IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිරිඳට - දරුවන්ට ඇසිඩ් ගැසූ අයෙකුට මරණ දඬුවම

(රොහාන් කුමාර දිසානායක)

තම බිරිඳට හා දරුවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කර, බිරිඳ ඝාතනය කර, දරුවන්ට බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කළ කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 30,000ක දඩ මුදලක් ගෙවන ලෙසද අද (02) නියෝග කළේය.

මේ ලෙස දඬුවම් නියම කෙරුණේ හෙම්මාතගම පදිංචි මොහොමඩ් පාරුක් මොහොමඩ් මුස්තාෆා නමැති 44 හැවිරිදි තිදරු පියෙකුටය.

2012 ජනවාරි 14වැනිදා හෝ ආසන්න දිනකදී ගම්පොළ පාර හෙම්මාතගම නිවසේ දී ඇතිවූ බහින්බස් වීමකදී සැකකරු ඇසිඩ් බෝතලයකින් බිරිඳට සහ දරුවන්ට පහරදී තිබිණි.
 
බරපතල තුවාල ලැබූ බිරිඳ සහ දරුවන් තුන්දෙනෙකු හෙම්මාතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බිරිඳ මියගොස් ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවන් පේරාදෙණිය  ශික්ෂණ රොහලට මාරුකර යවා තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හෙම්මාතගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලගු නොවන විභාගයෙන් අනතුරුව, නීතිපතිවරයා සැකකරුට විරුද්ධව චෝදනා 4ක් යටතේ අධි චෝදනා ගොනුකර කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරනු  ලැබීය.

කෑගල්ල මහ අධිකරණයේ නඩු විභාගයෙන් පසුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැකකරු වැරදිකරු විය.

ඒ අනුව කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පළමු චෝදනාවට මරණ දඬුවම නියම කරමින් දෙවන, තුන්වන හා සිව්වන චෝදනාවලට වසර තුන බැගින් වසර 9ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද රුපියල් 10,000 බැගින් චෝදනා තුනට රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.



අදහස් (4)

බිරිඳට - දරුවන්ට ඇසිඩ් ගැසූ අයෙකුට මරණ දඬුවම

Raveendra Tuesday, 02 July 2019 12:03 PM

මොහු පියෙක් වුනේ කෙසේද ??? පියා යන අර්ථවත් වචනයටත් නිගාවකි.

:       0       0

Bamunuarachchi Tuesday, 02 July 2019 12:19 PM

අහන්න දෙයක් නැහැ තව කෙනෙක් බදින්න සැලසුම් කරලා ඇති.

:       0       0

ගල්කටස් Tuesday, 02 July 2019 12:31 PM

එල්ලන්නෙ නැතිව මොනවා කරන්නද..කියන්නේ? අධිකරණය මරණ දණ්ඩනය දෙනවා නම් එය ක්‍රියාත්මක කිරීමේ වරද කුමක්ද..? නැතිනම් සත්ව ඝාතනය සහමුලින්ම නවතන්න. එතකොට අහිංසක හරක්, කුකුළන්, උෟරන් ටිකවත් බේරන්න පුලුවන්...

:       0       0

Amara Tuesday, 02 July 2019 01:15 PM

එල්ලලා මදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site