(නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ලබන 5 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හා එහි සේවය කළ පුෂ්පමිත්ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.
පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය මගින් මොවුන් පස් දෙනා අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
මේය මහත්වරු කියල දමල තිබුණට මහත් හොරු කියල වෙනස් වෙන්න ඕන
දැන් මේ අයටත් කවි පොත් ලියන්න, කතා පොත් ප්රකාශණය කරන දේවල් බන්ධනාගාර රෝහලේ ඉඳන් කරන්න දෙන්න.
එල්ලන්න ඕන ලොකු ලොකු අය නම් පාර්ලිමේන්තුවටත් යනවා....... ඒත් එල්ලන්නේ දෙවන මට්ටමේ හොරු විතරයි...
විල්පත්තු ප්රශ්නය මේ එක්කම අමතක වෙයිද ? ගමරාලගේ ඡන්ද ගුණ්ඩු , ජනතාව ඔවට අහුවූණු කාලය ඉවරයි.
මහා මොළකරුවන් දෙදෙනාත් ඉක්මනින් අත්අඩංගුවට ගන්නකො. නිලධාරීන් අත්අඩංගුවට පත්වන්නේ ලොක්කට අවනත වෙන්න සිදුවීම නිසයි. යම් වරදකදී දේශපාලකයින් සහ නිලධාරීන් නීතිය ඉදිරියේදී සමව සැලකීමේ නීති අපේ නීති පොතට ඇතුලත් විය යුතුයි.
හොර මැරකම් අල්ලා දඬුවම් දීම හොඳ දෙයක් ඒත්මේ කොමිසම් හා දඬුවම් තියෙන්නේ එක පාර්ශවයකට පමණද ? ජනපති තුමාට පේන්නේ එක පැත්තක වැරදි පමණයි නේද ? එතකොට එතුමා එදා කී හොරුන් දැන් එතුමාට කිට්ටුවී තිබුණත්, ඒ හොරුන් හොරකම් කලේ මේ රටේ ධනය නොවේද ? එදා කීවේ හොරුන් මැරයන් අල්ලා සිරගෙවල් පුරවන බවය. කිව් විධිහට අප නම් සිතුවේ සිරගෙවල් පුරවා හොරුන්ගේ දේපල රාජසන්තක කරාවි කියාය. ඒත්,දැන් ඒ හොර මැරකම් නොපෙනේ. පේන්නේ එක පැත්තක් පමණි. ඒ තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙනි. සියලු හොරුන්ගෙන් රටට අහිමි වූ ජාතික ධනය නැවත රටට ලබා දෙන්න. ඔබතුමාගේ නොසැලකිල්ල නිසා කම්බා හොරු නිදැල්ලේය. සමහර චුදිතයන් තම නඩුව නොඅසන ලෙස අධිකරණයෙන් ඉල්ලීමට තරම් සාහසික වී සිටියද තම පටු වාසි බලන වගකිවයුතු දේශපාලකයන් අන්ධයන් ගොළුවන් බිහිරන් සේ හැසිරෙන්නේය.අනේ !!! රටකට ගිය කල.
මේ මහා අපරාධය පිටුපස ඉන්න විදේශික පුරවැසියාව රටේ භාවිත හැම මුදල් නෝට්ටුවේම සිය වලංගු අත්සනත් යොදන ඉතා බලගතු තනතුරක් වෙන සිරි ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ ද ?
මේකට සම්බන්ධ දේසපාලුවෝ රොත්තට නම් තාම ප්‍රශ්නයක් නැහැ වගෙයි.
බැදුම්කරේ බැදුම්කරේ කියලා අල්ලන් දඟලන්නේ ? අපිට මේවා වැඩක් නෑ..... ගරු අගමැතිතුමා අපිට විශ්වාසයි..
විදෙස් පුරවැසියෙක් වන තම යාළුවව මහා බැංකුවේ ලොකු පුටුවට දාලා වංචාව උනහම රට පැන්නම ගියේ මගුල් ගෙදරක කිව්වා කෙනා අද තාමත් ලොකු පුටුවේ මුකුත් උනේ නැහැ වගේ ඉන්නවා.
අගමැතිකම නැතිවුණාට පස්සේ අල්ලන්න ඉන්නවද දන්නේ නැහැ..
දැන් කාලෙකට ඉස්සෙල්ලා හුළුගල්ල කියලා තවත් ලෝකෝත්තරයෙක් හිටිය නේද? මට මතකයි, `ලටෙක්` කාරයත් එක්ක පටලවිච්ච කේස් එකක් එහෙමත් තිබුණා!