(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය මෙතෝදිස්ත බාලිකා විදුහලට කඩා වැදී රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කළැයි කියන පාසල් දෙකක සිසුන් 34දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මේ හේතුවෙන් විදුහලේ ගේට්ටු දෙකකට, පාසල් වාහන කිහිපයකට සහ දේපළ රැසකට අලාභ හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ බම්බලපිටිය පාසල් දෙකක සිසුන් පිරිසකි.
මෙම සිසුන් පිරිස වාහන කිහිපයකින් පැමිණ කළහකාරී ලෙස හැසිරුණු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
බාලිකා පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමව්පියන් ගෙන්වා බාරදීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.