IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් යළි අරඹන්න උපදෙස්

( තිළිණි ද සිල්වා )

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මුලින්ම මත්තල ගුවන් තොටුපළේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹිමටත් , ඒ අතරතුර සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බලධාරින්ට උපදෙස් දෙන ලදී.

මතත්ල රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපල ක්‍රියාත්මක ගුවන් තොටුපලක් බවට පත් කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා ගුවන් තොටුපල බලධාරින් අතර පසුගිය සිකුරාදා (08) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

එහිදී වැඩිදුරටත් ඇමතිවරයා කීවේ ඉතා ඉක්මණින් මත්තල ක්‍රියාත්මක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවය.

මත්තලට පැමිනෙන ගුවන් සමාගම් සදහා ගුවන් තොටුපළ සේවා ගාස්තු වෙනුවෙන් සහන ලබා දිම පිළිබඳවද මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කැබනට් අනුමැතිය ද ලබා ගැනිමට පියවර ගන්නා බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් යානා අලුත්වැඩියා අංගනයක්, පුහුණු පාසලක් ආරම්භ කිරිමට ද මෙහි දි යෝජනා වු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු සංගමය ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවක දි මෙම අලුත්වැඩියා අංගනය ඉදි කර පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර තිබිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව ලැබුණු වහා ම ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ හදුන්වා දුන් හම්බන්තොට සංවර්ධන සැලැස්ම නැවත ක්‍රියාත්මක කිරිමටත් හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ අතර ඒකාබද්ධ මගී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද ව සොයා බැලිමටත් මෙම සාකච්ඡාවේ දි තීරණය කෙරිණ.

මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ආයෝජන කලාපයක් ඉදිරිකිරිමටත් අවධානය යොමු ව ඇතැයි මෙහි දි පෙන්වා දුන් ඇමතිවරයා එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩසටහන මහින්ද යොජනා කර ඇතැයි කීවේය.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2015 ට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ශ්‍රී ලංකන්, ඩුබායි, අරාබි වැනි ගුවන් සමාගම් වල ගුවන් මෙහෙයුම් එහි ක්‍රියාත්මක විය. එහෙත් 2015 යහපාලන රජය පත්වීමත් සමග එම ගුවන් යානා මත්තලට පැමිණීම නතර කර දැමිණි. 2014 දි ගුවන් මගීන් 40,386 ක් මත්තල ගුවන් තොටුපලින් සේවාව ලබා ගෙන ඇති අතර 2019 දි එම සංඛ්‍යාව 1536ක් විය.

2014 දි මෙට්‍රික් ටොන් 214 ක භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපල මගින් සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ භාණ්ඩ මෙහෙයුම් කිසිවක් සිදු නොවු බව ද මෙහිදී අනාවරණය වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (18)

මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් යළි අරඹන්න උපදෙස්

kap Sunday, 12 January 2020 12:59 PM

යහපාලන ආණ්ඩුවෙන් නතර කරේ නැහැ. ඒ එයාලයින්වලට පාඩු කරගෙන එන්නේ නැහැ. බොරු කියන්න එපා. අනතුරුදායක නිසා කවුරුත් එන්න අකමැතියි. ඉන්ෂුවරන්ස් වැඩි නිසා..

:       260       960

WijebahuMonday, 13 January 2020 01:20 AM

බොරුවෙන්ම රට ගෙනියන්නයි අදහස. මාසෙන් දේශප්‍රේමියෝ දේශද්‍රෝහියෝ වෙලා.

:       0       134

පිටිගල මිලානෝ Sunday, 12 January 2020 01:51 PM

හිටපු අගමැතිතුමා කෙතරම් බුද්ධිමත්ද කියන්නේ අලුත් සහ සර්වසම්පූර්ණ ගුවන්තොටුපොලකින් ප්‍රයෝජනය ගත්තේ වී තොග ගබඩා කිරීමෙන්.

:       51       2

sunil Sunday, 12 January 2020 02:36 PM

එහෙනම් ළඟදීම අර සෙල්ලම් පිස්තෝල කාරයත් නිදහසේ ඉඳියි.

:       1       242

Kumar Sunday, 12 January 2020 03:37 PM

ඊයේ සිදුවුණු සිද්ධිය වගේ නරි මරන්නයි, කුරුල්ලන්ගේ හැප්පෙන්නයිද? අහස් යාත්‍රාවක් වැටුණු දවසට අහිංසක මගින් මරණයට පත්වෙන්නේ... එසේ නොවේවා කියලයි මගේ පැතුම...

:       138       341

janahithaMonday, 13 January 2020 04:16 AM

කුරුළු ප්‍රශ්නය අපි විසඳුවා කටුනායක 1987 සිට 1997 දක්වා එයාර් ෆීල්ඩ් එක බලපු මා සමග වැඩ පරීක්ෂක පිරිස ඉතාම බරපතල ප්‍රශ්නයක් උන වෙඩික්කරුවන් යෙදුන නමුත් ඉතා සරල ක්‍රම වලින් එය පාලනය උන මුතුරාජවෙල අභයභූමිය කුරුල්ලන්ගේ ආහාර පවා තැන්පත් කල තණකොළ කැපීම උස ප්‍රමනය වැඩි කල ජාත්‍යන්තර ගුවන් පාලන අංශයෙන්ද පැමිණ උපදෙස් දුන්නා. කුණු දැමීමට ආවරණය උන කන්ටේනර රටින් ගෙන්වා සැම තැනම තැබුවා ආහාර, ගුවන් යානා අපද්‍රව්‍ය පිට තට දැමීම තහනම් කලා.

:       0       33

KumarWednesday, 15 January 2020 03:34 AM

මම 1970 වර්ෂයේ සිට අඩුගණනේ වසරකට වරක් කටුනායකින් ගමන්කර තිබෙනවා. තවම කුරුල්ලෙක් ගැටුණු වගක් අහලා නැහැ. මේ ටිකකලට මත්තල ගැටුම් කීයක්ද? ඉන්ධන පිරවුම්හල් වගේ පිටත්වෙන ලොකුබර ගුවන් යානයක මොනරෙක් එන්ජිමට ගැටී එය ක්‍රියාවිරහිත වුවහොත් තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි කියන්න වෙන්නේ... කටුනායක වගේ නොවේ අලි මොනරු ජීවත් වෙන්නේ මත්තල අසලයි.

:       0       0

Sena Sunday, 12 January 2020 04:13 PM

චීනය වරාය පාලනය කරන බැවින් ඒ අවශ්‍යතා වලට යම් ගුවන් වාර ගනනක් කි්රි්මට චීනය ගිවිසුමකට යෑමට සහ ආරම්භයක් වශයෙන් සැහැල්ලු ගුවන්යානා සහ කුඩා ප්‍රමානයේ හෙලිකොප්ටර් ඒකලස් කිරි්මේ කර්මාන්ත මෙහි අාරම්භ කොට දියුණු කලහැකිය.

:       0       3

Amula Sunday, 12 January 2020 04:39 PM

මේ පාර ලොක්කාට හොද්ද හොඳ වෙයි වගේ.... ඒ වුණාට පළක් ඇති වැඩක් කළොත් හොඳයි නේද? ඕක බද්දට දෙන්න ණය ටික ගෙවලා ඔලුව ටිකක් උස්සගන්නකම්. කොමිස් හම්බවෙන එක පැත්තක තියලා..

:       113       307

chinthaka Sunday, 12 January 2020 04:51 PM

එයාර් ලයින් පාඩු කරගෙන මත්තල එයි කියලා හිතුවද? ඕකේ ඔපරේෂන් පටන් ගත්තා කියලා. මම කාලයක් වැඩකරපු එයාර් ලයින් එක මත්තලට ආවා. ඕක පටන් අරන් අවුරුද්දක් විතර යනකන්... දවසකට උපරිම මගීන් 10ක් ඉන්න ඇති. එහෙම එයාලා ෆ්ලයිට්ස් එවන්නේ නැහැ පාඩුපිට. ඊට පස්සේ නතර කරලා දැම්මා. අවශ්‍ය දේ නෙවෙයි මෙයාලා කරන්නේ.

:       251       468

කපුරුහාමි Sunday, 12 January 2020 06:50 PM

පවුලේ උදවියගේ නම ගෙනියන්ඩ ,එයාලගේ උවමනාවන්ට හදපු එකක් නිසා අවුලක් නැහැ.

:       0       67

rasika Sunday, 12 January 2020 07:54 PM

මැදපෙරදිග කලාපයෙන් එන ගුවන් යනා කිහිපයක් හෝ මත්තලට එවන්න පටන්ගත්තොත්, ගාල්ල, මාතර , හම්බන්තොට, අම්පාර , වගේ ප්‍රදේශවල ජනතාවට මැදපෙරදිග යන්න කොළොඹ එන්න ඕනේ නැහැ .

:       36       1

ලුම්බිණි Sunday, 12 January 2020 11:12 PM

දැන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඉවරද?

:       0       55

mahinda Monday, 13 January 2020 01:49 AM

නමට පවත්වාගෙන ගිහින් කෝටි ගණන් අපේ සල්ලි වල පල්ලට යයි

:       0       66

Akila Monday, 13 January 2020 01:51 AM

වෙනත් ගුවන් සමාගම් වලට එන්න කියන එක හොඳයි හැබැයි අර කලින් කරාවගේ , ශ්‍රී ලන්කන් ගුවන් යානා කටුනායකින් ගුවන් ගතවෙලා තව විනාඩි 10-20 කින් එක ගුවන් මගියෙක් ගන්න අපහු මත්තලට ගොඩ බස්සන වැඩේ කරලා ශ්‍රී ල්කන් එක තවත් බංකොලොත් කරන්න එපා

:       0       40

සමන්ත Monday, 13 January 2020 04:57 AM

මත්තල ලාභ ලබනවා නම් එන ගුවන් යානා නවත්තන්න පිස්සුද? අපිට පිස්සුද? යහපාලන ආණ්ඩුව ඕක ගොඩගන්න මොනවද නොකලේ? හැබැයි කටුනායකට එන ඒවා හරවලා එහෙට යවලා මිනිස්සුන්ට හරි ගුවන් සමාගම් වලට හරි එපා කෙරෙව්වේ නෑ.

:       0       70

hemantha Monday, 13 January 2020 06:24 AM

මේක තනිකරම කොමිස් කුට්ටිය බලාගෙන ගොඩනගපු සුදු අලියෙක්.

:       0       63

kap Monday, 13 January 2020 08:12 AM

දැන් ඉන්නේ මිලානෝ උනත් , හිත තාම පිටිගල වගෙයි. වී ගබඩා කරේ එයාපෝර්ට් එකේ කාගෝ ගබඩාවේ. එක තියෙන්නේ ගබඩා කරන්න තමයි. මගී පර්යන්තේ වී ගබඩා කරේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 254 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 324 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 379 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 157 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
2025 පෙබරවාරි මස 11 134 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.


එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම්
2025 පෙබරවාරි මස 11 669 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 105 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site