(දයාරත්න ඇඹෝගම)
පහළොස් හැවිරිදි දැරියක තෙමස් ගැබිනියක් බවට කළ හමුදා සෙබළෙකු අද (01) අලියවිද්දවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම රනෝරාව අලියවිද්දවැව ප්‍රදේශයේ පදිංචි හමුදා භටයෙකි.
පසුගිය දිනක ළමාරක්ෂක අධිකාරිය මගින් නොච්චියාගම ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් තෙමස් ගැබිනියක් බවට පත්ව ඇති බව පොලිසියට දැනුම් දීමෙන් පසුව සැකකාර හමුදා භටයා අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය ඒ පිළිබඳව පරීක්ෂණ කර බාල වයස්කාරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත. එහිදී ඇය තෙමස් ගැබිනියක් බවට තහවුරු වී තිබේ.
පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට පවුල් දෙකේම දෙමාපියන්ගේ කැමැත්ත මත මෙම සැකකරු බාල වයස්කාරිය සමඟ පසුගිය 2017/12/28 දින ඇය නොච්චියාගම රනෝරාව අලියවිද්දවැව ප්‍රදේශයේ තම නිවසට කැදවාගෙන පැමිණ ඇත. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 15ක් ම පමණ බවද පොලිසිය පැවසිය.
දෙමාපියන් මේ සදහා අනුබල දීම නිසා ඔවුන්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
සැකකාර හමුදා භටයා අද (1) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.