැහැ යකඩ බම්බු හයි කොරල අහු උනොත් පවුලේ අයව අපි බලා ගන්නම් අලින් අඳුරන්නේ නැහැ කෝ අපේ අලි මංකඩ
බොරැල්ලේ හැදුව වගේ එකක් හදා දෙන්න පුළුවන්නේ පාර යටින් යන්න කෙහෙල් කන් ටිකකුත් තිබ්බ නම් අලි යන්න පුරුදුවෙනවා