IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බන්ධනාගාරයට කුඩු ඇද්ද නියාමකට වැඩ වරදි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 300 ක් අඩංගු කුඩා පැකට් 96 ක් සමඟ මහර බන්ධනාගාරයේ නියාමකයකු අත්අඩංගුවට ගත්තේ යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

සැකකාර නියාමකවරයා බෙහෙත් ටියුබ් එකක සඟවාගෙන බන්ධනාගාරය තුළට රැගෙන යෑමට සූදානම් වූ මෙම හොරොයින් තොගය එම බන්ධනාගාරයේ දොරටුව අසළදී බන්ධනාගාර නිලධාරීන් කළ සොදිසියකදී සොයාගත් බවත් සැකකාර නියාමකවරයාගේ වැඩ තහනම් කළ බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 22 ක් සේවය කර ඇති 48 හැවිරිදි මෙම නියාමකවරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය ඉදිරි පරීක්‍ෂණ පවත්වන බවත් චන්දන ඒකනායක මහතා කීය.



අදහස් (0)

බන්ධනාගාරයට කුඩු ඇද්ද නියාමකට වැඩ වරදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site