
(සුජිත් හේවාජුලිගේ )
එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ පූර්ව සැලසුමක් ලෙස අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතියේදී ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දුන්නේය.
කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ රැස්විය .
දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් ඕනෑම ස්ථානයකින් හෙට (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් කොවිඩ් කමිටුව පවසයි.
මේදිනවල වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත නොගත් අය බවත් ඉන් බහුතරය තරුණ පිරිස බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
කොවිඩ් ආසාදිතව අසාධ්‍යවීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම වැදගත් බව පැවසූ ජනාධිපතිවරයා මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර ඔවුනට කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි උපදෙස් දුන්නේය.
වයස අවුරුදු 16ත් 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12ත් 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව ඇති හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කර එම එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
සංචාරක ක්ෂේත්‍රයට පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දුන්නේය. සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණ.
2025 නොවැම්බර් මස 04
227
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2084
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘බූස්ටර්‘ එන්නත ඉදිරි දෙසතියේ ලබාදී අවසන් කරන්න‘
Shan Friday, 10 December 2021 03:54 PM
ඔය කට අරින්නේ නැතිව ඉන්නවද පොඩ්ඩක්... කරන මිනිස්සුන්ට වැඩේ කරන්න දීලා.. මොකද මෙයා කට ඇරියොත් වැඩේ රිවර්ස් වෙනවා.
Nuwa Friday, 10 December 2021 07:01 PM
එන්තන ගත්තු සුදු ජාතිකයින්ට මාස්ක් නැතුව ඇවිදින්න ඉඩ දුන්නේ කවුද..? අපේ මිනිහෙක් මාස්ක් නැතුව ගියොත් මැරෙන්න හදනවා එන්නත් ගත්ත අය වුණත්.. ගාල්ලේ කොටුවේ සුදු ජාතිකයින් නිතරම මාස්ක් නැතුව ඉන්නවා.. ඔවුන් කොටුවේ සංචාරයට ආවාට අපි කොටුවේ රස්සාවට යනවා.. ඇයි එක රටක් නීති හැටක්...