( තිළිණි ද සිල්වා )
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (20) පැවසීය.
ඒ අනුව මෙතෙක් මත්තල ගුවන්තොටුපළට ගුවන් මෙහෙයුම් සිදු නොකළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් ආරම්භ කරන දින සිට වසර දෙකක කාලයක් සදහා ඩොලර් 60 ක ගුවන්තොටුපළ විගමන බද්ධ අය නොකිරීමට යෝජනා කර ඇතැයි සංචාරක අමාත්‍යවරයා සදහන් කරයි..
ගුවන් යානා ගොඩ බැසීම් හා නැවතුම් ගාස්තු සදහා ද සහන ලබාදීම යටතේ මත්තල ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තු සදහා වට්ටම් ලබාදිමට නියමිත යැයි ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
ඒ අනුව පළමු වසර සදහා සියයට 100 කින් ද, දෙවන වසරේදී සියයට 75කින් ද, තුන්වන වසරේදී සියයට 5 ක් ද, සිව්වෙනි වසරේදී සියයට 25ක්ද ගුවන් යානා ගොඩ බැස්සවීම් හා නැවතුම් ගාස්තු නිදහස් කෙරෙන බවද හෙතෙම කීවේය.
ඒසේම සතියකට අවම වශයෙන් එක් කාලසටහන්ගත ගුවන් ගමනක්වත් මත්තල ගුවන් තොටුපළ සදහා ක්‍රියාත්මක කිරීමට කිසියම් ගුවන් සමාගමක් ගිවිසුමකට එළඹෙන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පළමු වර්ෂයේ මෙහෙයුම් වල ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සදහා සියටට 50 ක වට්ටමක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවද සංචාරක අමාත්‍යවරයා කීය.
කොවිඩ් 19 වසංගතය ගෝලීය ගුවන් ප්‍රවාහන කර්මාන්තයට ද සැලකිය යුතු අන්දමින් බලපෑ ඇති හෙයින් මත්තල ගුවන් තොටුපළ සදහා නව ගුවන් සේවා ආරම්භ කිරීමට කැමති ගුවන් සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේ බවත්, ඒ අනුව මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි
COMMENTS
මොන සහනෙ දුන්නත් ජනශුන්‍ය හම්බන්තොට සිට ඉතා අඩු ගුවන් මගීන් ප්‍රමාණයක් ගුවන් ගත වෙන නිසා ගුවන් සමාගම් එන්නේ නැහැ. මෙම මුදල්වලින් ත්‍රිකුණාමලයේ ගුවන් තොටුපළ ජාත්‍යන්තර තත්වයට නවීකරණය කිරීම හෝ වව්නියාවේ අලුත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැදුවා නම් ඉතා වටිනවා.
ගෙවපල්ලා ඔය නම ගහගන්න හදපු තොටුපලේ ණය, ඩොලර් නෑ කියලා බඩගින්නේ නිදාගන්නවා හැර මේ තොටුපලට කවර යානාද?
ඔච්චරම සහන දෙනවා නම් මගේ අහස් යානයත් ඕකට බස්සනවා.
ඕවා හදන්න කලින් ජාත්‍යන්තර සම්මතයට අනුව ශක්‍යතා වාර්තා අනුව වැඩ කලානම් මෙහෙම වෙන්නේ නැහැ.
කටුනායක ගුවන් තොටුපලට වත් සම්පුර්ණ ධාරිතාවට අවශ්‍ය අහස් යාත්‍රා පැමිනෙන්නෙ නෑ, ඒකයි තිත්ත ඇත්ත, මේගොල්ලන්ගෙ නායකය කල අදුර දර්ශී වැඩ නිසයි, මේ රට චීනෙට ණයකාරයෙක් වුනේ. නැව් නැති වරාය, මිනිස්සු නැති ක්‍රිඩාගාර, චිත්‍රපටි හදන්නෙ නැති ස්ටුඩියෝ, හම්බන්තොට හදල අද අපි ණය ගෙවනවා කන්න අඳින්න ගේන්න තියෙන සල්ලිවලින්, මුලු රටේ ජනතාව ණයකාරයො කරලා. මෙ රටෙ ඉතිහාසය මේ පාලකයන්ට සෑම පක්ෂයකම කවදාවත් සමාවක් දෙන එකක් නැහැ.
බලෙන්ම ගුවන් මගීන් හම්බන්තොට ට ගොඩබාන්න හදන්නෙ. රජයේ සිටින ප්‍රබලයින් සතුටු කරන්න. මේ දිස්ත්‍රික්කයේ පෞරාණික වටිනා දෙයක්, විනෝද වීමට දෙයක් නොමැත.
ඕකේ නම මාරුකළොත් ගුවන්යානා ඒවි... නමම හරි මදි නේද?