IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බාලවයස්කරුවකුට අතවර කළ අයෙක්ට 30 වසරක සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පොදු වැසිකිලියක් තුළදී අවුරුදු 13 ක බාලවයස්කාර පිරිමි ළමයකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ 63 හැවිරිදි වියේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා වසර 30 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (24) නියම  කළේය.

මීට වසර තුනක කාලයකට පෙරදී කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පොදු වැසිකිලියක් තුළදී බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වී මෙලෙස දඬුවම් නියම වූ විත්තිකරුට අතවරයට ලක් වූ දරුවාට රුපියල් ලක්‍ෂ තුනක වන්දියක් ගෙවීමට ද විනිසුරුවරයා නියම කළේය.

2016 වසරේ කොළඹ දී බාලවයස්කාර දරුවකුට ලිංගික අතවර කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුට එරෙහි සියළු චෝදනා පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම නියම කළේය.

මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 3,000/- ක දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර සිරදඬුවම් ද නියම කළේය.

 



අදහස් (0)

බාලවයස්කරුවකුට අතවර කළ අයෙක්ට 30 වසරක සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site