IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘බොහෝ දේ ගැන ඇත්ත හෙළි වෙන්නේ නෑ‘‘

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම මෙරට සිදුවන බොහෝ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් නොවන තත්වයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (21) පැවසූහ.

ගෑස් සම්බන්ධ පිපිරීම් හේතුවෙන් ද මේ වන විට මරණ කිහිපයක් සිදුව ඇතත් ඒවාට වගකිවයුත්තේ ගෑස් සමාගම් ද නැතිනම් වෙනත් පාර්ශවයක් ද යන්න නොකියා එහිද සත්‍ය වසන් කරමින් තිබෙන බවත්, ඒ අනුව ගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත්වූ සහ මියගිය අයට ද සාධාරණත්වයක් ඉටුනොවන බවත් පියතුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට මාස 32ක් සම්පූර්ණ වී ඇතත් වින්දිතයන්ට සාධාරණයක් ඉටුනොවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වන විටත් දැනුවත් කර ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ කමිටුව විසින් සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත යොමු කර ඇතැයි ද පියතුමෝ කීහ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (8)

‘‘බොහෝ දේ ගැන ඇත්ත හෙළි වෙන්නේ නෑ‘‘

gunarathna Tuesday, 21 December 2021 09:22 PM

පියතුමා මුලින්ම දේශපාලුවෝ කියන්නේ කවුද කියලා ඉගෙනගෙන ඉන්න.

:       0       1

Mama Tuesday, 21 December 2021 10:11 PM

පියතුමනි ඔබ 100% ක් නිවැරදිය. පාස්කු, ගෑස්, පොහොර, $ හිගය වැනි බොහොමයක් ගැටලු ජනතාව රවටමින් ආරම්භ කර මේවනවිට එළිපිටම සිදුකරයි. පසුගිය කාලයේ ඇතැම් වංචනික ක්‍රියා හෙලිවී වූ නමුත් රාජ්‍ය සේවකයින්ට අදහස් ප්‍රකාශ කිරීමට බාධා ඇතිවන නියෝගයක්, ඔබතුමන් වැනි සත්‍ය ප්‍රකාශ කිරීම් මැඩලීමේ අරමුණින් අපහසුතාවට පත්කිරීම වැනි ක්‍රියා හේතුවෙන් රට තුල සිදුවන දූශන හා වංචා හෙලිවීම වැලකී සැගව පැවතීමෙන් රට තව තවත් අගාධයට යෑමට එය හේතුවේ.

:       1       1

Sumana Wednesday, 22 December 2021 05:43 AM

පාලකයෝ හැමදාමත් කරේ අසරණ මිනිස්සුන්ව පිඩාවට පත් කර කර උන් හම්බ කරගන්න එක. මිනිස්සුන්ට ආපදාවක් උනාම ඒක පෙන්නලා පිටරටින් ආධාර අරන් තමුන්ගේ ගිණුම් වල දාගත්ත මිසක් මිනිස්සුන්ට දුන්නේ නෑ ඒවා. සුනාමිය වෙලේ ආපු ආධාර වලට වෙච්ච දෙයක් නෑ. පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ඇවිල්ලා කරන්නේ ලැජ්ජ නැති විදිහට ගසා කන එක. ගිනිගත්ත නැවෙන් වන්දි අච්චරක් හම්බුනා මෙච්චරක් ගෙව්වා කියල කිව්වා, හැබැයි ඒ ගණන් හම්බෙච්ච කවුරුත් නැහැ. නිකන් මාද්‍ය සංදර්ශන දානවා විතරයි. චන්දයක් ලන් වෙද්දී ජාතියවාදය අවුස්සලා බලයට එනවා. මුන් වහන්සේලා හෙළි කරන්නෙත් මේ පාලකයන්ගේ නිරුවත. අඩුම තරමේ ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. කාර් දීලා කට වහන්ඩ හැදුවත් ඒවාට යට උනේ නැහැ. ඒත් බෞද්ධ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය සිවුරු පොරවපු අය, කෑගහන්නෙත් තමුන්ට වාසි ගන්ඩ.

:       1       5

දාස Wednesday, 22 December 2021 06:56 AM

ස්වාමිනි, ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව මේ සම්බන්ධව හරියාකාර පරික්ෂනයක් මේ පාලකයන්ගෙන් භලාපොරොත්තු නොවන්න. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් නැත. පාර්ලිමේන්තුව සිග්නල් කනුය.පාලනය එක පවුලක් සතුව ඇත. කරුනාකර තද බලපෑමක් ජාත්‍යන්තරය හරහා කරන්න.

:       2       4

sujeewaWednesday, 22 December 2021 01:54 PM

අපේ දළදා මාලිගා ප්‍රහාරයේදී, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ප්‍රහාරයේදී, දිඹුලාගල අරන්තලා භික්ෂු ඝාතන වලදී ප්‍රහාරකයන් වෙච්ච කොටි ජාත්‍යන්තරයට අනුව අහිංසකයන්ය, එම ත්‍රස්තයන්ගේ හා ඊට අනුබල දුන්නවුන්ගේ මානව හිමිකම් රැක දිය යුතුය. ඒම ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් විරුවන් ජාත්‍යන්තරයට අනුව වැරදි කරුවන්ය, ඒනිසා හමුදාවට දඪුවම් කල යුතුය. ඒම ප්‍රහාර සමයේ ඇතැම් පූජකයන්ට අනුව එම ත්‍රස්තවාදීන් අහිංසකයන් වන බැවින් ත්‍රස්තවාදීන්ට රැකවරණයද ලබා ඇත. ඒත් දැන්.. ලෝකය කැරකෙන අපූරුව............. මෙහිදී න්‍යාය කුමක් වෙයිද?

:       1       3

ජල්තර Wednesday, 22 December 2021 07:33 AM

සියල්ල දත් දෙවියන් වහන්සේ වත් ඇත්ත හෙළි නොකලා නම්, පෘතග්ජනයෝ කුමක් නම් කරත්ද?

:       4       9

Hira Wednesday, 22 December 2021 12:01 PM

මේගොල්ලොත් කරපුවා සහ කරමින් පවතින දේවල් ගැන ඇත්තම කියනවානේ .බබාලා

:       2       3

Bamunuarachchi Thursday, 23 December 2021 07:40 PM

පාදිලිතුමෝ, බයිබලයේ කියන විදිහට සැබෑ ලෝකේ දේවල් සිද්ද වෙන්නේ නැහැ. ඔබ වහන්සේ හොඳටම දන්නවා ඉස්ලාම් ආගමත්, ක්‍රිස්තියානි ආගමත් මිනීමැරුම් වලින් පිරිලා නේද? ලෝක ඉතිහාසයේ පලවෙනි මිනීමැරුම තමයි ආදම්ගේ පුතා කායින්තම සහෝදරයා ආබෙල් මැරීම. කියවන්න (ජෙනිසස් 4:1–16). එතැන් සිට ලෝකේ මිනී මැරුම් සිදුවුණා. පාස්කු ප්‍රහාරයත් ඒ සීරීස් එකේ එක එපිසෝඩ් එකක් පමණයි. කාටවත් ඇඟිල්ල දික්කරන්න එපා. පාප්තුමාට කියන්න දෙවියන්ගෙන් අහන්න කියලා.. මොකද දෙවියන් වඳින්න ආපු බැතිමතුන් බෝම්බෙකට අසුවෙනකම් බලාගෙන හිටියේ කියලා. දැන් පුලුවන්ද දෙවි පිහිටයි ජේසු පිහිටයි කියන්න. ඒ වලාවේ නොතිබ්බ පිහිට කොයිවෙලාවක කුමකට ලබන්නද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31194 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13356 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10969 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 68 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 900 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site