(බිඟුන් මේනක ගමගේ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට හැකිදැයි සොයා බලන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව කඩිනමින් නඩු පවරන බවට පවසා බලයට පැමිණිය ද ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩු පැවැරිය හැකිදැයි සොයාබලන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද(16) පැවැසීය.
මෙම ගනුදෙනුවේදී සේවක අර්ථසාක අරමුදල අවභාවිත වී ඇති බවට සාක්ෂි ඇතැයි ද ඒ අනුව මෙමගින් තමන්ට අගතියක් වී ඇති බවට ඕනෑම පුරවැසියකුට අධිකරණයට යාමට හැකි විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ ලංකාදීප ‘සඳුදා හමුව’ දේශපාලන සංවාදයේදී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් බාහිර පාර්ශ්වයකට නඩු පැවැරීමේ හැකියාවක් තිබේදැයි කියා ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.
බැඳුම්කර ගනුදෙනුවට වත්මන් ආණ්ඩුවේ හිතෛශීන්ගේ නම් ද ගෑවී ඇතැයි කී හෙතෙම එමනිසා ආණ්ඩුව ඊට එරෙහිව නීතිමය පියවරවලට යනු ඇතැයි අපේක්ෂා කිරීමට අපහසු යැයි කීවේය.
පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන රාජ්‍ය මූල්‍ය දූෂණවලට එරෙහිව අධිකරණමය කටයුතු කඩිනම් කිරීමට නම් කාරක සභා රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් නිරීක්ෂණ මට්ටමින් සම්බන්ධ කරගත යුතු යැයි ද පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ගෙන් හා මැලේසියාවේ මහතීර් මොහොමඞ්ගෙන් එම ආදර්ශය ලංකාවට ගත හැකි යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.
පොදු ව්‍යාපාර කාරක සභාවෙන් හෙළිවන දූෂණවලට නඩු නොදමන්නේ ඒවාට නීතිමය පසුබිමක් නැති නිසා නොව දේශපාලන පසුබිමක් ඇති නිසා යැයි ද රජයට අගතියක් වූ අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ නොවන්නේ නම් කාරක සභා හෙළිකිරීම්වලින් පලක් නොවනු ඇතැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
රාජ්‍ය මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු යැයි ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය ක්‍රියාත්මක වීම සම්පූර්ණ වන්නේ නඩු පැවරීම් ද සිදුවුවහොත් පමණක් යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අපේ මේ රතු මලයලගේ මේ ක්‍රියාව ගැන අප හදවතින්ම අගයන්නෙමු. මොකද කිසිවෙකු මහජන මුදල් , මහජන දේපොළ විනාශ කලේ නම් ඒ අයට විරුද්ධව කටයුතු කළ යුතුමයි. නඩු යන හැටි සොයා බලා කටයුතු කළ යුතුයි. එහිදී කිසිදු පාටක්, පක්ෂයක් අපට නම් අදාළම නැත. එලෙසම මේ රතු මලයලාගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ රතු මල්ලිලා 88/89 වකවානුවේ මහජන දේපොළ ගිනි තියලා විනාශ කරපුවටත්, මහජන දේපොළ මංකොල්ල කාපුවටත් තමන්ටම විරුද්ධව නඩු දාගන්න ක්‍රමයකුත් හෙව්වොත් නරකද කියායි. එම ක්‍රියාවලිදීත් අපටනම් කිසිදු පාටක් පක්ෂයක් වැදගත් නැත. මෙම පැනයට රතු මලයාලම උත්තර දුන්නොත් හොදයි. ඔහෙලගෙ වටේ ඉන්න එක එක අයගේ උත්තර නම් අපට වැඩක් නැත.ඉතින් රතු මලයලාට සිංහල කියවන්න පුළුවන්නේ. ඒ නිසා මේ අදහස් කියවලා තමන්ගේ හිතට එකගව උත්තර දෙන්නකෝ.
රටේ මහජන මුදල් කොල්ලකන අයට මහජනයා වෙනුවෙන් නීතිය ඉදිරියට යන්න බැරි නැත.
අපේ රටේ බහුතරයක් ජනතාව හොරු තමුන්ගේ පාලකයන් වෙනවට කැමතියි. ඒක නිසා ඕක වෙන්නේ නැහැ හදුන්නෙත්ති මන්ත්‍රීතුමෝ.