
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (7) දහවල් නිකුත් කරනු ලැබීය.
ජයන්ත කොටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රීධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පෙරේදා දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබූවේ ලැබුවේ ඒ අනුවය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී එම මන්ත්‍රී ධූරයේ හෙට (8) දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
මොකෝ ඉන්නෙත් හොරු සමග හෙළුවෙන්ද එතකොට?