IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බීමතින් රිය පැදවූ 18කට දඩ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පානදුර දකුණ පොලිස් වසමේ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පැය තුනක් තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 18දෙනෙකු අද(09) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
 
එම පිරිස අතර සිටි පුද්ගලයින් තිදෙනෙකුට රියදුරු බලපත්‍ර නොමැතිවීමෙන් රුපියල් 50,000 බැගින් සහා සෙසු පුද්ගලයන්ට රුපියල් 25,000 බැගින් දඩ නියම කරන ලදී.
 
ඊට අමතරව රියදුරු බලපත්‍රය මාස 6කට අත්හිටුවීමටද, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙලෙස දඩ මුදල් නියම වූයේ මහනුවර පදිංචි ටී.වී.එම්. රත්නායක, වලාන පදිංචි එස්.ඒ. රණසිංහ පොහෝද්දරමුල්ල පදිංචි එස්.පුෂ්පකුමාර, අනුරාධපුරයේ පදිංචි ඉසුරු මධුවන්ත, වාද්දුව පදිංචි සුරංග පෙරේරා, පිංවත්ත පදිංචි ඉරේෂ් ලිවේරා, පානදුර පදිංචි ජෙරාඩ් ප්‍රනාන්දු, දිබ්බැද්ද පදිංචි සචින්ත ප්‍රනාන්දු, මහරගම පදිංචි හේමන්ත කුමාර විජේතුංග, මොරටුව පදිංචි ඉන්දික යටවර, වලාන පදිංචි නිරෝෂ පීරිස්, හොරණ පදිංචි යසිරු සූරියආරච්චි, මොරටුව පදිංචි චින්තන ප්‍රනාන්දු සහ මාදුපිටිය පදිංචි ලලිත් කුමාර යන අයවලුන්ටය.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2019 අංක 10 දරන මෝටර් වාහන සංශෝධන පනත අනුව මෙම දඩ මුදල් නියම කළ බව පොලිසිය කියයි.
 
 ඊයේ(08) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත්, ඒ සඳහා නිලධාරීන් පස්දෙනෙකු පමණ සහභාගී වූ බවත් පොලිසිය කියයි.



අදහස් (3)

බීමතින් රිය පැදවූ 18කට දඩ

තම්බි මරික්කාර් Tuesday, 09 July 2019 11:28 AM

එක තම්බියෙක්වත් නැහැ

:       8       67

Raveendra Tuesday, 09 July 2019 01:59 PM

අපගේ අදහස් වලට වැඩිදෙනෙකු අකමැති වෙනු ඇත. නමුත් අප විශ්වාස කරනවා මෙම දඩමුදල් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව... එසේම බලපත්‍රය අඩුතරමින් එක් අවුරුද්දකටවත් තහනම් කළයුතුයි. එමෙන්ම මේ සියල්ලෝම පරිවාස කාලයකට යටත් කළයුතුය යන්න. හොඳ කල්කිරියාව අනුව නැවත වරක් රියදුරු පරීක්ෂණයකට භාජනය කර බලපත්‍ර ලබාදිය යුතුයි. කෙසේ හෝ නැවත වරක් එම වැරැද්දටම අසුවුවහොත් සදහටම බලපත්‍ර අවලංගු කළයුතුයි.

:       0       30

Chanak los angeles Tuesday, 09 July 2019 03:16 PM

ඥාණසාර හිමිට කියලා මොවුන්ට අවවාද කරවන්න..

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site