
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේ දී ගිනිගත් එම් ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවෙන් මුහුදට විසිර ඇති ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ විසිරී ඇති ඉන්ධන වර්ගය ඩීසල් නොවන බවත් ඊටත් වඩා ඝණකමින් යුත් ඉන්ධනයක් බවත් පෙනී යන්නේ යැයි ද ප්‍රදීප්කුමාර මහතා කීය.
මීට දින කිහිපයකට පෙර ද මෙසේ තෙල් තට්ටුවක් එහි හඳුනාගත හැකි වූ බවත් එම තෙල් තට්ටුව විසුරුවා දියකර හැරීම සඳහා රසායනික යෙදීම සිදුකළ බවත් මේ වනවිට දැකිය හැකි වන්නේ ඉන්පසු මතුවූ තෙල් තට්ටුව බවත් සාමාන්‍යධිකාරිවරයා පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ඉන්ධන විසිරීමක් සිදුව සාගර දූෂණයක් සිදුව ඇති බැවින් මේ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අදාල නැව් සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැළසුම් කරමින් සිටින බව ද ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
මේ කාන්දුවන්නේ නෞකාවෙන් නිකුත් වන තෙල් බව පැහැදිලි නමුත් ඒ එහි ගබඩා කර ඇති බොරතෙල් ද නැතිනම් නෞකාවේ භාවිතය සඳහා යොදා ඇති ඉන්ධන ද යන්න පැහැදිලි නැතැයි කී ඔහු ඒ පිළිබඳ යමක් පැවැසීය හැක්කේ රස පරික්ෂක වාර්තාව ලද පසුව යැයි ද කියා සිටියේය.
මෙම තෙල් තට්ටුව සෙන්ටිමීටර් දෙකක් පමණ ඝණට පවතින බවත් හෙතෙම කියා සිටියේය.
විසිඑක් දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම මේ වනවිට නෞකාව තුළ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් විදේශිය ආපදා කළමනාකරණ විශේෂඥයින් 17 දෙනෙකු හා ආපාදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුව ලත් නාවික හමුදාවේ සිව්දෙනෙකු ඊට අයත් බවත් පැවසූ සාමාන්‍යධිකාරිවරයා ආපදාවට ලක්වූ නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් නාවික සැතපුම් 50 ක් පමණ ඈතට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.
පැනමා රාජ්‍යයේ ලියාපදිංචිය ඇති ග්‍රීක සමාගමකට අයත් එම් ටී නිව් ඩයමන්ඞ් ඉන්ධන ප්‍රවාහන නෞකාව කුවේට් සිට නැගෙනහිර ඉන්දියාවේ ඔඩිශා ප්‍රානත්යේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් සිටිය දී ඉකුත් 3 දා උදෑසන ගින්න හට ගැනිණි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොරතෙල් නෞකාවේ ඉන්ධන සාම්පල රස පරීක්ෂකට