IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බහුතර කණ්ඩායමට ඉඩදීමට ජනපති පියවර ගත යුතුයි - මහාචාර්ය ප‍්‍රිශාන්ත

(නිමල කොඩිතුවක්කු)

 
පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ඉඩදී රට යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා දැන්වත් පියවර ගත යුතු බව ජාතික විද්වත් සංසදයේ සභාපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා කොළඹදී පැවැසීය. 
 
දිනෙන් දින කඩා වැටෙන රට ශක්තිමත් කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හැර ජනාධිපතිවරයාට වෙන විකල්ප නොමැති බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
 
ජාතික විද්වත් සංසදය රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේද කීය.
 
   ‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අද විශාල සංවාදයක් රටේ යනවා. අපි ඒ ගැන විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී  නිදහස් සමාජයක් ඇතිවන ආකාරයට මෙවැනි  පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.
 
නීත්‍යානුකූල  ආණ්ඩුවක් පෙරලා දමා බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවාගත්තා යැයි කියා ගන්නා පිරිසක් සිටින පරිසරයක් තුළ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින  ආකාරයෙන් මහ මැතිවරණයක් පැවැත්විය  හැකිද  කියන කාරනාව ගැන අපි ප‍්‍රශ්ණ කර සිටිනවා.
 
මේ පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් ඒක ඉතාම බරපතල  ආකාරයක සමාජ ව්‍යසනයක් වෙන තත්වයක පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා.  ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක්  මගින් මේ ප‍්‍රශ්නය විසදා ගැනීම  සඳහා සියලූම දෙනා එකඟතාවයකට එනව නම් පෙර පැවති ආණ්ඩුව  තිබුණ තැනට ගෙන ආ යුතුයි කියලා ජාතික විද්වත්  සංසදය විදියට අපි කියනවා.
 
අද සමාජය ඉතාම ව්‍යාකූල තත්වයක තිබෙනවා. එක පැත්තකින් ජනාධිපතිවරයා ඡන්ද ලක්ෂ 62ක් අරගෙන ඔවුන්ගේ විශ්වාසය කඩකරලා තියෙනවා. අනික් පැත්තෙන් එතුමාට විරුද්ධව  වැඩ කරපු පනස් අට ලක්ෂයක ඡන්ද ප‍්‍රමාණය විශ්වාසයත් අද එතුමා විසින් කඩ කරලා තියෙනවා.
 
මේ රට යළි  ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආකාරයෙන් ඉදිරියට ගෙන යාමට  යහපත් ආණ්ඩු ක‍්‍රමයක්  මේ රටේ තියෙනවා කියන ඒ නිදර්ශනය අපි සමාජයට දිය යුතුයි.  ඒ සඳහා ජනතා විශ්වාසය පලුදු වූ ජනාධිපතිවරයා  විසින්  ජනාධිපති  මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත්  එකට තියලා මේ රට නැවත පෙර පැවැති තත්ත්වයට පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.



අදහස් (0)

බහුතර කණ්ඩායමට ඉඩදීමට ජනපති පියවර ගත යුතුයි - මහාචාර්ය ප‍්‍රිශාන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site