IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බදුලු තැපැල් දුම්රියේ ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි

 

(නිමල කොඩිතුවක්කු)

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය රියදුරන්  අතිකාල දීමනා ලබාගැනීමේ අරමුණින් බණ්ඩාරවෙල දුම්රිය  ස්ථානය දක්වා ගමන් කිරීම හිතාමතාම ප්‍රමාදකිරීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත පසුගියදා (8) කළ අනාවරණයෙන් පසු ඒ පිළිබඳ  වහාම වාර්තාවක් කැඳවීමට   දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.

දුම්රිය ප්‍රමාදය සිදුකිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නාවලපිටිය ප්‍රවාහන අධිකාරී ඩබ්ලිව්. ජී. ඒ කරුණාරත්න මහතාට දැනුම්දී ඇත.

එම වාර්තාව ලැබීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

බදුල්ලෙන් පස්වරු 5.50ට කොළඹ බලා ධාවනය වන දුම්රිය පස්වරු 7.30ට බණ්ඩාරවෙලට පැමිණීමට නියමිතව තිබුණත් දිනපතාම එම දුම්රිය බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට ලඟා වනවිට රාත්‍රී 8.30 පසුවන බවට මගීහු චෝදනා කළහ.

බදුල්ල සිට  බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයට කිලොමීටර් 35ක දුරකින් සමන්විත අතර බොහෝ ස්ථානවල දුම්රිය වේග සීමා ඉවත්කර  තිබියදීත් මෙලෙස දුම්රිය හිතාමතා ප්‍රමාද කර ධාවනය කර ඇති බවද ඔවුහු සදහන් කරති.

බණ්ඩාරවෙළ දුම්රිය ස්ථානයෙන් දුම්රිය රියදුරන් මාරුවන අතර එම රියදුරු සහ සහායක කොළඹින් බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල්  දුම්රිය බණ්ඩාරවෙළින් රැගෙන පසුවදා උදෑසන යළි බදුල්ල බලා ධාවනය වීමට නියමිතය.

දුම්රිය ප්‍රමාද වී බණ්ඩාරවෙල බලා රැගෙන එනවිට  විට එම දුම්රිය රියදුරුට සහ සහයකට පසුවදා උදෑසන වනතෙක් අතිකාල දීමනා ගෙවන බැවින් ඔවුන් මෙසේ හිතාමතාම දුම්රිය ප්‍රමාද කර ධාවනය කරන බවද වාර්තා වේ.

මේ හේතුවෙන් දුම්රිය කොළඹ බලා ධාවනය කිරීමට ප්‍රමාද වන අතර එම මාර්ගයේ සියලුම දුම්රිය වලටත් මෙම ප්‍රමාදය බලපානු ලබයි. 



අදහස් (1)

බදුලු තැපැල් දුම්රියේ ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි

sachith Sunday, 13 September 2020 12:40 PM

තවත් කමිටුවක්, වාර්තාවක්, මගීන්ට වෙන සෙතක් නැහැ. උපරිම මේ කෝච්චි හිතාමතා පරක්කු කරන අය ස්ට්‍රයික් එකක් කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site