(ඩයනා උදයංගනී)
කොරෝනා වසංගතයෙන් ආරක්‍ෂාවීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතින් බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අද (25) සිදුකෙරිණි.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සෞඛ්‍යාරක්‍ෂක උපකරණ තොගයක් මෙහිදී රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත භාරදීම මෙහිදී සිදුවිය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් එම උපකරණ තොගය රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා වෙත භාරදුන් අතර ඇන්ටන් පිල්ලෙනායගම්, ජේ.ඩී ඇන්තනී ජයකොඩි, මැක්ස්වෙල් සිල්වා යන සහායක රදගුරුවරුන් සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සන්තුෂ සේනාධිපති මහතා සහ ප්‍රධාන හෙද නිලධාරිනී මානෙල් හරිස්චන්ද්‍ර මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)








COMMENTS