( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රහස් පොලිස් නිලධාරීන් යැයි කියන කණ්ඩායම් විසින් තම නිවෙස් වලට පැමීණ , තමන් නොමැතිව වයස අවුරුදු 13 , 16 සහ 11 වියේ පසුවන තම බාලවයස්කාර දරුවන් නාදුනන ස්ථානයකට රැගෙන ගොස් පැය ගණනක් ප්‍රශ්න කර වීඩියෝ පටිගත කර ගැනීමෙන් එම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබූහ.
මෙලෙස පෙත්සම් ගොනු කරනු ලැබුවේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම බාලවයස්කාර දරුවන් ගේ මව්පියන් වන සෙයිනතුල් සුහෙයිරා , මොහොමඩ් රිෆ්කාන් සහ හෆීස් මොහොමඩ් නියාස් නැමැත්තන්ය.
මෙම පෙත්සම් තුනෙහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
නීතීඥ පී.තිසේරා මෙනවිය මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් වලින් පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ සිටි තමන්ට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවන් වියහියදම් කිරීමට වත්කමක් නොතිබූ බවයි. එසේ තිබියදී තම දරුවන් ශිෂ්‍යත්ව යටතේ අරාබි පාසල් වල අධ්‍යාපනය සදහා යොමු කළ බවය.
එසේ තිබියදී අප්‍රේල් 24 සහ 26 දෙදින රහස් පොලීසියේ යැයි කියා ගන්නා නිලධාරීන් කණ්ඩායම් සිය නිවෙස් වලට පැමිණ තම දරුවන්ට ඡායාරෑපයක් පෙන්වමින් එහි සිටින තැනැත්තා හදුනන්නේ දැයි , එම ඡායාරෑපයේ සිටින තැනැත්තා දරුවන් ඉගෙනුම ලබන පාසල් වෙත පැමිණි අයෙක්ද , තම දරුවන් එම අරාබි පාසල් වලදී ආයුධ පුහුණුව ලැබුවේද යන ප්‍රශ්න කර විමසු බවත් ඊට තම දරුවන් එම ඡායාරෑපයේ සිටින තැනැත්තා නොහදුනන බවත් , ආයුධ පුහුණුව ක් තම පාසල් වල ලබා නොදුන් බව ඊට පිලිතුරු දෙමින් තම දරුවන් අදාළ නිලධාරීන්ට පැවසු බවද පෙත්සම්කරුවෝ කියා සිටී.
එලෙස එම නිලධාරීන් අසනා ප්‍රශ්න වලට පිළිතුරු දී තිබයදී තම දරුවන් තමන් නොමැතිවම එම නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය බවත් , එලෙස රැගෙන ගිය ස්ථානය කුමක්දැයි හරිහැටි පැවසීමට තමන දරුවන් නොදන්නා බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.