(සුජිත් හේවාජුලිගේ සහ අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 10ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතය.