IMG-LOGO

2024 මැයි මස 25 වන සෙනසුරාදා


බලාගාර ගිවිසුමට ආණ්ඩුව - හවුල් පක්ෂ මත ගැටුම උග්‍ර වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ .

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ විරෝධය පළ කර ඇත .

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය,අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මෙම ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් වහා සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ආන්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් පිටු තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා ඇති බවද වාර්තා වේ .

මෙම ගිවිසුම යළි සලකා බලන්නැයි එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

ගෑස් බෙදා හැරීමේ ඒකාධිකාරය මෙම ගිවිසුම හරහා එක් සමාගමකට පැවරීම බරපතල තත්වයක් බව ද, එම ලිපිය මගින් දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ .

අපේ ජනබල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානයක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් මෙම ලිපියට අත්සන් ලබා ඇතැයි ද වාර්තා වේ

එම පිරිස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග ද ඉකුත් බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දි මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡාව ද අසාර්ථක විය .

 



අදහස් (29)

බලාගාර ගිවිසුමට ආණ්ඩුව - හවුල් පක්ෂ මත ගැටුම උග්‍ර වෙයි

යෝගා Saturday, 25 September 2021 10:03 AM

මොන මත ගැටුමක් තියනවද කියලා කිව්වත් දැන් මේක දීලා ඉවරයිනේ... මොකද දැන් ආපහු ඇමරිකාවෙන් ගන්නද? කට්ටිය එකතු වෙලා ෂේප් වෙන්න උත්තරයක් හොයාගන්න..

:       10       112

manikeSaturday, 25 September 2021 03:19 PM

එහෙම පුළුවන් නම් අපේ රටත් වෙන කෙනෙකුට ලියා දෙන්න බැසිල් උන්නැහේට පුළුවන්.. නීතියෙන් නම් ඉඩ නැහැ. ඔහු මහජන ඡන්දයෙන් පත්වුණු නියෝජිතයෙක් නොවේ. උඩරට නීතියට අනුව ඔහු උල තැබීමට හැකියැයි මට සිතේ...

:       96       59

sisilSaturday, 25 September 2021 07:11 PM

රටට අත්‍යවශ්‍ය විසදුම් සදහා විරෝධය දක්වන රටට අනවශ්‍ය දෙයට එකඟ වන ශ්‍රී ලංකාවේ කුහක අවස්ථාවාදී දේශපාලනය වෙනස් කලයුතු නොවේද ?

:       7       43

senaSaturday, 25 September 2021 05:00 PM

ආණ්ඩුව හවුල් පක්ෂවලට ආණ්ඩුවෙන් යන්න කියලා බොහෝ කල්... නමුත් මේ බමුණු සෙට් එක තවම කුඩැල්ලන් මෙන් එල්ලිලා ඉන්නේ. මේ කණඩායම රටේ දියුණුව ගැන නොසිතන කුහක කණඩායමක්. රටේ ජනතාවට ගෑස් සහ විදුලිබිල දරා ගැනීමට නොහැකිය. දේශීය වශයෙන් කවුරුන් හෝ මැදිහත් වුවද අවසානයේ කැණීම් කර ගෑස් සොයාගැනීම සඳහා වියදම් කළ මුදලුත් නැත. ගෑස් සොයාගැනීම කෙරෙන්නේත් නැත. ලංකාවේ කිසිඳු තාක්ෂණයක් නොමැතිව විදේශ යෝජකයකුගේ සහයෝගයක් නොමැතිව ගෑස් සහ විදුලියට විසඳුම් ලබාදීමට නොහැක. එමනිසා දැනුම තිබෙන්නා වූ, හැකියාව තිබෙන්නා වූ, සම්බන්ධතා තිබෙන්නා වූ පළපුරුදු සමාගම් සමග එක්ව කටයුතු කළයුතු වේ. සත්‍ය වශයෙන්ම රටේ ජනතාවට බොරු බිල්ලන් පෙන්වා දේශපාලන වාසිගැනීමේ දූෂිත දේශපාලන ක්‍රියාවලිය නිසා තව දුරටත් ජනතාව පමණක් නොව මුළු රටටම අනාගතයක් නොමැත. මෙවැනි විදේශ අායෝජන රට විකිණීමක් සිදුවන්නේ නැත. රටේ ජනතාවට බොරු බිල්ලන් පෙන්වා දේශපාලන වාසිගැනීම් දශක 7ක කාලයක් පුරා පවතියි. දේශපාලන ක්‍රියාවලියට දැන්වත් ජනතාව විසින්ම තිතතැබිය යුතුවේ.. ලංකාව නොදියුණු රටබවට පත්කර තිබෙනුයේ අවස්ථාවාදී දේශපාලන පක්ෂ විසින් වේ..

:       51       80

Jay Saturday, 25 September 2021 10:35 AM

නාට්‍යයක් නේ...

:       3       93

Aponsu Saturday, 25 September 2021 11:10 AM

ලොක්කා කිව්ව ගමන් ඔක්කෝටම කොමිස් දෙනවා කියලා... එතකොට ඔක්කොම අත උස්සනවා...

:       4       100

Hafeel Saturday, 25 September 2021 12:49 PM

ඔව් ඔව්. විස්ස සම්මත කරද්දීත් මෙහෙම විරෝධය පල කළා. පසුව ලොක්ක මේ වෙලාවේ අසරණ වෙලා කියමින් මේ සේරම ඡන්දය දුන්නා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණද්දී නිහඬව සිටි මේ දහයේ බොරු කල්ලිය, වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතාවය ආණ්ඩුවට ඉල්ලා අස්කරගන්නා සිදු වුණා. එහෙම අවසාන මොහොතේ බොරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා විරෝධය පල කළා. මෙතනත් ඕකමයි වෙන්නේ...

:       19       71

එරන් ද සිල්වා Saturday, 25 September 2021 12:34 PM

අපි බලාගෙන ඉඳිමු 20 වැනි සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය වගේ වේවිද කියලා මේකත්...

:       15       55

සිරිබිරිස් Saturday, 25 September 2021 12:42 PM

ඕවා ඔක්කෝම නාට්‍ය..., මිනිස්සුන්ට එදිනෙදා තියන ප්‍රශ්න අමතක වෙන්න රූපවාහිනිය ඉස්සරහ නටන විගඩම්...

:       7       58

de silva Saturday, 25 September 2021 01:01 PM

කරුණාකර ලබන ඡන්දෙදි පක්ෂෙ, පාට කුමක් වුවත් රාජපක්ෂ පවුලට සහ මෙම හොර නඩයට මනාපේ ගහන්න එපා. මේ ඔක්කොම කරන්නේ බොරු. බලාගාරෙ විකුණලා ඉවරවෙලා දැන් එක එක නාඩගම් නටනවා. මේවාට අකැමැති නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න පුලුවන්. ඔවුන් එහෙම කරන්නේ නැහැ.

:       51       75

kamal Saturday, 25 September 2021 01:16 PM

කාගේ අතේද ෆයිල් ටික තියෙන්නේ ඒ අය තමයි දිනන්නේ.

:       14       49

ranjith Saturday, 25 September 2021 01:20 PM

අනාගත පරපුරට කිසිම දෙයක් ඉතුරු කරන පාටක් නෑ.

:       20       52

bandara Saturday, 25 September 2021 01:30 PM

මේ පක්ෂ 10 ම බල්ලාගේ අන්ගේ ඉන්න මැක්කන් වගේ. මැක්කන් හයියෙන් හපනකොට බල්ලට රිදෙනවා. බල්ලා කහනකොට මැක්කෝ හැලෙනවා. ඊට පස්සේ ආයෙත් මැක්කෝ බල්ලාගේ එල්නලෙව. මැක්කෝ කවදාවට් බල්ලා දාල යන්නේ නෑ.

:       1       70

ගමේ එකාලා Saturday, 25 September 2021 03:43 PM

ලෝකෙට පේන්න රඟපෑම් කරන්න දේශපාලුවන් කොහොමටත් සූරයි. හරිම කපටියි. තමුන්ට ලැබෙන වරප්‍රසාද, සැප නැති වෙනවට කවුද කැමති ...? බොරුවනේ කරන්නේ .. වයසට ගිහිල්ලත් බලලෝභීන් බදාගෙන ඉන්න හැටි පේනවනේ?

:       1       32

wimal Saturday, 25 September 2021 03:46 PM

ඔය කියන තරම් අවුලක් නැහැ. බරපතල තත්වයක් නැහැ. ඔය ගොබ්බ නායකයින් ටිකට දැන් ටොයිලට් එකට යන්නබැරිව ඉන්නේ... මේ දවස්වල ඇමෙරිකාවට දීපු හින්දා. මේ දවස්වල මහින්ද මහත්තයා උන්ටිකට දෙන්න බඩ විරේක කරන බෙහෙතක් සොය සොයා ඉන්නේ. ඒක දීපු ගමන් හිටියට වඩා හොඳට ඉන්නවා. ඔය උඩ පනින අයත් ඇමෙරිකාවට පටවන්න ඕනෑ. බොරුවට මෙහෙ වීරයෝ වෙනවා.

:       2       22

Sriland Saturday, 25 September 2021 03:49 PM

ඇමෙරිකන් පුරවැසියෙක් ඇමෙරිකාවට උදව් කරන්නේ නැතිව ලංකාවට කරයිද? බොරුවට දැන් කෑගහලා වැඩක් නෑ. බලයට එන්නේ අවුරුදු 05කට... බදු දෙනවා අවුරුදු 15කට, 99 කට... මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ පළමුව. බලය ගන්නේ අවුරුදු 05කට නම්, කිසිම ගිවිසුමක් අවුරුදු 05කට වඩා ගහන්න බැරි ක්‍රමයක් හදන්න ඕනේ. නැතිව බොරුවට ජනතාව රවට්ටලා තමන්ගේ ගාණ අරන් අවුරුදු 5න් අනිත් අයට දෙනවා කෙරෙන්නේ නෑ...

:       27       32

Silva Saturday, 25 September 2021 05:08 PM

මේ සමාගම ද්විත්ව පුරවැසි ද දන්නේ නැහැ...

:       20       19

ජෝන් සිල්වාSunday, 26 September 2021 06:51 AM

හවුල්කාර පක්ෂ බරපතල ලෙසම විරෝධතා දක්වන්නේ නම් ඉන් ආණ්ඩුව වෙනස් විය හැකි වුවත් රාජපක්ෂ පවුලේ ඇමරිකන් සම්බන්ධයත් මෙම සමාගම ඇමරිකන් වීමත් එහි කොටස් හිමිකාරයන්වීමට ඕනෑම කෙනෙකුට හැකියාවක් තිබිය හැකි නිසාත් හවුල්කාර පක්ෂ බරපතල ලෙසම විරෝධය දක්වද්දී ආණ්ඩුව පෙරලිය හැකි වුවත් ගිවිසුම වෙනස් කිරීමකට අකමැත්ත ඇතිවන්නේ (සමාගම ඇමරිකන්. පවුලේ පදිංචිය ඇමරිකාවේ සමහර විට කොටස්කාරයි්න් ලංකාවේ නිසා) බලයෙන් පහවීමෙන් පසුවත් ආර්ථික වාසියක් ඇතිවන නිසාද සිතෙන්නේ නැද්ද.

:       0       5

විපරමා Saturday, 25 September 2021 04:44 PM

ඇමරිකාවට යන්න වීසා දෙනවා කිව්වා නම්, කුලප්පු වෙලා දඟලන මේ අයගේ උදවිය තමයි මුලින්ම යන්න හදන්නේ..

:       0       24

Kumara Saturday, 25 September 2021 05:49 PM

බම්බුව තමයි..!!!

:       0       11

Prabha Saturday, 25 September 2021 10:07 PM

පසුගිය කාලේ කරපු අරියාදු වලට වාඩුව ගන්නවා වගේ. අනේ අපි නොදන්නා දේශප්‍රේමේ.

:       6       10

sampath Saturday, 25 September 2021 10:21 PM

ඔය ත්‍රිවිල් පක්ෂ ඔය තරම් හයියක් තියෙනවානම් තනියම ඉල්ලන්න ඕන.

:       5       13

සත්‍යය Saturday, 25 September 2021 11:40 PM

කොහොමටත් ඉඩම් කොල්ලයට වඩා තාක්ෂණය හුවමාරු වීම ( ට්‍රාන්සර් ඔෆ් ටෙක්නොලොජි ) අපේ රටට හිතකරයි.

:       3       3

Demuni Uduwara Sunday, 26 September 2021 02:47 AM

අතීත කටුක අත්දැකීම් හේතුවෙන් තවමත් "කෘත්‍රිම" සන්ධානය ගැන අපට විශ්වාසයක් නැත!

:       1       2

Perera Sunday, 26 September 2021 06:10 AM

මේකත් තනිකරම ජනතාව රැවටීම පිණිස කරන රඟපෑමක් .ඔක්කොම අත්සන් කරලා දීලා ඉවර වෙලා ආණ්ඩුවේ සහාය පක්ෂ වැඩේට විරුද්ධ බව දැන් බොරුවට අඟවන්න හදනවා ඊළඟ චන්දෙදී වාසි ගන්න .විපක්ෂේ ඇතුළුව මුන් ඔක්කොමලා ගහලා එලවන්න ඕනේ

:       1       4

gamaathi Sunday, 26 September 2021 09:44 AM

මහජනයා මුලාකිරීම සදහා මොවුන් විසින් ව්‍යාජ මත ගැටුම් නිර්මාණය කරනවා.

:       1       5

fairoos Sunday, 26 September 2021 12:21 PM

ඔය කියන්නේ පක්ෂයේ ඉන්න අයට පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න කියන්න. ඒක හයියක්නේ...

:       0       1

Saman Sunday, 26 September 2021 12:42 PM

මට නම් හිතෙන්නේ අයියලා, මල්ලිලා එකතුවෙලා, තමුන්ගේ රටේ ව්‍යාපාරිකයින්ට හොඳ හොඳ දේවල් ටික ලියලා දෙයි. කොහොමත් ඒ අය ශ්‍රී ලාංකිකයෝ නෙමෙයිනේ.. තමුන්ගේ රටට තමයි ඒ අය අදින්නේ..

:       1       3

mahesh Sunday, 26 September 2021 01:44 PM

රජයට තිබුනා කියලා ලොකු වෙනසක් වෙනවද?නිලධාරීට ගසා කන්න දීලා පඩු පිට යනවට වඩා හොද නැද්ද අලුත් තාක්ෂණය ගෙනත් අලුත් වියට කරගෙන යන ඒක

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි
2024 මැයි මස 25 13 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම


නෙදර්ලන්තයෙන් ලැබුණ තෑග්ග ජනපති විවෘත කරයි
2024 මැයි මස 25 532 0

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍


මැතිසබයේ තවත් අනංගයෙක්
2024 මැයි මස 25 863 1

කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආර


දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ
2024 මැයි මස 25 247 0

පවතින දැඩි සුලං සමග විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව


ඡන්දය දැම්මාට සහතිකයක්
2024 මැයි මස 25 823 1

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්


ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ
2024 මැයි මස 25 242 0

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 937 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2489 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2134 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site