(විනීතා ගමගේ)
ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා පියවර ගෙන ඇත.
මෙම ඇදුම ජාත්‍යන්තර ත්රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් දේශපාලන නායකයන් පවා පිළිගෙන ඇතැයි ද පෙන්වා දෙයි.
මේ වනවිටත් බුර්කාව ගලවා ඇතුළුවන ලෙස සමහර ආයතන පවා දැන්වීම් යොදා ඇතැයි ද ජාතික ආරක්ෂාව සළකා බලා මෙම ඇදුම තහනම් කිරීමට සළකා බැලිය යුතු යැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බුර්කාව තහනම් කරන්න’
rama Tuesday, 23 April 2019 08:27 AM
අංශු කියන්න වගේ හදන්නේ...
sarath Tuesday, 23 April 2019 08:29 AM
දැන්වත් ක්‍රියාත්මක කරනු. ඩුබායි, ලෙබනන් වල බහුතර ඉස්ලාම් භක්තික ගැහැණු අය ඔය බුර්කාව ගණන් ගන්නේ නැහැ.
Nuwan Tuesday, 23 April 2019 08:30 AM
යුරෝපයේ රටවල මේ ගෝනි ඇෙඳුම තහනම් කරලා තියෙන එකේ ලංකාවේත් කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්තවාදයේ එක සලකුණක් තමා මේ භයානක ලෝගුව.
Thushara Tuesday, 23 April 2019 08:30 AM
අගය කළයුතු යෝජනාවක්.. මහජන ආරක්ෂාව සඳහා.. ඕක දාගත්තම කවුද ඇතුලේ එන්නේ කියලා හිතාගන්න බැහැ..
shanka Tuesday, 23 April 2019 08:31 AM
නමුත් මේ කවුරුවත් මේක කරන්න කැමති වෙන එකක් නෑ .මුස්ලිම් දේශපාලකයෝ කිව්වොත් මේක කරන්න බෑ කියලා අපේ අය නිකම්ම ඔලුව නමනවා.
chamara Disanayake Tuesday, 23 April 2019 08:32 AM
ඉතා කාලෝචිත පියවරකි. රටක ආරක්ෂාව පිළිබඳ දැන්වත් උනන්දු වන බව පෙන්වීමටවත් කටයුතු කිරීම වටියි.
shan Tuesday, 23 April 2019 08:35 AM
සෞදි අරාබියේ පවා අනිවාර්ය නොකරන ලද බුර්කාව වසර සිය ගනනක් ලාංකික මුස්ලිම් කාන්තාවන් අඳිනු ලැබූ සම්ප්‍රදායික ඇඳුම සම්පූර්ණයෙන් වෙනස් කරමින් මැදපෙරදිග රැකියාවන් සඳහා මෙන්ම වන්දනාවේ පැමිණි කාන්තාවන් විසින් එම රටවල් අනුකරණය කරමින් රටට හඳුන්වා දුන් මෙය දැනට ප්‍රථම මුස්ලිම් රාජ්‍ය වන හා පූජනීය රාජ්‍යයක් වන සෞදි අරාබියේද රජු විසින් කැමති අයෙකුට පමණක් පරිහරණය කරන ලෙස අනිවාර්ය නොකරන ලද ඇඳුමකි. අනෙක් රටවල විවිධ අපචාර හා ත්‍රස්තවාදී මෙන්ම පාතාල කාර්යයන් සඳහාද පිරිමින් විසින් මෙන්ම ගැහැනුන් විසින්ද පරිහරණයට යොදාගනී. මෙය රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ඉවත් කිරීමට රාජ්‍ය විසින් ක්‍රියාකළ යුතුයි.. මේ සඳහා කිසිදු සදාචාරාත්මක මුස්ලිම් ජාතිකයෙකු විරුද්ධ නොවන බව නොඅනුමානයි.
පිටිගල මිලානෝ Tuesday, 23 April 2019 08:38 AM
ලංකාවෙත් බුර්කාව තහනම් කරන්න. ඉතාලියේ සහ ප්‍රංශයේ මේක තහනම්.
රුෂාන් Tuesday, 23 April 2019 08:38 AM
ජාතික ආරක්ෂාව සලකා මෙම ඇඳුම (බුර්කාව) වහාම තහනම් කරන්න.
rabada Tuesday, 23 April 2019 08:39 AM
අනිවාර්යයෙන්ම සිදුවියයුතු දෙයක්.. මේක පිරිමින් අඳින ගවුමත් තහනම් කළ යුතුයි. මෙය ලංකාවේ මුස්ලිමුන්ගේ ඇඳුම නොවෙයි, මූලධර්මවාදීන් තමුන් පෙන්වන්න අඳින ඇඳුමක්... ලංකාවේ එය අපේ රටට ඔබින්නේ නැහැ.
ගල්කටස් Tuesday, 23 April 2019 08:40 AM
මොනවා උනත් මොහු කියන දේ සහතික අැත්ත... කළ යුතුම දෙයක් කවුරු එපා කිව්වත් එය කළයුතුයි. සමහර අරාබි රටවල් වල වත් නැති විදිහට ලංකාවේ භාවිතා කිරීිමෙන්ම පේනවා කරම...
hira Tuesday, 23 April 2019 08:43 AM
මෙන්න කරන්න පුලුවන් නම් නියම වෙලාව... බලමු ආණ්ඩුවට කොන්දක් තියෙනවද කියලා?
makola Mangala Himi Tuesday, 23 April 2019 08:45 AM
හෙල්මර්ට් එකක් පැළඳගෙන ATM මැෂින් එකෙන් සල්ලි ගන්න දෙන්නෙත් නැහැ. ඒ වුණාට බුර්කාව ඇඳගෙන ATM එකෙන් සල්ලි ගන්න විතරක් නෙමෙයි උසාවියට යන්නත් පිළිවන්නේ. මේවා ආරක්ෂාවට බලපාන්නේ නැද්ද? ආණ්ඩුව ඒ තරමටම නිවටයි. බුර්කාව තහනම් කිරීමට ගෙන ආ යෝජනාව කාලෝචිත ලෙස සළකා කටයුතු කිරීම මැනවි...
S Senarath bandara Tuesday, 23 April 2019 08:50 AM
අපේ මුස්ලිම් අයත් රැකගන්න මෙය ඉතා වැදගත්...
Sapumal. Tuesday, 23 April 2019 08:51 AM
ඉතාමත් හොඳ අදහසක්. වහාම ක්‍රියාත්මක කිරීම වටී.
loli Tuesday, 23 April 2019 08:54 AM
නියමයි... වටිනා වැඩක්....
දිමුත් Tuesday, 23 April 2019 09:00 AM
ඉතාමත් කාලෝචිත තීරණයක්.
Bennett rathnayake Tuesday, 23 April 2019 09:03 AM
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් හොඳ තීරණයක් වශයෙන් පොදු ස්ථානවල බුර්කාව තහනම් කිරීම අපි සියලු දෙනා පිළිගත යුතුයි.
Dasun jayantha Tuesday, 23 April 2019 09:09 AM
මේක දාගෙන යන අය හිතන්නේ මේක අරාබි රටක් කියලයි. ඒක මහා භයානක තත්වයක්.
විජිත් Tuesday, 23 April 2019 09:09 AM
සලකා බලන්න ඕනෑ නැහැ. තහනම් කරන්න. දැනට මාස කිහිපයකට උඩදී සෞදි අරාබියේ සල්මාන් කුමාරයාව ඇමෙරිකානු රූපවාහිනි ආයතනයකින් ' ඉන්ටර්වීව් ' කළා. එවිට ඔහු කීවා. කුරානයේ කොතැනකවත් කියලා නැහැ ගැහැනුන්ට මුහුණ වසන්න ' කියලා. කියලා තියෙන්නේ වැදගත් විදිහට අඳින්න පළඳින්න කියලයි" කියා. නමුත් කුමාරයාව ඉන්ටර්වීව් කරපු ඇමෙරිකානු ජනමාධ්‍යවේදිනිය එළියට ආපසු, එළියේ සිටි පොලිස් නිලධාරියෙක් කීවා ' ඔබේ ඔලුව වසා ගන්න" කියලා. බලන්න අලුත් විදිහට හිතන ලෝකයකත්, සාම්ප්‍රදායික ලෝකයත් අතර ඇති වෙනස...
Jayanath Tuesday, 23 April 2019 09:11 AM
ස්තුතියි මහාචාර්යතුමනි... මේ ගැන කතා කරකරන්නත් වචන නැහැ.
rocky Tuesday, 23 April 2019 09:13 AM
ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොවෙයි, සෞඛ්‍යයට, පරිසරයට බලපාන ඇඳුමක් හැටියටත් මෙය වහාම තහනම් කළ යුතුයි. මේ ගිනි අව්ව කකැරෙන දවස්වල ඔය කළු සරුවාලේ ඔතාගන ජනසමාජයට එන සරීර තැම්බෙනවා..
asantha Tuesday, 23 April 2019 09:18 AM
මේක කළ යුතුම දෙයක්. මේ අැඳුම්වලට මුවා වී ඕනෙම කෙනෙකුට ත්‍රස්ත ක්‍රියාවල යෙදිය හැකියි...
ජයන්ත මිලානෝ Tuesday, 23 April 2019 09:21 AM
අපේ රටේ තමයි ජාතිය ගැන හිතලා මෙවැනි දේ නොකරන්නේ. යුරෝපීයයන් බුර්කාව තහනම් කරලා. ඉතාලියේ කිසිඳු ආයතනයකට බුර්කාව හෝ එවැනි මුහුණු ආවරණ පැළඳ ඇතුළුවීම තහනම්...
Bamunuarachchi Tuesday, 23 April 2019 09:28 AM
හරියට හරි බුර්කාව තහනම් කරන්න. පාර්ලිමේන්තුවේ සම්මත වුනත්, නොවුනත් ප්‍රසිද්ධ ප්‍රවාහන වලට නංවා ගැනීම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම ගැන ජනතාව විරුද්ධ වන්න.
sam Tuesday, 23 April 2019 09:29 AM
ඉතා හොඳ අදහසක්... මෙය තහනම් කළ යුතුයි.
chandima Tuesday, 23 April 2019 09:33 AM
හොඳ වැඩකි. මෙයට වසර 5 කට 10 කට පෙර ගෝනි බිල්ලෝ සිටියෙම නැත. දිග රැවුල් කාරයින්ද, චීනයේත් තහනම්ය. ප්රංශයත් එසේමයි. මළවුන්ට යම් ගෞරවයක් මෙමගින් වනු ඇත.
දිලුම් Tuesday, 23 April 2019 09:35 AM
මේ වෙලාවේ ඉතාමත්ම හොඳ යෝජනාවක්. ගවයින් 225 අතරින් මේ රටේ ජනතාව ගැන සිතා මේ යෝජනාව ඉදිරිපත් කළාට ඔබට ස්තූතියි. බලමු හිටන් මොකද කියන්නේ කියලා...?
nishantha Tuesday, 23 April 2019 09:38 AM
ඊයේ කඳානේදී ඇල්ලු බුර්කාව දැමු කෙනා එය මිනිසුන් එකතුවී ගැලවූ පසු පිරිමියෙක් බව දැනගෙන පොලිසියට බාර දී ඇත. තව කොපමණ ඇත්ද එවැන්නවුන් රටේ? කරුණාකර මෙය වහාම තහනම් කරන්න..
saminda Tuesday, 23 April 2019 09:41 AM
හොඳ තීරණයක්... ඉක්මණින්ම මෙය ක්‍රියාත්මක කරන්න..
ඉරැස්මස් Tuesday, 23 April 2019 09:50 AM
ආරක්ෂාව සඳහා කළ යුතුම දෙයක්.
Bandara Tuesday, 23 April 2019 09:51 AM
නියමයි...
අස්ලම් Tuesday, 23 April 2019 09:54 AM
ඔබතුමා දේශපාලකයන්ගෙන්ද මුස්ලිම් සම්ප්රදාය ඇහුවේ, වෙන කව්රුත් ලැබුනෙම නැද්ද?
Nuwan Tuesday, 23 April 2019 09:55 AM
ඔබට පින්, කොතැනින් හරි පටන් ගමු... මේ අසමත් රජය සියලු සමාජ ජාලා විසන්ධි කරලා තියෙන්නේ.. තමන්ට විරුද්ධව ජනතාව පෙලගැසෙයි. හරියට ඊජිප්තුවේ වගේ කියල බයට, එ්ක පැහැදිලියි, නැතුව අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය වුණත් ඒවාට කලබලවෙලා මිනී මරාගන්න තරම් මෝඩ ජනතාවක් නෙමේ අද ඉන්නේ.. කවුද ඇත්ත කියන්නේ කවුද නැත්තේ කියලා දැන් නම් හොඳටම තේරුම් අරන් ඉන්නේ... අපිත් මේ මැති අැමැතිලගේ උත්සව වර්ජනය කරමු.. මොවුන්ව සමාජයෙන් කොන්කරමු. පුද්ගලික දේකටවත් ගෙන්න ගන්න එපා. සියලුම දේශපාලකයෝ කොන්කරමු.
du Tuesday, 23 April 2019 09:56 AM
කළයුතුම දෙයක්. දැනටත් ප්‍රමාදයි. බස් දුම්රිය ගමන්වලදී අපි බොහෝ විට සැකයෙන් බලන වාර අනන්තයි. බොහෝ සුවිසල් පාර්සල්ද රැගෙනයි මොවුන් අැතුල් වෙන්නෙත්...
දාවිත් Tuesday, 23 April 2019 10:01 AM
අනේ වාසනාවන්... කරලා දාන්න.. කාටවත් බයද?
චමින්ද Tuesday, 23 April 2019 10:07 AM
හොඳ අදහසක්... මෙය නියත ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ත්‍රස්තවාදය තුරන් කිරීමට වගේම මේක අපේ රටට ගැලපෙන්නේ නැහැ.
sara Tuesday, 23 April 2019 10:10 AM
බුර්කාව තහනම් කරන්න’ මේක මීට ගොඩක් කලින් මමත් යෝජනා කළා. මේ වගේම අපි කියන දෙයක් අහන්නේ නැහැනේ ඉතින්... තව දෙයක් මේ හෝටල්, කඩසාප්පු, වර්ජන කරන්න ජනතාවෙනි බඩගින්නේ හිටියත් මින්පසු මොවුන්ගේ කිසිම කඩේකින් බඩුගන්න එපා. අද ඉඳලා වැඩේ පටන්ගමු. අපේ සල්ලි වලින් අපිටම කෙලිනවා... මේක හොඳ ක්‍රියාවක්.. මොවුන් වට්ටන්න වගකිව යුතු තැනක රක්ෂාවක්වත් දෙන්න එපා. ඔයාලට ඕන විදියට ඉන්න ඕනෑනම් වෙන රටක් හොයාගනිල්ලා. අද සිටම කඩවල් වර්ජනේ පටන් ගමු. ලබන ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ටිකත් එළියට දාමු. එවිට අපි ගොඩේ ගොඩ...
Chrisantha Tuesday, 23 April 2019 10:23 AM
ඔව් මාරසිංහ මහතාගේ යෝජනාවට මගේ සම්පුර්ණ සහයෝගය.
Anton Tuesday, 23 April 2019 10:24 AM
නියමයි
chinthaka Tuesday, 23 April 2019 10:29 AM
අත් දෙකම ඔසවා පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව සහාය දෙන්නෙමු.
dilan Tuesday, 23 April 2019 10:31 AM
තහනම් කරයි කියලා තමයි භය, තාම අපේ අගමැතිතුමා බලයේ ඉන්න බව ඔය කාට කාටත් අමතක වෙලාද?
Sriyal Tuesday, 23 April 2019 10:33 AM
ඉතාම හොඳ යෝජනාවක්. ඔවුන් වැරදි ලෙස හැසිරීමට ඉඩ ඇත. අනෙකුත් අයගේ මානව හිමිකම් සදහා තර්ජනයක්
janis Tuesday, 23 April 2019 11:39 AM
ලෝකේ දියුණු පරිසිදු ඉස්ලාම් ආගම තියෙන රටවල මේ විකාර ඇඳුම නැහැ. මේ ඇඳුම ලෝකේ රටවල දැන් තහනම් කරලත් ඉවරයි, අපේ රටේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් අන්තවාදීන් ඉන්න බව දැන් දැන් පෙනෙනවා ,
Ratne Tuesday, 23 April 2019 11:50 AM
හොඳ අදහසක්..
Lakmawage puthek Tuesday, 23 April 2019 01:06 PM
මේක හොඳ යෝජනාවක්. දැනට අවුරුදු 20කට පෙර මේවා අපේ රටේ තිබුණේ නැහැ. දැන් මේ අරාබිකරණය සමග මෙයා ඇවිත් තියෙන්නේ. ඔබතුමාට ස්තුතිය පුද කරනවා මේ යෝජනාව ගෙනාවට...
Pradeep Tuesday, 23 April 2019 01:19 PM
මීට බොහෝ කලකට පෙර කරන්න තිබුණු දෙයක්... දැන්වත් කරන්න අනුමැතිය ලැබුණොත් හොඳයි. ඥානසාර හාමුදුරුවෝ මේක පෙන්නුවේ කලකට පෙර. නමුත් අපේ අය එ්ක පිළිගත්තේ නෑ..
Sam Tuesday, 23 April 2019 01:30 PM
අනිවාර්යයෙන්ම කළ යුත්තක්.. තවද පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර, එම නාමික ගම්මානද ඉවත් කළ යුතුමයි.
liyanage Tuesday, 23 April 2019 01:43 PM
ඔවුන්ගේ නිවෙස්වල, ඔවුන්ගේ ආගමික ස්ථානයන්වලට පමණක් සීමා කල යුතුය. අනෙක් සියලු තැන්වල තහනමට ලක්කල යුතුය
ඉන්ද්‍රජිත් පී.ජී. Tuesday, 23 April 2019 02:06 PM
ඉතාම කාලෝචිත යෝජනාවක්.
indika Tuesday, 23 April 2019 03:04 PM
ඉතාමත් නිවැරදි යෝජනාවක්, බොහොමයක් මුස්ලිම් කාන්තාවන් වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව බුර්කාවට මුවාවී වාහන පදවවී, කරුණාකර මෙම යෝජනාවට සහයෝගය ලබාදෙන්න
Laksitha paris Tuesday, 23 April 2019 06:08 PM
හොඳ තීරණයක්.....
parakkrama Tuesday, 23 April 2019 08:49 PM
සාක් සංවිධානයට අයත් රටවලින් ශ්‍රී ලංකාව, ඉන්දියාව,නේපාලය, භූතානය හැරුණු කොට පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය , බංග්ලාදේශය හා මාලදිවයින් ඉස්ලාමීය රටවල් වෙයි. අන්තර්ජාලයේ සැරිසරන ඔබට එය බලාගත හැකි ඡායාරූප නිරීක්ෂණය කරන්න. බුර්කාවට ඇති තැන කෙතෙක්දැයි ඔබට පෙනෙනු ඇති. 1950 ගණන්වල මෙරට මුස්ලිම් තරුණියන් සළු පොටකින් , හිජාබයෙන් (Hijab) හෝ තමා හැඳ සිටින සාරි පොටින් හෝ අන්‍යයන් ඉදිරියේ තම හිස සහ ලය මණ්ඩල වසාගෙන සිටි අතර වැඩිහිටි කාන්තාවෝ බොහෝවිට සාරි පොටින් හෝ තම ස්වාමිපුරුෂයාගේ සරමකින් ආවරණය කැරගත්හ.ලංකාවේ මුස්ලිම් කතුනට බුර්කාවත්, පිරිමින්හට අරාබි ඇඳුමත් ඉස්මතු වුනේ ඉරානයේ 1979න් පසු කුමේනිගේ ඉස්ලාමීය පාලනය අනුව යමිනි. මෙය ආගමික, සංස්කෘතියක හෝ ජාතියක අවශ්‍යතාවක් සඳහාම වූ ඇඳුමක් නොවන බව පැහැදිලිය. කාන්තාර අරාබිකරයේ වැලි කුණාටුවලින් ආරක්ෂා වීමට හා සේදීමට ජලය හිගකම නිසා ගැහැණු පිරිමි හිසේ සිට දෙපතුල දක්වා වැසෙන්නට මෙම ඇඳුම් ඇන්දහ. බුර්කාව තහනම් කිරීම අප රටේ ආරක්ෂාවට ඉතා හොඳ පියවරක් වනු ඇත.
rohan withanage Tuesday, 23 April 2019 10:53 PM
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු වැදගත් තීරණයක්
බිනර Tuesday, 23 April 2019 11:52 PM
කල හැකි දෙයක්දැයි සැකයි. කුහක දේශපාලනය සිය ඡන්ද නිසා මෙයට එකඟ නොවිය හැකියි...... අඩුම ගානේ රජයේ කාර්යාල , වැදගත් ආරක්ෂක ස්ථාන, අධිකරණ වැනි තැන්වලට වත් මුල් අවස්ථාවේ තහනම් කල යුතුයි...
kumara Wednesday, 24 April 2019 01:56 AM
කිරීමේ ගැටළුවක් නැහැ නමුත් ඡන්ද අඩුවීමේ ගැටළුවක් තියනවා.......
wiji Wednesday, 24 April 2019 02:04 AM
මෙය එත හොඳ ආරම්භයකි. ඕමානයේ සුල්ටන් කබූස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට මුහුණ ආවරණය කිරීම තහනම්ය. ඇයි අපිට එය කරන්න බැරි?
හනීෆා Wednesday, 24 April 2019 02:08 AM
මුස්ලිම් රටවල කාන්කාවන් පමණක් නොව පිරිමින් පවා සම්පූර්න ඇඟ වැහෙන්න ඇඳුම් අඳින බවක් පේනවා ඔහුන් එහෙම කරන්නේ එම රටවල් කාන්තාර තත්වයට සමාන අධික උෂ්ණත්වයෙන් ආරක්ෂාවට.අපේ රටේ එහෙම තත්වයක් නැහැ.මෙම යෝජනාව ඉතාම කාලෝචිතයි.
Saman Wednesday, 24 April 2019 02:49 AM
සමහර බටහිර රටවලත් බුර්කාව තහනම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඕස්ට්‍රෙිලියාව වැනි රටවල් ගතහැකියි.
vipula Wednesday, 24 April 2019 03:10 AM
අපි හෙල්මට් ගලවාගෙන ඒටීම් යන්ත්‍ර භාවිතා කරනකොට මෙම ගැහැණු හොල්මන් වගේ ඇවිත් එම යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. වාහන පදින්නේ ඇස්දෙක පමණක් අනෙකට පෙනෙන විදිහට. මේ අවස්ථාව සුදුසුම අවස්ථාව මෙය නතර කිරීමට .
San80 Wednesday, 24 April 2019 04:32 AM
මෙහෙම ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද ?? අදමයි නම ඇහුවෙත්....
Rupawathie Wednesday, 24 April 2019 04:36 AM
ඇයි අර කළු ලෝගුව ? එකත් අයින් කරන්න . හොද අදහසක්
sarath Wednesday, 24 April 2019 06:58 AM
බුර්කාව විතරක් නොවී, අන්තවාදී අදහස් තියෙන, වෙන රටවල තහනම් කර ඇති සියලුම නාලිකා තහනම් කළයුතුයි...
අසරණයා Wednesday, 24 April 2019 08:51 AM
බුර්කාව වගේම සිරකරුවනට කහපාට ජම්පර් එක අන්දන එකත් නවත්වන්න ඕනෙ. අපි ඔක්කොම මැරෙන මිනිස්සු . අපි හැමෝටම වැදගත් ආරක්ෂාව යි .
saman Padukkavidana Wednesday, 24 April 2019 09:02 AM
කාලෝචිත යෝජනාවක්... මන්ත්‍රීතුමාට සුබපැතුම්..!!!
mohomed Wednesday, 24 April 2019 03:32 PM
නියමයි...
JANAKA Thursday, 25 April 2019 03:35 AM
මෙය ඉතාමත්ම වැදගත්, ඉතාම නිවැරදි වගේම ඉතාම අවශ්‍ය යෝජනාවක්. මේ රටේ සියලු දෙනාටම තිබිය යුත්තේ එකම නිතියකි, සදා කාලයටම මෙම තහනම ක්‍රියාත්මක කල යුතුයි.
Ravindu Mihisara Thursday, 25 April 2019 07:13 AM
පුවත් ඉතා පැහැදිලිය.හොඳ විස්තරයක් ඇත.
Chamara Disanayake Thursday, 25 April 2019 07:51 AM
ඉතා කාලෝචිතයි. නමුත් මෙය ක්‍රියාත්මක කරන තුරු විශ්වාස නැත. ඡන්ද මලු ගැන සිහින මවන පාලකයන් මෙය යට ගසා දමනු ඇත. සිංහලයන්ට සියල්ල මතක සති කිහිපයක් පමණි. මෙය ක්රියාවේ යෙදවෙන තෙක් ඒ සඳහා බල කල යුතුය. නැතිනම් මෙවැනි ඇඳුම් ඇඳගත් අය නිරතුරුවම සෝදිසි කල යුතුය. ප්‍රශ්න කළ යුතුය. එවිට පත්වන අපහසුතාව නිසා මෙවැනි නොගැලපෙන විකාර සමාජයෙන් ඉවත් වනු ඇත.
sharm Friday, 26 April 2019 09:27 AM
අනිවාර්යෙන්ම කල යුතුයි. මෙය තමයි ඔවුන්ගේ ජාතිවාදයේ හොදම සලකුණ. අවුරුදු සියක් විතර ඉදලා ලංකාවේ ඉන්න මුස්ලිම් කාන්තාවන්ට නොතිබුන අමුතු අමාරුවක් මේ මෑතක හැදුනේ මේ ලෝගුවත් එක්ක. මෙහෙම හොල්මන් වගේ ඉන්න ඕන නම් ගෙවල් වලට වෙලා හිටපුදෙන් අපිට මොකද. හැබැයි පොදු තැන් වල, මහා මග යනවා නම් හොරුන්ට ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙන මේ ලෝගුව ගෙදර තියලා එන එකයි.
හිරූ Saturday, 27 April 2019 03:42 AM
අන්තවාදය සහමුලින්ම ශ්‍රී ලන්කාවෙන් තුරන් කල යුතුයි.