(නිමන්ති රණසිංහ)
බේබදු සැමියාගේ පහරදීමෙන් සිය දියණීය බේරාගැනීමට ගිය 61 හැවිරිදි මවක් තියුණු ආයුධයකින් වැදුනු පහරක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ දඹුල්ල වැලිහේන, පැල්වෙහෙර ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
බීමතින් නිවසට පැමිණී පුද්ගලයා සිය බිරි`දට පහර දී ඇති අතර ගැටුම සමථයකට පත් කිරීමට ගිය බිරිදගේ මව හා අසල්වැසියකු බීමත් පුද්ගලයාගේ පහරකෑමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. එහිදී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 61 හැවිරිදි කාන්තාව මරුමුවට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද පොලිස් මුලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැබෑරුම් ඇරපු එකේ විපාක ඇස් පනාපිටම ලැබිලා. ආපසු මේ වගේ බේබද්දන්ට පරිසරය හදන්න එපා. හිරගෙදරක තියාගන්න එකත් අපරාධයක්.