







(අනීෂා මානගේ)
ජනතා අයිතියට පත්වූ මාතර - බෙලිඅත්ත නව දුම්රිය මඟෙහි ගමන් කිරීමට සහ දුම්රිය ස්ථානය දැකබලා ගැනීමට විශාල ජනකායක් අද(09) පැමිණ සිටි ආකාරය දක්නට ලැබිණි.
මාතර සිට කතරගම දක්වා ඉදිවෙන නව දුම්රිය මාර්ගයෙහි පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස ඊයේ(08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ජනතා අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයෙහි දුම්රිය ගමන් කිරීම පෙරේදා(07) දින සිට ආරම්භ කළ අතර ඊයේ(08) දහවල් වන විට දුම්රිය කිහිපයක් බෙලිඅත්ත දුම්රියපොළ දක්වා ගමන් කර තිබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන්ද දුම්රිය කිහිපයක් ගමන් ආරම්භ කර තිබිණි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර දුම්රිය ස්ථානය දැක බලාගැනීමටද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඊයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ඇදී එන ආකාරයද දක්නට හැකි විය. බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියවලද විශාල ජනතාවක් බෙලිඅත්ත දක්වා පැමිණ බැස ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ ඔය පාර හැදුව අයගේ උප්පැන්නේ සහිත බැනර් එල්ලුවේ නැද්ද කවුරුවත්? මහජනයාගේ බදු මුදල් වලින් හදන දේවල් හරියට ඒගොල්ලන්ගේ අතින් වියදම් කරලා හැදුව වගේ තමයි සමහරු පෙන්වන්න හදන්නේ.
අම්මෝ ගම් බට්ටෝ
මේ වගේම කැළණි වැලි දුම්රිය මගත් ඇඹිලිපිටිය දක්වා දික් කරන්න. ඉන් පසු නෝනාගම දක්වා ගෙනගොස් මාතර-කතරගම දුම්රිය මගට යා කරන්න. ඉන්පසු රටේ විශාල දියුණුවක් දැකගත හැක.
කවුරු කලත් ජනතාවට කරන ලද ඉහළ සේවාවක් .................අගය කරනවා ............
ජනතා අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයෙහි දුම්රිය ගමන් කිරීම විවෘත කිරීමේ උත්සවයට පක්ෂ පාට නොමැතිව ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහභාගිවී සිටීමේ දුර්ලභ අවස්ථාවක් දැකගන්නට ලැබුණි. රටේ සංවර්ධනය සහ මහජනතාවගේ දියුණුව සහ සුබසාධනය වෙනුවෙන් ඉදිරියටත් මේ ආකාරයෙන්ම සිදුවනවානම් සහ ජාතික රජයක් පිහිටුවා ගැනීමෙන් රට සීඝ්‍රෙයන් ඉදිරියට ගෙන යාමට හැකියාව පවතී. අවසානයේ රට වෙනුවෙන් යමක් කළා යි නිහතමානී සතුටක් ලැබීමට සැම දෙනාටම පුළුවනි.
අම්මප මේ අයට කොච්චි එන්ජිම ටිකක් හෝදලා අරගෙන යන්න බැරි උනානේ පලවෙනි ට්‍රිප් එකටවත්.
1970 ත් 1977 අතර පැවති සමගි පෙරමුණු රජය කාලයේ කැළණි වැළි දුම්රිය මාර්ගය වසා දැම්මා. ඒ කාලයේ රත්නපුර දිස්ත්‍රිකකයේ සිටි දුම්රිය මාර්ගය වැසීමට අත ඉස්සූ මන්ත්‍රීවරයෙක් තවමත් පාර්ලිමෙන්තුව නියෝජනය කරනවා මාතර වැනි ප්‍රදේශවල සිට කොළඹට ඉතා හොඳ ප්‍රවාහන ක්‍රමයන් තිබෙනවා.නමුත් රත්නපුර සිට කොළඹ රැකියාවලට යන අය බස් රථවල පාපුවරුවේත් එල්ලී වවුලන් ලෙස යනවා ජෙරාඩා මහතාගේ අදහස නොපමාව ක්‍රියාත්මක කරන්න
මේ ගමන්ම මිනුසුන්ට සන්සුන්ව පෝලිමක ඉඳල බසින අයට ඉඩ දීල නගින අයට පහසුවෙන් නහින්න පුරුදු කරන්න කාන්තාවන්, මහලු ය සහ චුටි දරුවන්ට කලින් නගින්න පුරුදු කරන්න . අර්ජුන ලජ්ජා නැද්ද බෝඩ් වල නම් ගහ ගන්න.
අපේ ගෙදර තිබුණා 2005 විතර ගහපු පොතක්. මහින්ද චින්තනය කියලා. ඒකේ තිබුණා කුරුණෑගල සිට දඹුල්ලට දුම්රිය මාර්ගයක් 2ි 007 හදනවා කියලා. දැන් 2019 යි. කවද හරි හැදුවොත් මම එයාගේ බැනර් එකක් ගහනවාමයි. පොරොන්දු ඉටු කළ .......තුමාට ස්තුතිය කියලා. අමාත්‍යාංශ නිළධාරින් සැලසුම් කරුවන් හදපු සැලසුම් තමන්ගේ වැඩ විදිහට පෙන්නලා ජනතාව රවට්ටන වග ජනතාවට තෙරෙන්නේ නැහනේ ඇත්තට.
ඔක්කොම කරන්නේ අපේ බදු වලින්. එහෙත් සමහරු මොකුත් නොකර ගසාකනවා. සමහරු සමහර දේවල් කර ගසාකනවා. සුද්දගේ කාලේ ඉදලා කරේ ගසා කපු එක. එක නිසා මොකා ආවත් ගසාකන එක නැවත් විය නොහැකි බවක් පෙනියනවා. දැන් අපි මොකද කරන්න ඕන? රට කරන්න පුළුවන් අඩුවෙන් ගසාකන උන් තෝරා ගන්න වෙනවා.......
ඇයි චන්දුලාල් ගම බට්ටියොත් ඉන්නේ. අවුරුදු කාලේ කොළඹ නිදහස් වෙයි මේ අයගෙන්. අනේ වාසනාවන්!
මේ පරණ පෙට්ටි වසර 50 වඩා පැරණි තීන්ත ටික වත් ගාගන්න බැරිද ගෙනාවේ රුමේනියාවෙන් අපි පුංචි කාලේ
පව් කොහොම ඉන්න ඕන කෙනෙක්ද මේ විහින් සවුත්තු වෙලා ඉන්නේ.