(ජයන්ත සමරකෝන්)

''මීට වසර 42කට පෙර ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා ලෙඩ ඇඳේ සිට ජේ. ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව ගැන කියූ, ලියූ සෑමදෙයක්ම අද වනවිට සැබෑ වී තිබෙනවා'' යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩී. වී. ගුණසේකර මහතා අද(03) පැවසීය.

අද රටේ පවතින සෑම දේශපාලන, ආර්ථික, සාමාජීය ප්‍රශ්නයකටම මෙම ව්‍යවස්ථා අර්බුදය බලපා ඇතැයිද, මෙම ව්‍යවස්ථාවට බහුබූත ව්‍යවස්ථාවක් කිව්වේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යැයිද ඒ මහතා කීය.

ප්‍රංශ, ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවන්හි කොටස් එකතුකර ජේ. ආර්. ජයවර්ධන මහතා 78 ව්‍යවස්ථාව ගෙනා බවද,  හෙතෙම සඳහන් කළේය.

බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මාවතේ පිහිටි මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඩී. වී. ගුණසේකර මහතා මෙම අදහස් පළකළේය.