(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා මෙරට ආර්ථිකය අගාධය කරා වැටෙමින් ඇතයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රාජ්‍ය ආයතන සීමා කිරීමේ ප්‍රතිපත්තිය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද ගැටළුවට ස්ථීර විසඳුමක් නොලැබුණහොත් ඉදිරි මාස 03 තුළ රටේ විශාල භාණ්ඩ හිඟයක් මතුවිය හැකි බව ද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.
මෙරට කර්මාන්ත ශාලාවකට ඇමරිකානු ඩොලර් 10,000ක් වටිනා අමතර කොටස් ආනයනය කිරීමට විදුලි හුවමාරු පණිවිඩයක් යවන්න පවා සමහර වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන් වේ.
මීට අමතර ව විදේශයන්හි අධ්‍යාපනය ලබන දූ දරුවන් විදේශ මුදල් ප්‍රේෂණය කිරීම ද සමහර බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීම දෙමව්පියන්ගේ කනස්සල්ලට හේතු වී ඇතැයි ද මංගල සමරවීර මහතාගේ නිවේදනයේ සඳහන් වේ.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බව ද සඳහන් කරන මංගල සමරවීර මහතා මහ බැංකුව, වාණිජ බැංකු වලට සහ මූල්‍ය ආයතනවලට විදේශ ණය ලබා ගැනීමේ බලය පවරා ඇතැයි ද සඳහන් කරයි.
COMMENTS
මෙයා කොහෙන්ද දන්නේ නැහැ කතාකරන්නේ? මරු මුදල් ඇමැති..!! 7%කට තිබුණා.. ආර්ථිකය 2%ට බස්සලා දැන් ලොකු ටෝක් දෙනවා. කාට කියන්නද?
කතාව නම් ඉහටත් උඩින්. ආනයන අපනයන වෙළඳාමවත් හරියට කරගන්න බැරි බංකොලොත් ආණඩුවක් මේක... මෙහෙම ආනයන නතරකරලා ජනතාව හිරකරන්නේ ඇයි? 69 ලක්ෂයක් මහ ලොකුවට ගිහින් ඡන්දෙ දීලා පත්කරගත් ආණ්ඩුවක හැටි...
ඔබ හරි... ආණ්ඩුව රට මඤ්ඤොක්කා යුගය කරා ගෙනියනවා.
ගෙදර ඉඳන් කතා පැවැත්තුවාට කමක් නැහැ. පන්සල් පැත්තේ නම් යන්න එපා. ටොකු කන්න වෙනවා.
දේශපාලකයින් කුමක් ප්‍රකාශ කළ ද අප රටේ ජනගහනයෙන් 40%ක පමණ දරිද්‍රතාවයෙන් පෙලෙනවා. ආර්ථික වර්ධන දර්ශක හුදු ඉලක්කම් පමණයි.
මේ අවස්ථාවේ විදේශ අධ්‍යාපනයන් ලබන අය විදේශ ගතකරන එකෙන් වෙන්නේ රටේ ඩොලර් තවතවත් නැතිවීමයි. පළමුව කළ යුත්තේ, විදේශ ශ්‍රමිකයා රටෙන් තම රැකියවට යෑම ඉක්මනට හා එන්නත්, පහසුකම ලබාදීමයි.. කොරෝනා ආරම්බයේ ඔය ලොකුයි කියාගන්නා ආත්මාර්ථකාමී අයවලුන් ගේ විදේශීය අධ්‍යාපනයන් ලබනවුන් වහ වහා ලංකාවට ගෙන්නා ගත්තේ, විදේශ ශ්‍රමිකයා අතහැර, ඔවුන් ලතෝනි දෙන අතරයි. දැන් රටවල් විවෘත කරනවිට තම දරුවන්ව ආණ්ඩුව ලවා වහා නැවත් විදේශ පාසැල්වලට යැවීමට ක්‍රියාත්මක කරනවා. මෙය වහා නවතා වහා විදේශ ශ්‍රමිකයාට එන්නත් දී තම රැකියාවට යෑමට වහා කටයුතු කර යුතුයි... ඔවුන් මේ රටට ඩොලර් ගේන්න දායකත්වයක් දෙන්නේ.
ඇත්ත වසන් කළා. බොරුව ඉස්මතු කර පෙන්නුවා.. අඳ බාලයින් සමග වැඩකර ඵලක් නැහැ.
ඔහේ කරපු හරිය අපි අත්වින්දා. කරුණාකරලා පැත්තකට වෙලා ඉන්නවාද?
ඉතාමත් දූරදර්ශී, පැහැදිලි, ඍජු දේශපාලනයක, ප්‍රතිපත්තියක කටයුතු කළ ඔබ වැනි පරිණත දේශපාලන යුග පුරුෂයෙක්ගේ අදහස් ඉතාමත් අගනේය.