බිමල් ෂ්‍යාමන් ජයසිංහ
බිළිදාගේ පාදයට දමා තිබෙන මේස් එක තුළ මත්කුඩු සගවා රැගෙන විත් බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් හතලිස් දහසක් පමණ වටිනා මත්කුඩු සමග කලුතර දකුණ රැජින වත්ත ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .
මෙම සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇත .
රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සදහා ලබා ගත් ඇදිරි නීති අවසර පත්‍රය යොදා ගෙන රත්මලාන අගුලාන ප්‍රදේශයට ගොස් මෙම මත්කුඩු රැගෙන විත් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි අයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙයා කුඩු ගත්තෙ කාගෙන්ද හොයල ලොකු කුඩු මුදලාලිව අල්ලන්න බැරි. ඒක කරන්නෙ නැති හින්ද වෙන්නෙ තමන්ගෙ තරහ කාරයෙක්ගෙ බෑග් එකකට කුඩු පැකට් එකක් දාලා ඒ මිනිහව ගස් යවන එක. කිසිම කුඩු කාරයෙක්ට තනියම නඩු දාන්න බෑ.