(ඩයනා උදයංගනී)
සහරාන් හෂීම් සමග තමන් සබඳතා තිබූ බව කියමින් රිසාන් මහරූෆ් නැමැත්තා මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවන්නේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ උවමනාවට බව හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.
හිස්බුල්ලා මහතා රිසාන් මහරූෆ් නැමැත්තාට මුදල් ලබා දී මෙම කටයුත්ත කරවන බවත් එය නැවැත්වීමට අවශ්‍ය නම් මුදල් දෙන ලෙස රිසාන් නැමැත්තා තමන්ට දුරකථනයෙන් පැවසූ බවත් කී හකීම් මහතා ඔහුට එරෙහිට පොලීසියට හා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර නීතිමය පියවර ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුම් කාර්යාලයේ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රිසාන් මහරූෆ් නැමැත්තා තමන් හා නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී ෂිබ්ලි ෆාරුක් මහතා සමග කළ දුරකථන සංවාදයක් බව කියන හඬ පට දෙකක්ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වීය.
එම දුරකතන ඇමතුම්වල හඬ රිසාන් මහරූෆ් නැමැත්තාගේම ද යන්න තහවුරු කරගැනීමට කිසිවෙකුට හෝ අවශ්‍ය නම් ලෝකයේ ඕනෑම විද්‍යාගාරයකදී පරීක්‍ෂා කරබැලීම සඳහා ලබාදිය හැකි බව කී ඇමතිවරයා තමන් සතුව රිසාන් මහරූෆ් නැමැත්තා හමුවූ අවස්ථාවක වීඩියෝ පටයක්ද තිබෙන බව සඳහන් කළේය.
එවැනි අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම හරහා මුස්ලිම් ඡන්ද ලක්‍ෂ දෙකක් පමණ සජිත් ප්‍රේමදාස මහතාට අහිමි කිරීමත්, සිංහල ජනතාව තුළ ජාතිවාදය ඇතිකර ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ලබාදීමත් තමන්ගේ අරමුණ බව හිස්බුල්ලා මහතා මහරූෆ්ට පවසා ඇතැයිද හකීම් මහතා කීවේය.
කවුරුන් කුමන කුමන්ත‍්‍රණ කළත් ජනතාව සත්‍ය දන්නා බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග‍්‍රහණය ස්ථිර බව ද හෙතෙම කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
667
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1112
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ හිස්බුල්ලා’