(නිමන්ති රණසිංහ)
නවක ගායිකා යොහානිගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන "මැනිකේ මගේ හිතේ" ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට පටන් ගෙන තිබේ .
ඇමරිකාවේ ජනප්‍රිය ළමා වයලීන් වාදකවරියක වන කැරොලිනා ප්‍රෙට්සෙන්කො විසින් මෙම ගීතය තම වයිලීයෙන් වාදනය කරනු ලැබූ , අපූරු වීඩියෝවක් ඇය සමාජ ජාලයට මුදා හැර තිබේ.
වයලීනයක් වාදනය කරමින් කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි වීදි වල සැරිසරන ඇය කෙටි කලකදී ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වූයේ සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රසිද්ධියක් ලබා ගනිමිනි.
ඒ අනුව ඇගේ අලුත්ම වීඩියෝව ශ්‍රී ලංකාවේ "මැනිකේ මගේ හිතේ" ගීතයයි.
ගෙවුණු මාස තුන තුළ යූ ටියුබ් සමාජ ජාලයේ ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ලබා ඇති මුල්ම ගීත අතරට මෙම "මැණිකේ මගේ හිතේ" ගීතය පැමිණ ඇත්තේ පස්වැනි ස්ථානයටයි .
වයස අවුරුදු දහ තුනක් වන කැරොලිනා ප්‍රෙට්සෙන්කො ඉතා කෙටි කලකදි ඕනෑම ගීතයක් සිය වයලින් වාදනය කිරීමේ අපූරු හැකියාවක් ඇති දැරියක් වන අතර ඇය වීදිවල සැරිසරමින් තම අපූරු දක්ෂතාවය ප්‍රදර්ශනය කරන්නීය.
යුක්‍රේන සංගීත පවුලක උපත ලද කැරලිනා සහ ඇයගේ පවුලේ උදවිය ඉකුත් 2015 වර්ෂයේ දී ඇමරිකාවට පැමිණ ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි.. ආඩම්බරයි..
මේක අහලා මගේ බඩත් බුරුල් වුනා.දැන් යනවා නාන්න
කුහක නැතුව සතුටුවෙමු. යොහානි මේ ලෝකෙට අරන්ගියේ අපේ භාෂාව.. අපේ රටේ හැකියාව...
යොහානි කරපු වැඩෙන් සතීසාන් හෝ ඔහුගේ ගීතයත් ලෝක ප්‍රසිද්ධ උනා ,මේක හොඳ වැඩක් ,මේක කණ්ඩායමක් එකට එකතු වී කරපු හොඳ නිර්මාණයක් .හරිම ආඩම්බරයි .යෝහානි ඇතුළු හැමෝටම ගෞරව කරන්න ඕනේ මේ කල වැඩේට
මොනවද මේ? නිකන් වචන... හරයක් නැති... අපි ඇත්තටම වාසනාවන්තයි, අමරදේව, සුනිල් එදිරිසිංහ, වික්ටර් වගේ ගායකයින්ගේ ගීත තමයි හොඳ..
මන් මාරම උත්සහයක් ගත්තා සුද්දෙක්ගේ කොමෙන්ට් එකක් හොයාගන්න. කොච්චර් පහලට ගියත් පෙර භව හොයනවා වගේ තියෙන්නෙම ලංකාවේ අයගේ කොමෙන්ට්ස්