විජේරත්න රත්නායක
වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස අරගලයේදී ඌව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා බ්‍රිතාන්‍යයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ජනතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඌව පළාත් සභාව සූදානම් වෙයි.
ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට වසර 200 ක් සපිරෙන ඉදිරි නොවැම්බර් මාසයේදී එය හුදෙක් තවත් එක් සැමරුමක් බවට පමණක් පත් නොකර එම අරගලයට දායක වූ සියළු දෙනාගේ අරමුණ සඵල කරමින් ඌව පළාතට අහිමිව ගිය සශ්‍රීකත්වය හා අභිමානය සමඟ පළාත යළි ගොඩනැඟීම උදෙසා පුළුල් ආර්ථික සමාජයීය වැඩ පිළිවෙලක් සහිතව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයකට යා යුතු බවට ඌව පළාත් සභා (ජ.වි.පෙ) මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඌව පළාත් සභාවට ගෙන ආ යෝජනාවක් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් අතුරු යෝජනාවක් ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම යෝජනාව ඌව පළාත් සභාවට ඉදිරිපත් කළේය.
සිය කතාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ අතීත හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිදු යටත් විජිතයකට සිදු නොකළ තරමේ දැවැන්ත විනාශයක් බ්‍රිතාන්‍යයන් ඌවට සිදුකළ නමුත් උතුරේ යුද අපරාධ ගැන කතා කරන කිසිවෙකු ඌවට සිදුවූ අසාධාරණය ගැන කතා නොකරන බවයි.
එසේම පැවැති රජයන් පවා වෙනත් පළාත් තුළ සිදුකළ සංවර්ධනය ඌවේ සිදු නොකළ බව පෙන්වාදුන් හෙතෙම පළාත ගොඩනැඟීම පිණිස ලක්ෂ පහළොවක් පමණ වූ පළාතේ සියළු ජනතාවගේ අත්සනින් යුතු පෙත්සමක් රැගෙන පළාත් සභාවේ මහජන නියෝජිතයින් තිස්හතර දෙනාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් බ්‍රිතාන්‍යයන් එදා පළාතට සිදුකළ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලිය යුතු බවට යෝජනා කළේය.
තවද පසුගිය යුද සමය අවසානයේ පුදු මාතලන්හි සිදුවූයේ මානුෂික මෙහෙයුමක් වන අතර 1818 දී ඉංග්‍රීසින් ඌවේ ගම්බිම් වනසමින් සමූලඝාතනයක් සිදුකළ බවත් අදටත් ඌව පළාත නොදියුණුව පැවැතීමට ඒ අමානුෂික ප්‍රහාරය හේතුවී ඇති බවත් ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සමන්ත ඔයාට පුළුවන් නම් ඕක වෙන කවුරුහරි එක්ක කරන්න හදන්න.
ඕවා වැඩක් නැති වැඩ... ඔය ගිය දේවල් ගියා. උඹලා දැන් වෙල්ලස්සේ ගස්කොලන් හිටවපල්ලා. ඔය විස පොහොර වෙල්ලස්සේ ඉසින එක නතරකරපල්ලා දරුවනේ... අපේ අල, කොළ, වැල හිටුවපල්ලා. දැන් ඔය ආර්ථික දියුණුව එක්ක පොරබදන වෙලාවේ අධ්‍යාත්මික දියුණුව වැඩි කරගනිල්ලා දරුවනේ...
වර්ෂ 1818 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මත වෙලාවත් අපි ඊට අත්සන් තබාවත් තිබුනේ නැහැනේ.. මොන විහිළු වැඩක්ද මේ? හොඳ මාර්කටින් වෙන වැඩක්..
එතකොට වික්ටෝරියා ව්‍යාපෘතිය හා අනෙකුත් දේවල් වෙනුවෙන් ලංකාවට දුන් ආධාර මත මහා බ්‍රිතාන්‍යය ඉල්ලුවොත් තමයි වැඩේ වෙන්නේ...
වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස අරගලයේදී ඌව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා ඌව පළාත් සභා මහා ඇමති සහ (ජ.වි.පෙ) මන්ත්‍රී ජිනීවා ගොස් දැනට වසර 200 කට පෙර සිදුවූ සිදුවීමකට වන්දි ඉල්ලීමකට සුදානම් වේ. ජිනීවා යාමට පෙර මේ දෙදෙනාටම දෙවරක් සිතා බැලිය යුතුය. එයට හේතුව නම් දැනට වසර 200 කට පෙර සිදුවීමට වන්දි ලබාදීම කෙසේ වෙතත්, දැනට මාස 11 කට පෙර විදුහල්පතිනියක් දණගස්වා වන්දවා ගැනීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය, මේ දෙදෙනාගෙන්ම එම සිද්ධිය සම්බන්ධව ප්‍රශ්නකොට විදුහල්පතිනියට වන්දියක් ලබාදීමට කටයුතු කරනු ඇත. විදුහල්පතිනිය දණගස්වා වන්දවාගත් මහා ඇමතිවරයාට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යාමට සූදානම්ව සිටි සහ මහා ඇමතිවරයාගේ දුෂිත ක්‍රියාවට විරුද්ධව ලංකාවේ පෙළපාලිවල පෙරගමන් කරුවකු වූ (ජ.වි.පෙ) මන්ත්‍රීවරයාත් උණුසුම්ව පිළිගැනීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් සූදානම්ව සිටිනු ඇත.
මෝඩ වැඩක් නේද? එයාලා කරන්නෙම මෝඩ වැඩ තමයි...
සුද්දෝ කරපු නරක තමයි රට දීල ගිය එක''' හදපු පාරවල් වල තමයි අදටත් ගමන් කරන්නේ.
ඕක යවපුවම සුද්ද අහයි අපි ලංකාවේ ඉන්දැද්දී කරපු දේවල් වලට පස්සේ උබල රට දියුණු කරන්න මොනවද කරලා තියෙන්නේ කියලා?
මාර ප්ලෑන් එකක්නේ. හරියනවා ඉර හඳ වගේ විශ්වාසයි. කී දෙනෙක්ව යුරෝපයට බස්සන්න හිතාගෙන ඉන්නවද? ඉතාලියට ගෙනිහින් දාන්න ගාන කීයද? ඔබතුමාලගේත් පවුල් පිටින්මද යන්න හිතාගෙන ඉන්නේ?
දැන් මේ දෙන්නා ජිනීවා යන්නේ කාගේ සල්ලිවලින්ද?
ඉහත ප්‍රතිචාර දැක්කහම තේරෙනේව ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන රට ගැන හැගීම වගේම නූගත්කම ඒවගේම ලෝකේ ගැන මහලොකුවට දන්නවා කියල හිතාගෙන හිටියට මුකුත් නොදන්නා කම. 1. මෙම යෝජනාව ඉතාමත් හොද දෙයක් , මෙයින් පුළුවන් වෙනවා ලංකාවට වෙච්වච අසාධාරණකම් වගේම ඒ සමූල ඝාතන ගැන ලෝකෙට කියන්න මේවට වන්දි ලැබුනත් නැතත්. ඔවුන් අපෙන් ප්‍රසිද්දියේ සමව ගන්න ඕනේ. 2. සුද්දෝ පාරවල් හැදුවේ අපේ ස්වයංපෝෂිත ආර්ථිකය වට්ටලා අපිව අපේම ඉඩම් වල කුලියට වැඩකරන පිරිසක් කරලා ඒ නිෂ්පාදන එංගලන්තෙට ගෙනියන්න ඕනේ නිසා මිසක් අපිට ගමන් බිමන් යන්න හෝ අපේ දේශීය අවශ්‍යතා සදහා නෙමෙයි. 3. ලංකාවේ තිබුණ නිදන් හැරලා තිබුන සියලුම වටිනා සම්පත් බලෙන් එංගලන්තෙට පැටෙව්වා. 4. ලෝකයේ යටත්විජිත රටවල් වල මේවගේ නඩු දල තියෙනවා. උදා: ඕස්ට්‍රේලියාවේ අදිවසීන්ගෙන් ඔවුන් සමව ගත්ත කරපු සමූල ඝාතන වෙනුවෙන් සහ අදටත් ඔවුන්ට ඒ සදහා ගෙවීමක් කරනවා. 5. කැනඩාවේ මුල් පදිංචිකරුවන්ට සිදු වූ අසාධාරණකම් ගැන නඩු දල තියෙනවා. ඔවුන්ගේ ඉඩම් බලෙන් අල්ල ගැනීම වගේ 6. ඉන්දියව තුළ දෙවන ලෝක යුද්දය අරඹ්භ වෙනකොට තිබුණ සියලුම ආහාර එංගලන්තෙට අරන් ගියා.. එතකොට ඉන්දියාවේ මිනිස්සු කෑම නැතුව මැරුණා.
හොද දෙයක්. වන්දි කෙසේ වෙතත් අපිට සිදු වූ අසාධාරණකම් ගැන ලෝකෙට කියන්න හොද අවස්ථාවක්. ඒ වගේම එහෙම විනශකරලත්, සුනාමියෙන් විනාශ වෙලත්, දකුණු ඉන්දීය අක්‍රමණ වලින් විනාශ වෙලත් , අපි නැවත නැගිටපු විශිෂ්ට ජාතියක්. සීගිරිය , රුවන්මැලි මහසෑය , විශිෂ්ට වාරිමාර්ග කරපු අපි අද මේ කූට දේශපාලකයන් ඉදිරියේ දණ නමල, අපි නැගිටින්න ඕනේ මේ නූතන දේශපාලන හොරුන්ට විරුද්දව. පක්ෂ පාට නැතුව. මේවගේ , නඩු දාලා තියෙනවා අනෙක් රටවල් වලින්. ඕස්ට්‍රේලයාව, ඇමෙරිකාව , ඉන්දියාවත් මේගැන කියල තියෙනවා. ඔවුන් පාරවල් හැදුවේ වැව කඩලා. අපේ ආර්ථිකය නැති කරලා . ඔවුන්ගේ හැමදේම ඒ එංගලන්තෙට ගෙනියන්න.
හිනාත් යනවා........
අර කතාවක් තියෙන්නේ "ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනා "කියල. සුද්දෝ මේ වෙනතෙක් සිටියා නම්, මේ වගේ මෝඩයෝ ලංකාවේ කසල ගොඩකින් වත් හොයා ගන්න බැරි වෙනවා. එක තමයි ඇත්ත. ලෝකේ කොහේ හරි ඉන්න එකෙක් අල්ලාගෙන ලංකාවේ ඉන්න අයටමෝඩ චුන් දෙන එක තමයි මේ මෝඩයින්ගේ රාජකාරිය. ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් ජෝක් කරන මොංගල් කාරයෝ ඉන්න ලෝකේ වෙනත් රටක් ගැන කවුරු හෝ අහල තියනවද?
පිස්සුද මන්ද යකෝ? සුද්ද හිටියනම් මේ කළු සුද්දන්ට වඩා හොඳ වෙන්න තිබ්බ සමහරවිට. ඌව පළාතට වගේම අනිත් පළාත්වලටද අපව යටත්කරගෙන හිටිය ජාතින් විනාශයන් කලා (ඝාතන කෘර දඬුවම් අපේ සම්පත් කොල්ලකෑම්) දැන් උන් සේරම ගිහින්නෙ අපේ කළු සුද්දො අපේ රටට මොනවද කරලා තියෙන්නෙ. රටේ ඉතුරු සම්පත් ටිකත් කොල්ලකන ගමන් අපේ ගුරුවරු දණගස්සවල සුද්දගෙ රටට යවනව උන්ගෙ දරුවන්ට උගන්වන්න.
නිතර නිතර රට සවාරි සෙට් වෙනවනේ. තේරෙන්නෙ නැද්ද ගැටේ තරම.
සුද්දෝ මෙරට ඇල්ලුවේ නැතිනම් මේ වෙන කොට සිරි ලංකාව ඉන්දියාවේ කොටසක්. තේ වතු - කැළෑ, ජාතික ඇඳුම - අමුඩේ අපේ වාසනාවකට සුද්දා මේ රට අල්ලාගෙන මිනිසුන්ව සීලාචාර කෙරුවේ.
විද්‍යාරත්න මහත්තයා ජේවීපී හිටියත් අප එතුමාගේ කතාවන් හා සේවයට කැමතියි. ඒත් භීෂණ කාලවලදී ජේවීපී එකෙන් රටට කල හානියට සුද්දෝ නඩු දැම්මොත්. ඒ නිසා වීදුරු ගෙවල් වල සිටිනා අය අනුන්ට ගල් නොගහා සිටීම නේද වඩා හොඳ.
නරකමත් නැහැ අපේ උන්දැලගේ අදහස්.
දවසේ විකට කතාව... ලංකාවේ ජෝකර්ලා වෙනවා මදිවට ජාත්‍යන්තරේ විකටයෝ වෙන්න හදනවා. මුන්ට පිස්සු.
මැරුණ වෙල්ලස්සෙ වීරයන්ටත් අවනම්බුවක් ගේන වැඩක් මේක.
ඔය වැඩේ හොඳයි. ඒ වුනාට සුද්දෝ ගිහිල්ලා අවුරුදු 70 පස්සේ අපි ඉන්නේ කොහෙද? රෙදිපිළි, මෘදුකාංග, සංචාරක ඇරුනම වෙන මොන අංශයද අපිට තියෙන්නේ! දුෂණ, ගසාකෑම් වලින් නම් ලෝකේ ඉහලම.
මේ කිසි ඉලක්කයක් අමුණක් නැති වැඩ පැත්තකට දාලා පළාතෙ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීමේ වැඩ පිළිවලක් ක්‍රියාවට නගන්න බැරි ඇයි? රටේ අති බල සම්පන්නම මහ ඇමතිවරයා පසුගිය කාලෙ හිටියෙත් ඌව පළාතෙ තමුන් නියෝජනය කරන පක්ෂයෙන්ම කියලා අමතක වුණාද? උෟවෙ උෟරො ටික ඔය විදියට කැකුණ තලන්න ගියොත් උතුරු නැගෙනහිර හබන් කුකුළන්ට නම් රජ මඟුල් උදාවේවි.
නිකන් ඉන්නකොට කාලේ කන්න වැඩකුත් කරන්න වෙනවනේ. රටට වැඩක්, ජනතාවට මේ දුකෙන් ගලවගන්න වැඩක් කලොත් නරකද ඔය අමන වැඩ නොකර.?
අපි ඔක්කොම අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනෑ... සුද්දා අපේ රට විනාශකළා.. රටේ තිබු වටිණා දේ කොල්ල කෑවා. මධ්‍යසාර පානය (රා නොවෙයි) පුරුදු කළා, විදේශික කුලීකරුවන් අපේ රටට ගෙනාවා,... වැනි ඉතාමත්ම අශීලාචාර වැඩ රාශියක් අපේ රටට කළා කියලා. මේ සුද්දා කරපු නරකම දේ තමයි.. "රටේ ජීවත්වන ජනතාව ජාතින්, වෙනස් ආගමිකයින්, ලෙස උපක්‍රමික ලෙස බෙදා ඔවුනොවුන් එකිනෙකා " කෙටවීම"... ජාතින් අතර වෛරය පැතිරවීම... ඒ කාලේ ඔවුන්ගේ පරිපාලනය පහසු කරගැනීමටයි. අප්‍රිකාවේ තරම්ම නැතත් අපේ රටෙත් වහල් සේවයක් නොතිබුණාම නොවෙයි. සුද්දා එයාගේ පහසුව පිණිස රටේ පාරවල් හැදුවා. පාලම් හැදුවා. තේ ප්‍රවාහනය මූලික කරගනිමින් දුම්රිය, ලොරි, බස් ආදිය අපේ රටට හඳුන්වා දුන්නා... ඒ වගේ තවත් හොඳ වැඩ කළා. හැබැයි ඒවා ඇත්තටම කලේ සුද්දගේ පහසුව පිණිස මිස රටේ ජනතාව ගැන සිතා කියලා නම් කියන්න බැහැ... නමුත් 1948 සුද්දා අපේ රටෙන් යද්දී අපේ රට කිසිම රටකට ණය කරලා ගියේ නැහැ. එදා ඉඳලා රට පාලනය කරපු කළු සුද්දෝ, සුදු සුද්දටත් වඩා අපේ රට " සුද්ද කළා". අපේ රට කෝටි - ප්‍රකෝටිවලින් ලෝකෙට ණය කාරයෙක් කලේ 1948 සිට අද දක්වාම රට පාලනය කරන හොර රැලයි. ඉතින් අපි උන්ගෙනුත් වන්දි ඉල්ලමු...
අනිවාර්යයෙන්ම කලයුතු වැඩක් ,සමන්ත සහෝදරයා මීට නායකත්වය දි්, වර්තමාන තාක්ෂණ පහසුකම් උපයෝගි් කරගෙන, මෙය ජ්‍යාත්තන්තරයට ගෙනගිය යුතුය.