(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කින්නයාහිදී අද(14) පැවසීය.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනා 300ක් පමණ එල්ල වී තිබුණද එම චෝදනා හා බහුතරය කිසිදු පදනමක් නොමැති බවත් සමහර චෝදනා විභාග කර බැලුවත් පැමිණිලි කරන්නට කිසිවක් නොමැති බවත් රහස් පොලිස් වාර්තාවෙන් දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
“පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු යුද හමුදාපතිට බලපෑමක් කළැයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට මුලින්ම චෝදනාවක් එල්ල වුණා. පසුව යුද හමුදාපතිවරයා එවැනි බලපෑමක් නොකළ බව කියා තිබුණා.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ගැන රහස් පොලිස් වාර්තාව කතානායකවරයාට යවා තිබෙනවා.
මේ පිළිබඳව කාදිනල්තුමා මුණගැසී කරුණු දැනුම් දෙන ලෙස රහස් පොලිසියට සහ තේරීම් කාරක සභාවට පවසා තිබෙනවා. කතෝලික ජනතාවට සාධාරණ කෝපයක් තිබුණා ඒ ගැන විභාග කරන්න. කවුරුන් හෝ බාධා කරනවා දැයි ඔවුන් දැනගත යුතුයි.
මෙම රහස් පොලිස් වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස ඇතැමුන් කියා තිබෙනවා. එය ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරු දෙයක් නොවේ. එක වාර්තාවක් ප්‍රතික්ෂේප කළොත් පොලිසියේ සම්පූර්ණ විභාගයන් ගැන සැකයක් ඇතිවෙනවා.
නඩුවක් පැවරීමේදී පවා එවිට ප්‍රශ්නයකට මුහුණ දිය හැකියි. වාර්තාවේ කොටසක් පිළිගෙන කොටසක් පිළිනොගන්නේ කෙසේදැයි කවරෙකුට වුවත් විමසීමට හැකියාව තිබෙනවා. එය රහස් පොලිසියේ කටයුතු අඩපණ කිරීමක්” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
COMMENTS
සත්තකින්ම අපි නම් හරිම කාලකන්නි සිංහලුන්... මේවගේ නායකයින් යටතේ ඉන්න ලැබුණාට..
අම්මපා මේ අපේ සූත්තර පුංචාට එකපාරටම ආපස්සට හැරෙන්න හිතුනේ මොකද.? අපි දන්නවා අපි දන්නවා..." හරිම හොරා නේද මෙයා.. ඔය.." අපි දන්නවා බූරුවන් තෝරන මහතරගය නේද පුංචෝ...? අපි දන්නවා තරගෙට එන " වල් බුරුවන් " කවුද කියලා...
අනේ මෙහෙමත් කොන්දක් නැති යක්කු, පුදුමයක් පිරිමි වෙලා ඉපදෙන එක...
මේ මෝඩයා රටේ බහුතර සිංහල ඡන්ද පැත්තකට දමලා තම්බින්ගේ සුළුතර ඡන්ද ටිකට කෙළහලනවා. අන්තිමට වෙන්නේ මේකට සිංහල ඡන්ද ටිකත් නැතිවෙලා.. තම්බි ටිකත් සාටකේ එල්ලුණාම ඔක්කොම හරි..
බලයේ ඉන්න සිංහල ජාතිය පාවා දෙන. ඡන්දේ දීපු මෝඩයෝ කෝ
ලබන ඡන්දෙන් බලාගමු
රටක් වෙන කුමක් නම් බලා පොරොත්තු වන්නද. රටට , ජාතියට , ආගමට හෙන හතම ගැසූවද නිවටයාගේ අරමුණ නීචයින් තුරුලු කරගෙන තම බලය රැක ගැනීමය.
එතකොට දැන් පාර්ලිමේන්තුව කල යුතු දේ තීරණය කරන්නෙත් මෙයාද.
225 ම එපා.
මේ තරම් රට පාවා දෙන්නෙක් තවත් නැත.
බය නැති (හිස්තැනක්) විවිධ චෝදනාවලට වරදකරුවෙකු නොවුනද, තමන්ගේ ආණ්ඩුවේ චෝදනා සමග සිටින මෙවැනි චුදිතයින් ආරක්ෂා කරන අගමැති කෙනෙක්. වාර්තාව එනකොටම මෙයා හරි, මෙයා වැරදි නැහැ කියන තත්වෙකට පත්වෙනවා කියන්නේ. ඔය වාර්තාවද පලක් නැති එකක් බව හැඟේ.
කොහොමද ටිකිරි මොලේ
අපි මතු ආත්මදීවත් යු ඇන් පියට ඡන්දෙ දෙන්නේ නැහැ.
හරි අපි ඔය කියනදේ පිලිගන්නනම්, ඔය රහස් පොලිස් වාර්තාව ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරන්න. නිකන් පොදුජනයා රූකඩ කරන්න ලැහැස්ති වෙන්න එපා.
මේ වගේ අගමැතිවරයෙක් සිටීම ගැන ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතුය. ඊළඟ ඡන්දයෙන් අතුගාල දන්නා ඕනේ.
ශාෆි'ත් හරිම අහිංසක වෙයි. නිදොස් වෙයි. මොකද දොස්තරලට වඩා මව්වරු ගැන දැනුමක් පොලිසියට තියෙනවනේ.
ඔහොම යමු අපේ රටට ඉතින් අබ සරණි........