
(නිමල කොඩිතුවක්කු)
අපරීක්ෂාකාරීව බස් රථ ධාවනය කිරීම ඇතුලු බස් රථ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ‘බෑඩ් බස්’ නමින් නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව බස් රථ සම්බන්ධ යම් පැමිණිල්ලක් වෙතොත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශනය සහ බස් රථයේ අංකය අදාළ ජංගම දුරකතන යෙදවුම වෙත යොමුකරන ලෙසට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ලැබෙන පැමිණිලි විමර්ශනය කර ඒවා ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලීසිය ආදී ආයතන වෙත වැඩිදුර විමර්ශනවලට යොමුකිරීමට නියමිතය.
එමෙන්ම මෙම එක් එක් පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තමන් දිනපතා වාර්තාවක් කැඳවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පෞද්ගලික බස්රථයක් නම් බලපත්‍රය ආහෝසි කිරීමටත්, ලංගම බස්රථයක් නම් බස්රථ සේවකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමටත් ඒ අනුව කටයුතු කරන බවද ඔහු පැවසීය.
මෙයට අමතරව බස් රථය තුළදී මගීන් මුහුණ දෙන ගැටලු ඇතුලු ප්‍රවාහනයට අදාළ සියලු පැමිණිලි මෙම ජංගම දුරකතන යෙදවුම වෙත ඉදිරිපත් කළ හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පැමිණිලි කරනවාට වඩා හොඳයි. ඔබතුමා පාරට බස්සන්නම්... වැරැදි කෝටියක් හොයාගන්න පුළුවන්. ඕවාට පැමිණිලි කරනවාට වඩා හොඳයි... දෙයක් නොවුණු ගාණට ඉන්න එක. නීතිය නමට විතරයි.
මේක නම් හොඳ වැඩක්... පුලුවන් නම් බස්වල කනපැලෙන්න සින්දු දාන එක නවත්තන්න. කලින් මහින්ද අමරවීර සුභාවිත ගීත දාන්න කියලා වැඩක් කරා... හරි ගියේ නෑ. දාන්නෙම උදේ ඉඳන් මල් සින්දු.. මේ අය මොනිටර් කරන්න කවුරුත් නෑ. රෑ යන බස්වල මියුසිකල් ෂෝ දානවා කන පැලෙන්න. එක්කෝ බස්වල සින්දු දාන එක තහනම් කරන්න ඕනෑ. රේඩියෝ එක විතරක් දාන්න කියන්න ඕනෑ.. හැබැයි එ්කත් සාමාන්‍ය සද්දෙන්.. අනික බස් ඇතුලේ දාන පාටපාට එල්.ඊ.ඩී. බල්බ් අයින් කරන්න.. රෑට ඇස් පොට්ට වෙනවා බස් එකක ගිහින් බැහැපුවම. මොන ආණ්ඩු, මොන ඇමති ආවත් සෙමි ලක්ෂරි මාෆියාව නතර කරන්න බැරි වුණා. මේක නතර කරන්න බැරිනම්, බස් කප්පන්, මග කොටන, මිනිස්සුන්ගේ කාලේ කා දමන පුද්ගලික බස් මාෆියාවට යටවුණු තවත් ඇමති කෙනෙක් වෙන්න නම් එපා දිලුම්. අනික බස් ගැමුණු කියන්නේ තනිකර අවස්ථාවාදියෙක්.. මේ මිනිහගේ සංගම්වල උපදේශ ගත්තොත් රටේ පොදු ජනයාට දෙයියන්ගේම පිහිටයි.
කොන්දොස්තර මහතා විසින් කොළඹ සිට ඇඳගල දක්වා ගාස්තුව රු500ක් ලබා ගැනිම.., කෝවිඩ් නීති උල්ලංඝනය කිරීම...
මාවතුර සිට තිස්පනේට කීයක් ගන්නවාද? මට දැන ගන්න පුළුවන්ද?
පෞද්ගලික බස් රථවල ටිකට් පතක් නිකුත් නොකිරිම ගැටළුකාරියි.
පානදුර .පිටකොටුව....පානදුර නුගේගොඩ බස් රථ දාවනයනම් අන්තිමයි. පානදුර ස්ටැන්ට් එකෙන් බස් එක පිටත් වි කිලෝමිටර් එකක්වත් එන්නේ නැතිව රංග ස්ටොස් ගාව විනාඩි 05කට වඩා වැඩි කාලයකුත්.. අයෙත් කෙසෙල්වත්ත හන්දියේ විනාඩි 15කට වඩා වැඩි කාලයකුත්... ඒ හැරෙන්න සැම හොල්ට් එකක් ගාවම විනාඩි 2-3ක කාලයකුත් .රාවතාවත්ත හන්දියේ විනාඩි 8ක කාලයකුත් .. ගත වෙනවා .මාගි ජනතාවගේ කාලයත් .මානසි පිඩනයත් ඇති වෙනවා.ඒවිගේම ඇයි නවත්තන් ඉන්නේ කියලා හපුවාම .බසයෙන් තර්ජනාාත්මකව බසයෙන් බැස්සිමද්ද කරනවා වහාම කඩිනම් පියවරක් ගන්න ....පිටකොටුවේ සිට පානදුර දක්වා ගමනාත්තය පැයකට සිමා කරන්න ...නැත්තාම් මුන් පැය 2ක් විනාඩි15ක් තිස්සේ km25,ගාට ගාට එනකොට අපේ කලයත් කා දමනවා.ඒ වගේම තමයි සවස 6න් පස්සේ පරන පාරේ එනම් රොට් නම්බර100..-183 බස් රථ දවනය නොකරයි .එමගින් මගින්ද දැටි අපහසුතාවයකට පත් වෙයි .දිලුම් ආමුනුගම .ඇමති තුමනි ඔබට පුලුවන්නම් .කලුතර .. අලුත්ගම. මතුගම .privetබස් රථ හා ctbබස් රථ පාරන පාරේ යවන්න සිමිත නැවතුම් දමලා ...පරන පාරේ මගි ජනතාව සැහෙන්න දුකක් විදිනවා බස්රථ වල ඩයිවර්ලා කොන්දොස්තර නිසා සමහරක්
බස් එකක් පර්මිට් එකට වෙලාවට ගිහින් හිටියේ නැහැ කියලා මග දාලා යන්න පුළුවන්ද? පස්සර නමුනුකුල 17:30 බස් එක හැමදාම මිනිස්සු මග දාලායනවා. සෙනග නැහැ කියලා. ඒකට පිළිතුරක් අවශ්‍යයි.
කැස්බෑව ඩිපෝව මගින් ධාවනය වන කොළඹ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා පාසලට අයත් සිසුසැරිය පාසල් බස්රථය සෑම දිනකම උදෑසන ප්‍රමාදවී ධාවනය කරන බැවින් සිසුවියන් දැඩි අපහසුතාවයකට පත්වී අැත. මේ පිලිබද සොයාබලා විසදුමක් ලබාදෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
මඟින් ටිකට් දෙකක් අරගෙන එකක මම ද අනිත් අසුනේ බැග් ඒක තියන්න පුළුවන් ඳ