IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බිරියට පිහියකින් අනින්න ගිය ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට  ඇතුළු  වී එහි සේවය කරන සිය බිරිඳට පිහියකින්  ඇනීමට තැත් කළ, හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු  හලාවත පොලිසියට  බාර දීමට රෝහලේ ආරක්ෂක අංශ අද ( 21) කටයුතු කර තිබිණි

පොලීසියට බාර දීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා, මුගුණුවටවන මහගම ප්‍රදේශයේ පදිංචි හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකි. 

මන්ත්‍රීවරයාගේ බිරිඳ  හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කණිෂ්ඨ සේවිකාවකි. ඔවුන් අතර කලක සිට නිතර අඩදබර ඇති බවට අනාවරණය වී ඇති අතර මන්ත්‍රීවරයාගෙන් තමන්ට හානියක් වෙතියි  බියෙන් බිරිඳ මාදම්පේ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇතැයි පොලීසිය කියයි. 

අද (21) සිය බිරිද  සේවය කරන රෝහල් පරිශ්‍රයට උල් පිහියක් අතැතිව ඇතුළු වූ මන්ත්‍රීවරයා  ඇය සමඟ බහින්බස්වීමක ඇති කරගෙන  පිහියෙන් ඇනීමට තැත් කර ඇත.

එම අවස්ථාවේ දි අසළ රාජකාරියේ නියැලෙමින් සිටි  රෝහලේ ආරක්ෂයෙකු මන්ත්‍රීවරයා අත තිබු පිහිය උදුරාගෙන තිබේ.

පිහිය ගැනීම සඳහා පොර බැදූ ආරක්ෂක නිලධාරියාගේ අත කැපී  සුළු තුවාලයක් වී තිබූ බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත  පොලිසිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (9)

බිරියට පිහියකින් අනින්න ගිය ප්‍රා.සභා මන්ත්‍රී අත්අඩංගුවට

sirimal Monday, 21 October 2019 09:00 AM

මන්ත්‍රී කොහේ කෙනෙක්ද කියලා හිතනකොට මෙහෙම දේවල් නොකළා නම් තමයි පුදුමේ...

:       64       547

අනුර Monday, 21 October 2019 09:22 AM

මෙවැනි උන්මත්තකයින් නායකත්වය දීමට ඡන්දය දෙන අපගේ බුද්ධිමත් සමාජය කොතරම් දුරට පිරිහී ඇත්ද? මේ සියල්ල සිදුවී ඇත්තේ නොයෙකුත් වරදාන හේතුව නිසා බව පෙනේ..

:       1       163

mahinda Monday, 21 October 2019 09:54 AM

පොහොට්ටුවේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක්කේ මන්දයත් ඒ සියල්ලන්ම පොල්ලෙලි නිසා...

:       251       349

janahitha Monday, 21 October 2019 11:22 AM

හ්ම්... ප්‍රාදේශීය සභා නම් හංසයින්, අලියන් සමනල් පොහොට්ටු, දෑ කැති, මිටි, සීනු කියා වෙනසක් නැහැ ඔක්කොම එකයි...

:       1       41

chandana Monday, 21 October 2019 09:56 AM

දැන් කියාවි පිහියෙන් අැනලා හවසට පනින්න හිටියේ ඒ.ජා.ප.යට කියලා ජයවේවා...!!!

:       2       115

janahitha Monday, 21 October 2019 11:23 AM

ඕහ්... තවත් එක්කෙනෙක්... අනේ මන්දන්නේ නැහැ දිව්‍ය ලෝකේ යන්නද කියලා..

:       3       75

Mahee Monday, 21 October 2019 10:36 AM

ගම්වල රස්තියාදු වෙමින් සිට මොකක් හෝ පක්ෂයකට පෝස්ටර් ඇලවීමෙන් සහ කඩේ යාමෙන් 'මන්ත්‍රී' බවට පත් වූ මෙවැනි මදාවි මහත්වරුන්ගේ සුදු රෙද්දෙන් සියලු පව් වසා ගත නොහැකි බවට තවත් එක නිදසුනකි මේ.

:       0       30

Chathuri Monday, 21 October 2019 11:28 AM

ඔය මිනිහව ඡන්දය ඉවර වෙනකම් ඇප නොදී ඇතුළට දමන්න. කොහොමත් පොහොට්ටුවේ උන්ට මේ දවස්වල වලිප්පුව...

:       90       146

රවින් Monday, 21 October 2019 12:14 PM

ෂා..! රෝහල ඇතුලේ හින්දා කෙලින්ම ඇදගන්න තිබුනේ ශල්‍යාගාරයට. පුස්සෙක් වෙන්න ශල්‍ය කර්මයක් කරලාම එළියට දැම්මා නම්, වැස්සත් තියන වෙලේ හොඳට කුඹුරවත් හාගන්න තිබුණා නේද?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site